ජනවාරියේ මේ දක්වා පමණක් බිලියන 259ක් (ටි‍්‍රලියන කාලක්) ණය ගැනිමට මිල ගනන් කැදවයි.. බැදුම්කර බෑනාගේ සමාගමත් ඉදිරියෙන්ම..

January 18, 2017 at 2:10 pm | lanka C news
ජනවාරියේ මේ දක්වා පමණක් බිලියන 259ක් (ටි‍්‍රලියන කාලක්) ණය ගැනිමට මිල ගනන් කැදවයි.. බැදුම්කර බෑනාගේ සමාගමත් ඉදිරියෙන්ම..

ගිය ආණ්ඩුව ගත් ණය ගෙවීමට ඇත්තේ නිතර පවසන වත්මන් ආණ්ඩුවට 2017 ජනවාරියේ මුල් දින 18 දි පමණක් රුපියල් බිලියන 259 ක් ලබාගැනිමට මහ බැංකුවේ දැන්වීම් කිහිපයක් මගින් මිල ගණන් කැදවා තිබේ.

මෙහි වැදගත්ම කරුණ වනුයේ රටේ මහත් ආන්දෝලනයකට ලක් කොට පාර්ලිමේන්තුවේ පවා කෝප් කොමිටිය හරහා විශාල හඬක් නැගු ප්‍රස්නගත මෙම සමාගම රජයට මුදල් ලබාදීමට සුදානමින් සිටි.

විපක්‍ෂය විසින් ද දැඩිසේ විවේචනයට ලක් කොට ඇති හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙ බෑනාගේ සමාගම ද මිල ගනන් කැදවා ඇති සමාගම් අතර කිසිම බාධාවකින් තොරව සිටින බව මහා බැංකුවේ පලකල දැන්වීම් අනුව පෙනේ.

සමාන්‍යයෙන් ගමක ඉතා කුඩා සොරොවුවක් වුව ඉදිකල ග්‍රාම සංවර්ධන සමිතිය පවා අඩුපාඩුවක් වූ විට එය රජයට කරන ලද හානියක් ලෙස රජයේ කොන්ත්‍රාත්කරුවන්ගේ ලැයිස්තුවේ අසාදු ලේඛනයට ඇතුලත් කොට එම පාඩුව පියවා ගැනිමට කටයුතු යොදයි.

එහෙත් මෙසා විශාල මහා පරිමාණයේ මූල්‍ය වංචාවක් සිදුකොට ඇතයි රජයේ පාර්ශවයන් විසින්ම චෝදනා කරන පාර්ලිමේන්තුවේ කෝප් කොමිටියේ මෙම ගනුදෙනු අන්ත දූෂිතයයි.

ලිඛිතව දැනුම් දී ඇති අවස්තාවකත් පර්පෙචුවෙල් සමාගම පසුගිය වසර දෙක තුල ඔහුන්ගේ ශුද්ධ ලාබය මහා බැංකුවට මුදල් සොයා දීම තුලින් රුපියල් බිලියන 12 කට වඩා උපයාගෙන ඇති අවස්ථාවක දී ශ්‍රි ලංකා මහා බැංකුව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම සාමාන්‍ය ජනතාවගේ හද ගස්වන ක්‍රියාවකි.

30 views
Main News