ජනමත විචාරණයක් ස්ථිරයි..
August 9, 2017 at 6:48 pm | lanka C news
පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
ඉලෙක්ෂන් ෆෝබියා නැතිනම් ඡන්ද භීතිකා නමැති භයානක රෝගයෙන් මේ ආණ්ඩුව පෙලෙනවා. ඒක ජලභීතිකා රෝගයටත් වඩා භයානකයි. සීමා නිර්ණයක බොරුවට එල්ලිලා අවුරුදු දෙකහාමාරක් පුංචි ඡන්දය කල් දාපු ආණ්ඩුව දැන් ඔන්න පළාත් සභා ඡන්දයටත් අත තියලා. පළාත් සභා මැතිවරණ සියල්ල එක දවසක පැවැත්විය යුතු බවට කියන විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සිකුරාදා ගැසට් මගින් ප්‍රසිද්ධ කළා. පළාත් සභා මැතිවරණ සියල්ලම 2019 සැප්තැම්බර් දක්වා කල් දැමීම මේ සංශෝධනයේ අරමුණයි. සමහර විට මේ සංශෝධනයෙන් පස්සේ පළාත් සභා මැතිවරණ කවදාවත්ම පවත්වන්නේ නැතුව ඉන්නත් අවස්ථාව ලැබෙනවා.
මේකේ යෝජනා කර තිබෙනවා 154ඈඈ නමින් අළුත් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන්න. මෙම වගන්තියෙන් මෙහෙම කියවෙනවා. සියළුම පළාත් සභාවලට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගැනීමේ වගකීම එකම දිණයක පවත්වනු ලැබිය යුතු අතර මෙම පරිච්ඡේදයේ නිශ්චිත දිනය ලෙස සදහන් කරණු ලබන සියළුම පාලාත්සභා විසිරෙන දිනය පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේය. එසේ වුවද ඒ නිශ්චිත දිනය අවසානයට සංස්ථාපනය කරනු ලැබු පළාත් සභාවේ ධුර කාලයට පසු දිනයක් නොවිය යුත්තේය. පළාත් සභා මැතිවරණ සියල්ල එක දවසක පවත්වනවා. ඒ දවස පාර්ලිමේන්තුව විසින් තීරණය කරනවා. ඒ වගේම ඒ දිනය අවසානයට සංස්ථාපනය කළ පළාත් සභාවේ ධූර කාලය අවසන් වීමට පෙර දිනයක් විය යුතු බවට සඳහන් වෙනවා. ඒ අනුව නම් අවසන් වරට සංස්ථාපනය කලේ 2014 සැප්තැම්බර් මාසයේ ඌව පළාත් සභාව. මේ බර වචන වලින් කියන්නේ 2019 සැප්තැම්බර් වෙන කම් පළාත් සභා ඡන්දත් නෑ කියන එකයි.
වත්මන් ව්‍යවස්ථාව සහ පළාත්සභා ඡන්ද විමසීම් පනත අනුව පළාත් සභාවේ පළවෙනි රැස්වීමේ ඉදන් හරියටම වසර පහක් සපිරෙන දිනයේදී පළාත් සභාව ඉබේම විසිර යනවා. එවිට මැතිවරණ කොමිසමට බලය තිබෙනවා මැතිවරණය කැදවන්න. නමුත් මෙහිදී මැතිවරණ තියන දිනය පාර්ලිමේන්තුවයි තීරණය කරන්නේ. මේ කියන දිනය පාර්ලිමේන්තුව කවදාවත්ම තීරණය නොකළොත් මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවට පනතක් හෝ යෝජනාවක් සම්මත කරන මෙන් තීන්දු දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයටවත් බලය නෑ. ඒ නිසා නැවත ඡන්දයක් නැතුව පවතින පළාත් සභා දිගටම ක්‍රියාත්මක වෙනවා. මේක 2019 සැප්තැම්බර් මාසය දක්වා ඡන්දය කල් දැමීමක් වෙන්නත් පුළුවන් ඒ නැත්නම් පළාත් සභා මැතිවරණ සදහටම අහෝසි කිරීමක් වෙන්නත් පුළුවන්. කෝ එතකොට අර රටට ගේනවා කියපු තරු පහේ ප්රජාතන්ත්රවාදය. සුපිරි යහ පාලනය.
මේ පනත ජනතාවගේ ඡන්ද බලය සහ පරමාධිපත්‍ය ගැන කියැවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තියට පටහැනියි. 1982 ලාම්පු කළ ගෙඩි ජනමත විචාරණය පවත්වන්න වුණේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම තුන්වන වගන්තියට පටහැනි නිසා. තුන්වන වගන්තියට පටහැනි ව්‍යවස්ථා සංශෝධනයක් වෙනවනම් ඒක තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කරලා විතරක් මදි. ජනමත විචාරණයකට යොමුකර ජනතාවගේ කැමැත්ත ද ලබාගත යුතුයි. නමුත් මේ සංශෝධනයේ කොතනවත් කියවේනනේ නෑ මේක ජනමත විමසුමකට ඉදිරිපත් කරනු ලබන බව. ඒ නිසා මේ පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කරන මෙන් නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළා. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මමත් මහචාර්ය ජී එල් පීරිස් මැතිතුමාත් මේ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න තීරණය කළා. දැනටම පෙත්සම් හදලා නීතිඥයින් තෝරා ගෙන ඉවරයි. කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම අපේ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනවා.
මෙය ගිය සිකුරාදයි මුද්‍රණය කලේ. ඒ නිසා සති දෙකකට පසුවයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පුළුවන්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පසුවයි අපට මෙය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුළුවන් වෙන්නේ. අපි දත කට මැද ගෙන බලා ඉන්නේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න.
– අරවින්ද අතුකෝරල
රටට ජනතාවට ජයවේවා ! ඔබතුමාලට ජයවේවා !!
Whether politicians like or dislike it’s people’s right in a democracy.
No one can and should touch that right.
RIGHT TO VOTE….
FIGHT FOR OUR RIGHT
රනිල් සිරිසේන යමපාලනය බංගවේවා
Mage Ratata theruwan sarani , devepihiti.
Hena seven ma gahapiya ! ! ! ! ! ! !
kaatada tharas? gammaapilaatada?
So, if PC will be demolished of this action, be it. Who ask PC system to this country? Indian. All citizens of Sri Lanka to be shamed who goes to vote for PC. Let this white elephant be demolish naturally.
එතකොට පළාත් පාලන ආයතන චන්ද වලින් බේරෙන්න දෙන උත්තරේ මොකක්ද අවමංගල ගොය්යෝ ?
So, if PC will be demolished by this action, be it. Who ask PC system to this country? Indian. All citizens of Sri Lanka to be shamed who goes to vote for PC. Let this white elephant be demolish naturally.
එතකොට පළාත් පාලන ආයතන චන්ද වලින් බේරෙන්න දෙන උත්තරේ මොකක්ද අවමංගල ගොය්යෝ ?
රටට ජනතාවට ජයවේවා ! ඔබතුමාලට ජයවේවා !!
අනිවාර්යනේම මෙයට විරුද්ධව අධිකරණයට යා යුතුමයි….