ජනමත විචාරණයක් පවත්වනවා.. ශ‍්‍රීලනිපයත් සහය දෙනවා.. – ආණ්ඩුව නිල වශයෙන් කියයි..

February 9, 2017 at 1:20 pm | lanka C news
ජනමත විචාරණයක් පවත්වනවා.. ශ‍්‍රීලනිපයත් සහය දෙනවා.. – ආණ්ඩුව නිල වශයෙන් කියයි..

ශ‍්‍රීලනිපයේද සහයෝගය සහිතව ජනමත විචාරණයකට යාමට ආණ්ඩුව සූදානම් බව සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

13 වන සංශෝධණය පදනම් කර ගත් විසදුමක් සහිතව නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ඉදිරියේදී ගෙන එන බවත් ඒ සදහා මෙම ජනමත විචාරණය පැවැත්වෙන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ වන තෙක් යෝජිත නව ව්‍යවස්ථාවේ එකම වගන්තියක් හෝ සකස් කර නැතැයිද ඇමතිවරයා පැවසීය. ඇමතිවරයා මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

81 views