ජනමත විචාරණයට පොහොට්ටුව විරුද්ද වෙයි..

June 17, 2019 at 6:48 pm | lanka C news
ජනමත විචාරණයට පොහොට්ටුව විරුද්ද වෙයි..

ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් කැදවීම සදහා ගන්නා උත්සාහයට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අකමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂ දෙකම කැමැත්ත පල කර ඇත්තේ නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමටයි.

වසර හතර හමාරකට පෙරාතුව පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන ආකාරය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණ විනිසුරුවන් 07 දෙනෙකු විසින් ඒකමතිකව ලබා දී ඇති තීන්දුවෙන් ජනමත විචාරණයකින් මහ මැතිවරණයක් පැවැත්විය හැකි බවත් දක්වා නැතැයිද පොදුජන පෙරමුණේ අදහස වී ඇත.

මෙමගින් ජනාධිපතිවරණය කල් දැමීමේ සැලසුමක සුවද දැනෙන බවත් ජනමතය දැන ගැනීමට අවශ්‍ය නම් දීර්ග කාලයක් තිස්සේ කල් දමමින් පවතින පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවද පොදුජන පෙරමුණේ ස්ථාවරය වී ඇත.

කෙසේ වෙතත් පවත්වන ඔ්නැම මැතිවරණයකින් ජය ගැනීමට තමනට හැකියාව ඇති බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.

42,904 Viewers

11 Comments to “ජනමත විචාරණයට පොහොට්ටුව විරුද්ද වෙයි..”

  1. Love nature says:

    නැවත ජනපති වීමේ තණ්හාව ඇති අයට

    මිනිසාගේ සසර ගමන දික්වනුයේත්, දුකට පත්වනුයේත්, ලෝභයෙන්, තෘෂ්ණාවෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පිරීගිය විටය. මනුෂ්‍යයෙකුගේ තෘෂ්ණාව වඩන දොරටු සයකි. ඇස, කන, නාසය, දිව, කය හා සිත යනු ඒ සයයි. පි‍්‍රය මනාප දෙයින් සතුට, පී‍්‍රතිය, සැපය අත්වන අතර අපි‍්‍රය මනාප දෙයින් අතෘප්තිය, දුක ඇතිවෙයි. මොහොතක් සතුටු වුවත් නිමේෂයක දී දුකට ම පත්වෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වශයෙන් උපදින සිතිවිලි තුළින් සෑම මනුෂ්‍යයෙක් ම මුලාවට පත්වේ. එසේ මුලාවට පත්වන සත්ත්වයා සතුට තෘප්තිය, ආශ්වාදය පමණක් අපේක්ෂා කරයි. මෙසේ සිත පිනවීමේ කෙළවරක් නොදැකීමෙන් යළිත් දුකට ම පත්වෙයි. දුක කොතෙකුත් වින්දනය කළත් නොසංසිඳෙන ආශාව නිසා විඳින දුක අමතක කර යළි සතුට සොයා නරකට ම, දුකට ම පත්වෙයි.

    • ගාමිණී says:

      පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර ජනාධිපතිවරණ පැවැත්වීමෙන් සිදුවන්නේ ශක්තිමත් විපක්ෂයක් සහිත ආණ්ඩුවක් ඊළග මැතිවරණයෙන් බලයට ඒමයි…

      • Vendi says:

        ජී ඇල් ට අවශ්‍ය මීලග පාර්ලිමේන්තුවට ශක්තිමත් ආණ්ඩුවක් හදාගැනීමට ඉඩ නොදී දුර්වල ආණ්ඩුවක් බිහිකරවා රට අවුල් කිරීමය.

  2. අපි සූදනම් says:

    මොන මැතිවරණේ ආවත් පොහොට්ටු අලි සීනු මේ පාර එලවනවා..
    මැතීවරණ නාවත් එලවනවා ..මේ ඔක්කොම ඩීල් කාරයෝ වග රටම දන්නවා

    • john says:

      Thats very good !!!. So next time also one of them will establish rule with support from extremist muslim and tamil parties and start dancing to minority extremism. Thats very good idiotic idea. Isnt it better to identify a non political work horse for presidency who has good support of a major political party either UNP or SLPP? Such a person will definitely give way for similar people inside the party and chase out the corrupted politicos.

  3. හෙලයා says:

    ජනමතවිචාරණයකට කෝටි ගනනක් වියදම් කිරීම නාස්තියක්. පඩ ෂෝ නැතිව ජනමතය බලාගන්න වහාම පලාත් සභා මැතිවරණය තියපන්. ඊලඟට ජනාධිපතිවරණය තියපන්.

    • NELNA says:

      චන්ද සදහා මුදල් යනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී න්‍ ය

      • බන්ඩා says:

        තියන්න ඹ්නා වැඩකට ඇති චන්දයක්. බොරු චන්ද නෙවෙය්. වහාම කල් දැමූ චන්ද තියපියව්. තව මාස 6කින් ජනාධිපතිවරණය තියපියව්. තවත් මාස තුනකින් පාර්ලිමේන්තු මැතිවරණය තියපියව්.

  4. වැඩ්ඩා says:

    මේපාර ජනාධිපති ප්‍රධාන පක්ශ වලින් නෙවේ. අලුත්ම බුලට් එකක්

Main News