ජනාධිපතිකමත්, අගමැතිකමත් පොහොට්ටුවට දෙන්න ශ්රීලනිපය තීරණය කරයි..
September 2, 2019 at 10:12 pm | lanka C news
ජනාධිපති අපේක්ෂකත්වයත්, අගමැතිධූරයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත වන කිසිදු ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොයන බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනතාව සිය අභිමතාර්ථයන් වෙනුවෙන් විශාල පරිත්‍යාගයන් ගණනාවක් සිදු කරන ලද බවද ඔහු සඳහන් කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
අපි; අගමැති දූරයත් ජනාධිපති දූරයත් සන්ධාන ලේකම් දූරයත් පොහොට්ටුවට දුන්නා…!
අපි; අගමැති දූරයත් ජනාධිපති දූරයත් සන්ධාන ලේකම් දූරයත් පොහොට්ටුවට දුන්නා…!Youtube Link – https://youtu.be/e-QMwlmCuAM
Gepostet von Headline News am Montag, 2. September 2019