ජනමත විචාරණයකට රජය සූදානම්..?

September 29, 2020 at 10:00 am | lanka C news
ජනමත විචාරණයකට රජය සූදානම්..?

පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ව්‍යවස්ථා පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.

නීතියට පිටින් කටයුතු කිරීමට රජය කිසිම අවස්ථාවක අදහස් නොකරන බවද ඔහු සඳහන් කළේය.

රජය අධිකරණයටද පාර්ලිමේන්තුවට ද ඉතා සාවධාන වන ඔහු පැවසීය.

ඇමතිවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම සංශෝධනය සිදුවන්නේ පැවැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යාම බවත් මෙහි මූලික අරමුණ වේගවත් ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීම බවත්ය.

කෙසේ නමුත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය ජී එල් පීරිස් මහතා සඳහන් කරන්නේ ජනමත විචාරණයට තුඩු දෙන කරුණු කිසිවක් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු නොවන බවයි.

මේ අතර කැබිනට් ප‍්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පවසන්නේ 20 වන සංශෝධනයට ජනමත විචාරණයක් පවත්වන ලෙස අධිකරණය දැන්වුවහොත් ජනමත විචාරණයකට තුඩු දෙන කරුණු ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

44,278 views

18 Comments to “ජනමත විචාරණයකට රජය සූදානම්..?”

  1. Saradiel says:

    මොන විදියට ආවත් 20 න් ජයගන්නවා අනගාරික තුමා කියාපු කලු සුද්දන් පරදිනවා

    • Hera says:

      2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සළකා බලන්නේ නැද්ද? 70වන ව්‍යවස්ථාව සංශෝධනය ගැන මොකද කියන්නේ….

    • saman says:

      සල්ලි කන්නේ නැතිව නව ව්‍යවස්ථාවක් ගෙනෙල්ලා. බලය දුන්නේ පැලැස්තර වලට නෙමේ නව ව්‍යවස්ථාවක් ගෙන්න.

  2. yako. chanda dun minissu 20 mokadda kiya denagena chandaya dunne nehe. 90 ranil. maitree epa una nisa gotabaya hondayi kiya thama vote kale
    20 ta janathawa anumethiya denawa thaba eka mokadda kiyalawath api danne nehe.

  3. saman says:

    අපි කොහොමත් 20 දිනවනවා. අපට ඔනෑ රට හදන්න

  4. KDS says:

    Janamatha Vicharane di hora chanda dala wade kara gani, api nodanna MR and Basil

  5. දුටුගැමුණු says:

    කාලකන්නි ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කර ශ්‍රී ලංකාව තුල ගෝථාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රජෙක් ලෙස පත්කර ගෙන රජවරුන් ගේ යුගයක් යලි හෙලබිම තුල ස්ථාපනය කල යුතුය