ජනමත විචාරණයකට රජය සූදානම්..?

September 29, 2020 at 10:00 am | lanka C news
ජනමත විචාරණයකට රජය සූදානම්..?

පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ව්‍යවස්ථා පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.

නීතියට පිටින් කටයුතු කිරීමට රජය කිසිම අවස්ථාවක අදහස් නොකරන බවද ඔහු සඳහන් කළේය.

රජය අධිකරණයටද පාර්ලිමේන්තුවට ද ඉතා සාවධාන වන ඔහු පැවසීය.

ඇමතිවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම සංශෝධනය සිදුවන්නේ පැවැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යාම බවත් මෙහි මූලික අරමුණ වේගවත් ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීම බවත්ය.

කෙසේ නමුත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය ජී එල් පීරිස් මහතා සඳහන් කරන්නේ ජනමත විචාරණයට තුඩු දෙන කරුණු කිසිවක් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු නොවන බවයි.

මේ අතර කැබිනට් ප‍්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පවසන්නේ 20 වන සංශෝධනයට ජනමත විචාරණයක් පවත්වන ලෙස අධිකරණය දැන්වුවහොත් ජනමත විචාරණයකට තුඩු දෙන කරුණු ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

44,405 views

18 Comments to “ජනමත විචාරණයකට රජය සූදානම්..?”

  1. kamal says:

    කහකුඩු ගැන හා අනිත් රජයට රජාසන්තක කරගන්න දේවල් ගැන අචාර ධර්මය
    නිතිවරු දන්න ධර්මය මම කියන්නෙ රජයට පවරාගන්න ඔන දෙයක් රජයට පාවිච්චි කරන්න පුලුවන්. මොකද හැම හොරකමෙන්ම වෙන්නෙ අසාධාරණයක් ඒ ආසාධාරණය සාධාරණය කරන්නෙ රජය මගින් රාජසන්තක කරගැනිමෙන්. මානව අයිතිවාසිකම් කියන්නෙ පඤ්චස්ක්නධය රැකිම නෙවෙයි සත්‍යය රැකිමයි. එයින් තමයි විශ්වයේ ඉන්න මානවයන් රැකෙන්නෙ. මිට කිරිබත්ගොඩ හිමිගෙන් අචාර්ය උපාධිය සම්පුර්ණ කර බ්‍රහ්මචාරි කමල් හෝ දියසෙන් කුමාරයා

  2. fass says:

    Karunakara Janamatha wicharanayak thiyanna, Parliament eke gobba haththa mekata wirudda unta kelawena nisa. Api nam ekenma kamathi.

  3. kamal says:

    ජනමත විචාරණයකට ගොස් මුදල් නාස්ති කරන්න ඔන්නෙ නැ. දන්නෙ නැත්තම් අහන්න නිතිපති තුමා නිතිය. කලින් තිබුණු තත්වයකට යථා තත්වයට පත් කිරිමට නිතියෙන් ඉඩ තියෙනවා. එයට වැරදි සංඥා මත වෙනස් විම ගැන ආයත සංවරය තියෙනවා.

  4. Priyantha says:

    මෙම ව්‍යවස්ථාව හදන්නේ මේ ජනාධිපතිතුමන්ට නොවේ…එනිසා ද්විත්ව පුරවැසිභාවය..විගණන පනත..අමාත්‍ය දූර සංඛ්‍යාව වැනි ගැටළු නිරාකරණය වන ලෙස සංශෝධනය කර ඉක්මණින් අනුමත කර ගන්නේනම්..ඉතාම යෝග්‍යයි…කල් මැරීම වෙනත් ගැටළු රාශියක ආරම්භ⁣යක් වනු ඇත..

  5. Appuwa says:

    Bayawela wage. …

  6. නවින් says:

    19යටද? 20ටද?

  7. lotus says:

    Do u have money for election? we haven’t money even to buy a bread.

  8. kkuruwita says:

    පෙත්සම් 39 යම NGO නඩ වලත් උන්ගේ දේශපාලන වහලුන්ගෙ නාඩගමක්. කොහොම හරි රට ආපස්සට යවල රට විනාශ කරල බලය ගන්න දඟලන විහිලු කාරයන්ගේ වැඩ .

  9. 77 UNP says:

    19 සම්මත කලේ 2/3 පමනකින් මිසක් ජනමත විචාරනයකින් නොවේ. එහෙම තියෙද්දි 19 ඉවත්කරන්න ජනමත විචරනයක් ඕනෑ කියන්නෙ මොකටද ? ඒ පදනමේ ඉදන් කෙලින්ම 19 අහෝසි කල යුතුයි. වැඩිමනත් දේවල් එකතුකලාමනේ විපක්ෂයේ ද්‍රෝහීන් බයිලා ගහන්නෙ.

  10. PULATHISI says:

    පසුගිය මැතිවරණයේදී 19 අහෝසිකර 20 ගෙන ඒමට ජනතාව 2/3 බලයක් දෙන ලදී. එහෙනම් මොනවද මේ හතර බීරි කතා.?
    මැ.කො. ලට තවත් හොද්දක් බොරකරගන්න පාර කපලා 19 තියාගෙන 20 අහෝසි කරන්නද? මේක ඩීල් එකක්ද?

Main News