ජනමත විචාරණයක්.. ඉන් පසු හදිසි මැතිවරණයක්..

June 13, 2019 at 10:08 pm | lanka C news
ජනමත විචාරණයක්.. ඉන් පසු හදිසි මැතිවරණයක්..

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව තිබේ.

19 වන සංශෝධණය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කිරීමට අපහසු තත්ත්වයක් මතුව ඇති නිසා ජනමත විචාරණයක් හරහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනතාවගේ අවසර ලබා ගැනීමට ජනාධිපතිවරයාට ඉඩ ඇති බවද ඔවුන් අතර සාකච්ඡා වෙමින් ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද අදහස් පළ කළේය.

සම්පූර්ණයෙන්ම රට අරාජික වී ඇති නිසා මේ මොහොතේ කළ යුතු දේ හැකි ඉක්මනින් ජනමතවිචාරණයක් හා බලය ලබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම බව ඔහු සදහන් කලේය.

එමෙන්ම දිගින් දිගටම මණ්ඩලය රැස් නොකර සිටි වුනොත් ව්‍යවස්ථානුකූලව අගමැති ධුරය අහෝසි වන බවත් ඉන් පසු නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවා නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට සිදු වන බවත් ඔහු කියා සිටියේය.

නමුත් පවතින පාර්ලිමේන්තු සංයුතිය මත නව ආණ්ඩුවක් පිහිටුවීම එතරම් සාර්ථක නොවන නිසා වඩා සුදුසුම දේ වන්නේ ජනමත විචාරණයක් හරහා බලය ලබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

60,038 Viewers

10 Comments to “ජනමත විචාරණයක්.. ඉන් පසු හදිසි මැතිවරණයක්..”

  1. CHAMINDA -SADA STF says:

    DO WHAT EVER BUT IT HAS TO BE PEOPLE’S GOVERNMENT, NFG ANYMORE….
    THIS IS THE LAST SESSION OF THE TOTAL SRI LANKAN SINHALESE…. SO THE GOVERNMENT MUST BE WITHIN PROUD SRI LANKAN ONLY….

  2. Kamal says:

    Ikmaninma janamatha wicharanaya thiyanna.

  3. Mangala says:

    Kelinma mathiwaranayak thiyanne nathuwa mokada janamatha wicharanayak.Ekatath mahajana mudal kandarawak yata karanna ona neda. Bale inna thiyena kadarakama.

  4. Open mind says:

    ජනමත විචාරණයට යන මුදල්……ඇයි ජනාධිපතිවරණයට ඔය තරම් බියවන්නේ.

  5. NAK says:

    Good if Sirisena has backbone to do it.

  6. රාහුල කොලුවා says:

    පරමාධිපත්‍ය ඡනතාව සතු නම්, ඔවුන් තෝරා ගත් නියෝඡිතයන් 225 විසින් දුර දිග නොබලා පාර්ලිමේන්තුවේ අනුමත කල 19 සංශෝධනය හේතුවෙන් රට අරාඡිකත්වයකට යන්නේ නම්, (දැනටමත් එය සිදුව ඇති නිසා) එම සංශෝධනය අවලංගු කල යුතු බවට පරමාධිපත්‍ය හිමි ඡනතාවම ඡනමත විචාරණයකින් ඡනපතිට අනුමැතිය දුනහොත් 19 සංශෝධනය නීතිය ඉදිරියේ නිශේධනය නොවන්නේද..?

  7. mangala says:

    Paradinabawa therunama thawa mona upparawattiyak karannada danne naha kalpanawa. Munn hithanne thamunge wasiya ganamai. Ane mehemath hodapalu yamapalanayak.

  8. Ariyathilaka says:

    දැනට ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයට විසදුමක් වශයෙන් ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමේ කතිකාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ජනාධිපතිවරයාට ඒ සදහා ප්‍රතිපාදන තිබේද යන්න විමසිය යුතු. ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් කැදවීම සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ඇත. එය ද පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරන්ගේ (නොපැමිණි සංඛ්‍යාව ඇතුලුව) සංඛ්‍යාවෙන් ⅔ කට නොඅඩු මන්ත්‍රීන් සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්මත විය යුතුය. දැනට ඇතිවී තිබෙන දේශපාලන විසංවාදය අනුව එය එසේ සිදුවේයැයි නොසිතිය හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වන සහ 86 වන වල මේ පිළිබදව ප්‍රතිපාදන දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වැනික් ව්‍යවස්ථාවේ “ ජනාධිපතිවරයාට ජාතික වැදගත්කමකින් යුත්ත යයි ඔහු විසින් සලකන්නා වූ කාරණයක් 85 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේය.” යනුවෙන් ව්‍යවස්ථාපිතය.

    • Ariyathilaka says:

      “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වැනික් ව්‍යවස්ථාවේ” යන්න ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වැනි ව්‍යවස්ථාවේ ” යනුවෙන් සංශෝධනය විය යුතුය.

  9. Ariyathilaka says:

    දැනට ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයට විසදුමක් වශයෙන් ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමේ කතිකාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ජනාධිපතිවරයාට ඒ සදහා ප්‍රතිපාදන තිබේද යන්න විමසිය යුතු. ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් කැදවීම සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ඇත. එය ද පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරන්ගේ (නොපැමිණි සංඛ්‍යාව ඇතුලුව) සංඛ්‍යාවෙන් ⅔ කට නොඅඩු මන්ත්‍රීන් සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්මත විය යුතුය. දැනට ඇතිවී තිබෙන දේශපාලන විසංවාදය අනුව එය එසේ සිදුවේයැයි නොසිතිය හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වන සහ 86 වන වල මේ පිළිබදව ප්‍රතිපාදන දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 එඅන ව්‍යවස්ථාවේ “ ජනාධිපතිවරයාට ජාතික වැදගත්කමකින් යුත්ත යයි ඔහු විසින් සලකන්නා වූ කාරණයක් 85 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේය.” යනුවෙන් ව්‍යවස්ථාපිතය.

Main News