ජනමතය විමසන්න නොයයි… 20 සංශෝධනයේ එම වගන්ති ඉවත් කරයි..

October 21, 2020 at 6:48 pm | lanka C news
ජනමතය විමසන්න නොයයි… 20 සංශෝධනයේ එම වගන්ති ඉවත් කරයි..

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුල ඇති ජනමත විචාරණයකට ලක් විය යුතු වගන්ති ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනමත විචාරණයක් ගෙන ආ යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය වී ඇති වගන්ති ඉවත් කරන බව ඇමති මහාචාර්ය ජී එල් පීරිස් හා අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කළහ.

එමෙන්ම අධිකරණ නිගමනය පරිදි සහ නීතිපතිවරයා අධිකරණයට දැන්වූ පරිදි එම පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බවද ඔවුහු පැවසූහ.

40,765 views

15 Comments to “ජනමතය විමසන්න නොයයි… 20 සංශෝධනයේ එම වගන්ති ඉවත් කරයි..”

  1. Suranimala says:

    අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී කල කතාව මම සජීවීව එක්තරා නාළිකවකින් මම නැරැරබුවා . එතුමාගේ චතුර කතිකත්වය දැක මා මවිත උනා .මගේ නිගමනයට අනුව දැනට පාර්ලිමේන්තුවේ සිටින සුපිරිම කතිකයා ඔහුයි. එම කතාවේදී 20 පිළිබද සියලුම දුර්මත නැතිකලා .

    • ක්‍රිමිනල් says:

      ට’හුඩු ! හම්බයව පතුරු ගහන්න ඔනේ කියපු තැරිදාර පුන්නක්කු බෛයන්ට අලි සබ්‍රී ජාතික වීරයෙක් වෙලා… ඔන්න ඔකයි බෛයන්ගේ දේශප්‍රේමේ..😂😂😂😂

      • හේමා says:

        20 කියල ගෙනහල්ල තියෙන්නෙත් 19යක්මනෙ…

    • Nimal says:

      සහතික ඇත්ත, මෙහෙ කොමෙන්ටු කොටන සමහර ජවිපා බත් බැලයෝ කියපු කතා නිසා මටත් පොඩි සැකයක් තිබුන, මොහු ඉතාම ලස්සනට සියල්ල විග්‍රහ කලා , තව දුරටත් 20 ගැන අඩා වැටි පල නැත, විය යුත්ත එලෙසම සිදුවෙමින් පවතී

    • Land Of PNs says:

      වඩින්න මැතිදුනේ !!
      ඔබ පොම්පියෝ මුන් පිම්පියෝ
      කොරෝනාා මල් පොකුරු වී, 20 පාවඩයක් වී MCC මග සරසා ඔබ පිලිගන්න සියල්ල සූදානම්..!
      මෙම මස අවසාන සතියේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලංකාවට පැමිණීමට නියමිත බව දැනගන්නට තිබේ.
      ජනයාග‌ෙන් හා වාහන වලින් නගර, ගම්, වීදි හිස් කර පොම්පියෝ උතුමානන්ට රිසිසේ සැරිසැරීමට සුදුසු වටපිටාව සැකසීමට කොරෝනා පොකුරු මතු කරමින් ස්වභාවධර්මයාද ද‌ෙන්නේ අරුම-පුදුම සහයකි.

    • COBRA says:

      අලි සබ්‍රි වැනි මුස්ලිම් ජාතිකයකුට අධිකරණ ඇමතිකම දුන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට ..සුලුජාතිකයකුට අපේ රට ජාතිය ගැන ආදරයක් වගකීමක් නැහැ ..රටට හෙන ගැහැව්ත් සුළුජාතීන්ට කමක් නැහැ ඔවුන්ගේ මඩිය තර වෙනවා නම් ඕනෑම දෙයක් කරාවි

    • Devaka says:

      සබ්‍රි මහත්තයගේ කතාව වගේ ද අපේ මහින්ද මහත්තය කොලයක් බලාගෙන කරපු කතාව .ඇත්තෙන්ම ඒක දැක මට ඇති උනේ කණගාටුවක් .ඒකෙන් මුලු රටටම පෙන්නුම් කලා තවදුරටත් අග්‍රාමාත්‍ය දූරයේ රැදී සිටීමට කායික හා මානිසික ශක්තියක් එතුමාට නැති බව .අටලෝ දහම අප තේරුම් ගත යුතුයි .කෙසේ නමුත් එතුමාට දීර්ඝායු පතනවා.

  2. Modaya says:

    Whatever they say and do will be of no use. We are heading in the wrong direction.

  3. Janaka says:

    මහින්ද නිකායේ මුරුත්තෙට්ටුවේ ආනන්ද ඇතුලු හාමුදුරුවරු මේ රටේ බෞද්ධයෝ කිසිවෙක් ඔහුන් සංඝයා වහන්සේලා ලෙස පිලිගන්නේ නෑ .උන්වහන්සේලාගේ පැටිකිරිය මේ රටේ මිනිස්සු දන්නවා .ජනාධිපති තුමා වහාම වාසුව කැබිනට් මංඩලයෙන් ඉවත් කල යුතුයි .

    • Nalin says:

      වලේ පයයි ගොඩ පයයි සිටින වාසුවට දැන් සිහිකල්පනාව අඩුයි . ජනාධිපති ට එදා සිටම අංචි අදින වාසුව පන්නා දැමිය යුතුමයි.

    • Manoj says:

      මුරුතෙට්ටුවේ ආනන්ද හිමි රාජ්‍ය අනුග්‍රහයෙන් අබයාරාමයේ පාර අයිනේ සාදා ඇති ගොඩනැගිල්ල දැනට රුපියල් ලක්ශ 50ක මාසික කුලියට චීන ජාතිකයෙකුට බදු දී ඇත .මේවාට නිසියාකාරව රජයට ආදායම් බදු ගෙවනවා දැයි වහා සොයා බැලිය යුතුයි .

      • test says:

        තොට කහනවද ඉතින්.. ඊට කලින් බලපන් තොගෙ බැසිල් හාමුට මල්වානෙ මාලිගා හදන්නයි බේබිලට ටීවී චැනල් දාන්නයි ආච්චි අම්මලගෙන් මැනික් මලු ආවෙ කොහොමදැයි කියල

      • Saman says:

        හහා , ඒක තමා එහෙනම් ආනන්ද සිවුර උස්සගෙන මහින්දට කඩේ යන්නේ .

  4. කට කහනවා says:

    යහපාලන ආණ්ඩුව චන්ද තියන්න බය වුනා වගේ මේ අය දන්නවා දැන් ජනමතය විමසුවොත් බඩුම තමා කියල.

  5. ටි says:

    ඇයි ජනමත විචාරනේකට බයයිද?

Main News