ජනමත විචාරණය පරදිනවාමයි මං අත්සන් කරන්නේ නෑ.. ජනපති-අගමැති අලූත් ව්‍යවස්ථා ගැටුම උපරිමයට එයි…

November 16, 2016 at 9:20 am | lanka C news
ජනමත විචාරණය පරදිනවාමයි මං අත්සන් කරන්නේ නෑ.. ජනපති-අගමැති අලූත් ව්‍යවස්ථා ගැටුම උපරිමයට එයි…

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක් සදහා වූ කෙටුම්පත මේ මස ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පක්‍ෂ නායක හමුවේදී තීරණය වී ඇත්තේ එම කෙටුම්පත විවාදයට පමණක් ජනවාරි මුල් සතියේ දින දෙකක් හෝ තුනක් වෙන් කිරීමටයි.

එය සම්මත කිරීම සදහා වූ ඡන්ද විමසීමට පසුව දිනයක් යොදා ගැනීමටද තීරණය වී ඇත.

මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් අගමැතිවරයාටත් ශ‍්‍රීලනිපයේ තමනට හිතවත් මන්ත‍්‍රී පිරිසටත් දන්වා ඇත්තේ ‘මේ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් තිවුවොත් අනිවාර්යෙන්ම පරදිනවා. මහා සංඝ රත්නය අනිවාර්යෙන් මේකට විරුද්දව පාරට බහිනවා. ආණ්ඩුවත් ඊට පස්සෙ ගෙනියන්න බැරිවෙනවා’ යන අදහසයි.

නමුත් ඊට ප‍්‍රතිචාර ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගේ නියෝජිතයින්ට දන්වා ඇත්තේ ‘අලූත් ව්‍යවස්තාව ජනවාරි 08ට කලින් ඇති කරගත් ජාත්‍යන්තර බැදීමක්. ඒක ඉටු කරන්න අපි බැදිල ඉන්නව. ඒක නොකලොත් අපිට ඊට වඩා ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනව. ඒ නිසා මේක කරන්නම වෙනව. ජනමත විචාරණයකට ගිහින් අවදානම අරගෙන කොහෙමහරි දිනන්නම වෙනව’ ආදී වශයෙනි.

කෙසේ වෙත්ත ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රි හිතවාදී මන්ත‍්‍රී පිරිස පවසන්නේ ‘ජනමත විචාරණයකට නම් මං අත්සන් කරන්නේ නෑ. මං අත්සන් කලොත් විතරනෙ ජනමත විචාරණයක් තියන්න පුළුවන්’ යයි ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග පැවසූ බවයි.

මේ අනුව නව ව්‍යවස්ථාව සම්බන්දයෙන් රනිල්-මෛත‍්‍රී දෙපාර්ශවය අතර උද්ගත වී ඇත්තේ මතබේදාත්මක තත්වයකි.

28 views

16 Comments to “ජනමත විචාරණය පරදිනවාමයි මං අත්සන් කරන්නේ නෑ.. ජනපති-අගමැති අලූත් ව්‍යවස්ථා ගැටුම උපරිමයට එයි…”

  1. sinha le says:

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදු දේශපාලනයකට ලඝු කළ නොහැකි බවත්,එය ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ කාරණයක් බවත් රාජකීය පණ්ඩිත,ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම යනු සිංහලයන්ට මරණ වරෙන්තුව නිකුත් කිරීමකට සමාන දෙයක් බව උනවහන්සේ කියා සිටියේ ජාතික සංවිධාන එකමුතුව ලෙස පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මෙම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභාවන්ට අදාළව තීරණ ගනු ලබන කමිටුවට ඇතුළත් වන 10 දෙනාගෙන් පස් දෙනෙකුම සුළු ජාතීන් නියෝජනය කරන බවත්,එහි සුළු ජාතීන්ට වැඩි තැනක් දී ඇති බවත් අභයතිස්ස හිමියන් අවධාරණය කළේය.

    එය බහුතර සිංහල ජනයාගේ මූලික අයිතිවාසිකමක් කඩවීමක් බව උන්වහන්සේ ගේ අදහසයි.

    එබැවින් සිංහලයන්ට එරෙහිව මෙම ව්‍යවස්ථා සංශෝධනයට අත ඔසවන්නේ නැතුව සි‍ටීමට මහජන නියෝජිතයින් වගබලාගත යුතුව ඇති බව අභයතිස්ස හිමි කියා සිටියි.

  2. anura says:

    කොහොමහරි දිනනවා කියන්නෙ??…අර ඒ කාලෙ.. ලාම්පු කළගෙඩි චන්දෙ දිනුවා වගේද?

  3. minimuthu says:

    අවිචාර සමය…පරන්ගින් ලන්කාවට පෑමින සිදුකල හරිය දෑන් නෑවතත් සිදුවෙමින් පවතී..

  4. KAMAL says:

    maha Pachaya sha kudaa Pachaya ARRU BOOWAN DENNATAMA AWEECHI MAHA NARAKADIYATA.bolaa denna ahinsaka sinhala janataawa rawatta rawatta hinaha wanawa. adoo maha pacaya ekennma umba nam pabakarantah wada lakunu aragena narakaa di wala pasawe.

  5. Wilson Thilakaratna says:

    They can’t cheat us any longer.

Main News