ජන්දය සලකුණු කල අයුරු ඡායාරුප ගත කල තරුණයෙක් පොලිස් අත්අඩංගුවට….

August 5, 2020 at 11:20 am | lanka C news
ජන්දය සලකුණු කල අයුරු ඡායාරුප ගත කල තරුණයෙක් පොලිස් අත්අඩංගුවට….

තමන් සලකුණු කල ජන්දය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු උදැසන නාවලපිටිය මධ්‍යම මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ජන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කරන අවස්තාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකු බවත් , සැකකරු රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

457 views
Main News