ජනමත විචාරනයෙන් ආණ්ඩුව ස්ථිරවම පරාදයි.. – ඇමති චම්පික

December 11, 2016 at 4:04 am | lanka C news
ජනමත විචාරනයෙන් ආණ්ඩුව ස්ථිරවම පරාදයි.. – ඇමති චම්පික

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ස්ථිර වශයෙන්ම ඉන් පරාජයට පත් වන බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ මේ මොහොත් නව ව්‍යවස්ථාවක උවමනාවක් නැති බවත් දැනට පවතින ව්‍යවස්ථාව සංශෝධනයක් සදහා පමණක් තම පක්ෂය එකඟ බවත්ය.

වත්මන් ආණ්ඩුවට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ වංචා චෝදනාද ජනමත විචාරණයක දී ඉතා අවාසිදායක ලෙස බලපානු ඇතැයිද ඔහු සදහන් කලේය.

56 views