ජනමත විචාරණයේදී ආණ්ඩුවේ පරාජය නියතයි.. කැදවන්න එපා.. – එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව රනිල්ට කියති..

December 5, 2016 at 2:10 pm | lanka C news
ජනමත විචාරණයේදී ආණ්ඩුවේ පරාජය නියතයි.. කැදවන්න එපා.. – එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව රනිල්ට කියති..

කිසිසේත්ම ජනමත විචාරණයක් නොකැදවන ලෙසත් එසේ කැදවුවහොත් ස්ථිර වශයෙන්ම පරාජය වන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මැති ඇමති කණ්ඩායම තදින් අවධාරණය කර තිබේ.

දැනට දින දෙකතුනකට පෙර පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී එහි සිටි සියළු දෙනා අගමැතිවරයාට ඒකමතිකව මේ අදහස ඉදිරිපත් කර ඇත.

ජනමත විචාරණයකට නොයා කල හැකි ව්‍යවස්තා වෙනස් කිරීම් සියල්ල කරන ලෙසත් ජනමත විචාරණයක් කැදවුවහොත් පරාජය ස්ථිර බවත් ඔවු අවධාරණය කර තිබේ.

මේ තත්වය මත නව ව්‍යවස්ථාවක් සදහා වූ ජනමත විචාරණය මෙන්ම නව ව්‍යවස්ථාව ගෙන ඒමද අර්බුදකාරී තත්වයට පත්ව ඇත.

15 views

7 Comments to “ජනමත විචාරණයේදී ආණ්ඩුවේ පරාජය නියතයි.. කැදවන්න එපා.. – එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව රනිල්ට කියති..”

  1. weera kappetipola says:

    රටක් ජාතියක් එති unp slfp මන්ත්රිවරුන්ගේ යුතුකම ව්‍යවතා සන්සොදනයේදී මොලේ පාවිච්චි කරලා වැඩ කරන එකයි.තමන්ගේ වාසියටම ඇත උස්සල ජනතාව ඉදිරියට ඇවිල්ල මෝඩ වෙන්න එපා. අපි බල ඉන්නේ රට ජාතිය තියෙන එවුන් කව්ද කියාලයි.රටක් ජාතියක් නැති එවුන්ට ඕනේ විදියට අත් උස්සල වරෙල්ල.දැන් මිනිස්සු සද්ද නොකර හිටියට කල්පනාවෙන් ඉන්නේ

    • ජනමත විචාරණයක් දීපල්ලා.... says:

      ව්‍යවස්ථා සංශෝධන ජනමත විචාරණය පරාජය වේ – ඉතාලි අගමැති ඉවත්වේ

      ඉතාලියේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වෙනුවෙන් පැවැත්වූ ජනමත විචාරණයෙන් අන්ත පරාජයක් ලැබීම හේතුවෙන් එරට වත්මන් අග්‍රාමාත්‍ය මෙට්ටිඕ රෙන්සි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

      මධ්‍යම රාත්‍රියේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් අගමැතිවරයා කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලයේ වගකීම තමා භාරගන්නා බවයි. ඒ අනුව, මෙම මැතිවරණයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් නොකළ යුතු බව කියා සිටි පාර්ශවයට අවස්ථාව ලබාදෙන බවයි.

      ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වය හෙවත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය යැයි කියූ පර්ශ්වයට ලැබී තිබුණේ 42% – 46% ත් අතර ඡන්ද ප්‍රතිශතයකි. නමුත්, ඊට එරෙහිව සිටි පාර්ශ්වයට 54% – 58% ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබුණි.

      ජනමත විචාරණය පරාජය වීම හා අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමත් සමග රෝම නගරයේ තැනින් තැන උත්සවශ්‍රීයක් ගෙන තිබූ බවද විදෙස් වාර්තා පවසයි. වසර දෙකහමාරක පමණ කාලයක් බලයේ සිටි මෙට්ටිඕ රෙන්සි නව ව්‍යවස්ථා සංශෝධනය හරහා රට ඉදිරියට ගෙනයන බව කියා සිටියත්, ඉතාලි ජනතාවගේ අපේක්ෂාව ඊට හාත්පසින්ම වෙනස් වී තිබූ බව මැතිවරණය ප්‍රතිඵලය පෙන්නුම් කර ඇත.

  2. mage Ratata -sinhalayata- hathurukam karana hema ekama hedigevila yanawa ikmanata

  3. Nareen says:

    Kohomath u.n.p. eke prathipalaya paraajayama thamai.Dahasak boru porondu deela, balayata avith janathaava hooragena kaala a badhu mudalin surasapa vindina aanduve naayakayan mathi amathi varunta ath vana iranama thamai pennum karanne.

  4. Vimarshana says:

    එංගලන්තය යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා පවත්වන ලද ජනමත විචාරණයෙන් එම රජය දැරූ මතය පරාජය වීම නිසා අගමැති වරයාට ඉල්ලා අස්මවීට සිදු විය. ඉතාලියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පවත්වන ලද ජනමත විචාරණය පරාජය වීම නිසා ඉතාලි අගමැතිවරයා ඉලා අස්වීමට තීරණය කර ඇති බව 05/12/2016 දිනැති Ceylon Today පුවත් පත වාර්තා කරයි. මේ අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනමත විචාරණය පරාජයට පත් වුවහොත්, රජය ඉදිරිපත් කරණ යෝජනා මහජනතාව ප්‍රතික්ෂේප කිරීම් හේතුකොටගෙන , අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය.

  5. Joha Kothalawala says:

    හෙට මහ මැතිවරණයක් තිබූනොත් ප්‍රතිඵලයක බොහෝවිට පහත පරිදි විය හැක
    1.රනිල් ප්‍රමුඛ එකසත් ජාතික පක්ෂයට ලැබෙන්නේ 42% ඡන්ද ප්‍රතිසතයකි ,
    2. මහින්ද ප්‍රමුඛ ශ‍්‍රීලනිප 52% ලබාගැනීමට හැකියාවක් ඇත ,
    3. මෛත‍්‍රි + රනිල් ප්‍රමුඛ එකසත් ජාතික පක්ෂයට 44% ලබාගැනීමට පුලුවන.
    4. මෛත‍්‍රි ප්‍රමුඛ ශ‍්‍රීලනිපට 8% පමන ලබාගැනීමට හැකියාවක් ඇත
    5.මෛත‍්‍රි+ මහින්ද ප්‍රමුඛ ශ‍්‍රීලනිප 55% වැඩි ප්‍රතිසතයක් ලබාගැනීමට පුලුවන
    6. මහින්ද ප්‍රමුඛත්ව පොහොට්ටුවට සීයයට 51% යි
    ඉහත කරුනු අනුව කවදාවත් රනිල්, මෛත‍්‍රි අත්හරින්නේ නැත, මෛත‍්‍රි මහින්ද සමග එක්වන්නේද නැත, එසේ නම් අපි ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් හැටියට රජයක් පිහිටුවීමට අවශ්‍යනම් මෛත‍්‍රිට රනිල් ප්‍රමුඛ එකසත් ජාතික පක්ෂයට සහයෝගය දේන්න කියා , මහින්ද ප්‍රමුඛ ශ‍්‍රීලනිප සමග පොදු විපක්ෂ ඉදිරියට ගෙන විදේශ බලවේග වලට යටත් නැති පොදු ජනතාවගේ වමේ රජයක් ගොඩ නගමු

  6. sinha le says:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    – අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

Main News