ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපති නීතිපති මතය විමසයි.. පාර්ලිමේන්තුවට යෝජනාවකුත්..

June 15, 2019 at 9:20 am | lanka C news
ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපති නීතිපති මතය විමසයි.. පාර්ලිමේන්තුවට යෝජනාවකුත්..

එළැඹෙන ජූලි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක යෝජනාවකින් සම්මත විය යුතු බැවින් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය ලබාගැනීමට සැලසුම් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සමග සමීපව ඇසුරු කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි පෙළ නායකයකු සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී නිදහස් පක්ෂයේ ප්‍රබලයා එජාපයේ දෙවැනි පෙළ නායකයාට පවසා ඇත්තේ පළමුවෙන් ජනාධිපතිවරණයක් පවත්වා පසුව මහමැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂයට හිමිවන්නේ ආසන පනහකට ආසන්න ප්‍රමාණයක් බවයි.

මේ අවස්ථාවේ මහ මැතිවරණයකට ගියහොත් දැනට එජාපයට ලැබී ඇති මන්ත්‍රීධුර ප්‍රමාණයම ලබාගැනීමට හැකි බවද නිදහස් පක්ෂයේ ප්‍රබලයා සඳහන් කර ඇත.

එජාපය පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ යෝජනාවට සහාය ලබාදුනහොත් ඒකාබද්ධ විපක්ෂයේද, ජනතා විමුක්ති පෙරමුණේ සහාය ගෙන තුනෙන් දෙකේ සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව ශ්‍රීලනිප ප්‍රබලයා එජාප දෙවැනි පෙළ නායකයාට පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවත්වීමට සඳහා අනුමැතිය ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයාගෙන් අදහස් විමසා ඇති බව වාර්තා වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේ මාර්තු මාසය තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිය.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක නීතිඥ නිෂාරා ජයරත්නගෙන් කළ විමසීමකදී පැවසුවේ එවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රිගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙහි තිබෙන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඡන්දයකට යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රකාශ කර ඇති බවයි.

මහමැතිවරණයක් පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කර එය සංශෝධනය කිරීමෙන් පසුව බව ඔහු සඳහන් කළේය.

– aruna.lk

44,588 Viewers

8 Comments to “ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපති නීතිපති මතය විමසයි.. පාර්ලිමේන්තුවට යෝජනාවකුත්..”

  1. Jonda says:

    How to escort Super Mums who dancing over that Channel. Is it possible via their marketing agents?

  2. Vesamuni says:

    aey okata ochchara wadawenne oya inne 225 ta baerida akachchandayen yojanawak sammatha karagena oya waede karanne?

  3. Gayantha says:

    වෙන්නේ නැති වෙන වෙන මගුල් කර කර ඉන්නේ. හෙටම කැදවනවකෝ ජනාධිපතිවරණයක්. ඒකට සියලුම බලතල තියෙනවානේ.

    • UD says:

      ජනාධිපතිවරණයක් වුණත් කළින් කැඳවන්න නම් ශේෂ්ඨාධිකරණයෙන් විමසන්න වෙනවා…
      ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් නොවැම්බර් මස 07 වන දා සිට දෙසැම්බර් 07 වෙනිදා දක්වාය.

  4. pisso says:

    ae ban mu yanne naththe

  5. Ariyathilaka says:

    දැනට ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයට විසදුමක් වශයෙන් ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමේ කතිකාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ජනාධිපතිවරයාට ඒ සදහා ප්‍රතිපාදන තිබේද යන්න විමසිය යුතු. ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් කැදවීම සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ඇත. එය ද පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරන්ගේ (නොපැමිණි සංඛ්‍යාව ඇතුලුව) සංඛ්‍යාවෙන් ⅔ කට නොඅඩු මන්ත්‍රීන් සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්මත විය යුතුය. දැනට ඇතිවී තිබෙන දේශපාලන විසංවාදය අනුව එය එසේ සිදුවේයැයි නොසිතිය හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වන සහ 86 වන ව්‍යවස්ථා වල මේ පිළිබදව ප්‍රතිපාදන දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86වැනි. ව්‍යවස්ථාවේ “ ජනාධිපතිවරයාට ජාතික වැදගත්කමකින් යුත්ත යයි ඔහු විසින් සලකන්නා වූ කාරණයක් 85 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ හැක්කේය.” යනුවෙන් ව්‍යවස්ථාපිතය.

  6. Ranjan says:

    BORU WEDA. No one form UNP / JVP/TNA will not support dissolution. Fellows are scared, knowing that there want be any chance of getting elected.

  7. sunimal says:

    ජය පතමු දොන් ජුවන් පන්නමු

Main News