ජනවාරි 03 වොක්ස්වැගන් ෆැක්ටරිය අරඹනවා.. ගහන්න අත්පුඩියක්.. – සුජීව සේනසිංහ

December 18, 2016 at 2:10 pm | lanka C news
ජනවාරි 03 වොක්ස්වැගන් ෆැක්ටරිය අරඹනවා.. ගහන්න අත්පුඩියක්.. – සුජීව සේනසිංහ

වොස්ක්වැගන් කර්මාන්ත ශාලාව එළැඹෙන ජනවාරි 03 වැනිදා කුලියාපිටියේදී වැඩ ආරම්බ කරන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊට මුල්ගල් තබන බවද රාජ්‍ය ඇමතිවරයා උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් වාර්තා පල වන්නේ මෙසේ ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ වොක්ස්වැගන් මෙරට නියෝජිතයා වන සෙනොක් ඔටෝමොබයිල් විසින් මෝටර රථ කොටස් ගෙන්වා එකලස් කරන කර්මාන්ත ශාලාවක් මිස වොක්ස්වැගන්හි ශාඛාවක් නොවන බවයි. ආයෝජන මණ්ඩලය සමගද ගිවිසුම් අත්සන් කර ඇත්තේ සෙනොක් ඔටෝමොබයිල් මිස වොක්ස්වැගන් නොවේ.

මේ වන විටත් මෙරට තුල ඒ ආකරයේ එකලස් කරන කර්මාන්ත ශාලා ලෙස මයික්‍රො, AMW, බජාජ් ආදී සමාගම් විසින් පවත්වාගෙන යයි.

46 views
Main News