ජනාධිපතිකම එපා.. මහා භාණ්ඩාගාර ලේකම්කම දෙන්න..- වේගයෙන් ගිය ධම්මික පෙරේරා රිවස් ගියරයට දමයි.

May 28, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපතිකම එපා.. මහා භාණ්ඩාගාර ලේකම්කම දෙන්න..- වේගයෙන් ගිය ධම්මික පෙරේරා රිවස් ගියරයට දමයි.

තමන් බලාපොරොත්තු වන්නේ මීළඟ ජනාධිපතිවරයා වීමට නොව මහා භාණ්ඩාගාර ලේකම්වරයා වීම බව ‍මෙරට ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ස්වාධීන රූපවාහිනී සේවයේ පැවැති වැඩසටහනක් සමගින් අදහස් පල කරමිනි.

ඒ මහතා 2020 ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරනු ඇතයි බවට සමාජ මාධ්‍ය හරහා පැතිර ගියා වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙරට ව්‍යාපාර ගණනාවකම් හිමිකරු වන ඔහු මෙරට ප‍්‍රධානතම කැසිනෝ ශාලාවන් වන ‘බේලීස් හා බෙලාජී’ හි හිමිකරු වෙයි.

2015ට පෙර කාලයේදී ලෝ ප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර් මෙරට ආයෝජනය කිරීමට තිබූ සූදානම හේතු කර ගනිමින් එවකට පැවති රාජපක්‍ෂ ආණ්ඩුවට දැඩි ලෙස විවේචන එල්ල වූයේ එවකට විපක්‍ෂය වූ එජාපය හා ජවිපෙනි.

ජනපති අපේක්ෂක වෙන්නේ නෑ – ධම්මික පෙරේරා (වීඩියෝ)

ජනපති අපේක්ෂක වෙන්නේ නෑ – ධම්මික පෙරේරා (වීඩියෝ)තමාට අවශ්‍ය වන්නේ 2020 ජනාධිපති අපේක්ෂකත්වය නොව භාණ්ඩාගාරයේ ලේකම් ධුරය බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේය. Video Credits – ITNEnglish: srilankamirror.com Sinhala: sinhala.srilankamirror.com Facebook : facebook.com/slmirror Twitter : twitter.com/SriLankaMirror Youtube : www.youtube.com/c/SriLankaMirrorVideosVimeo : vimeo.com/user6497478

Gepostet von Sri Lanka Mirror am Montag, 27. Mai 2019

85,972 Viewers

36 Comments to “ජනාධිපතිකම එපා.. මහා භාණ්ඩාගාර ලේකම්කම දෙන්න..- වේගයෙන් ගිය ධම්මික පෙරේරා රිවස් ගියරයට දමයි.”

  1. නිමල් says:

    මේ ඔක්කොමල්ලටම ඕනැ වෙලා තියෙන්නේ පැණි හැලියට ඇත දාගන්න……!

    • වික්ටර් ඩයස්, පයාගල says:

      අපි හොඳට මෙතුමා සහ පවුලේ උදවිය ගැන දන්නවා. මුලින්ම කළේ කොළඹ කාපිරි මුඩුක්කුවෙි බූරැවා ගැස්සවීම.ඊට පස්සෙ 1980 ගණන්වල රට පුරාම ජැක්පොටි මැෂින්දාලා තරැණ පරපුර විනාශ කළා.
      පස්සෙ කැසිනෝ සූදු කෙළවන්න පටන් ගත්තා. ජෝසිමි රටින් එළෙවිවට පස්සෙ ඔහුට සෙටිවෙලා ඒ කැසිනෝ ව්‍යාපාර දිගටම කරගෙන ගියා. චන්ද්‍රිකාගෙ කාලෙ එයාට සෙටිඋනා, පස්සෙ මහින්දට සෙටිඋනා. කළු සල්ලි සුදුකළා. කොටස් වෙළඳ පොලේ සෙල්ලමිකරල බොහෝ කොමිපැණි අයිතිකර ගත්තා.
      මහින්දගෙ කාලෙ අමාත්‍යාංශ ලේකමිකමක් ගත්තා, ප්‍රවාහනයට කළ දෙයක් නෑ.
      මොහුගේ කැසිනෝ ශාලාවල සූදු කෙළලා බොහෝ ධනවතුන් හිඟමනට පත්උනා.
      මුදල් අමාත්‍යාංශයේ ලේකමිධූරයට සුදුසුයි.

      • Felix says:

        Well said Bro. This is a real face of him!

      • NAK says:

        He really doesn’t need to be the treasury secretary either,all he needs is to have P.B.J in that position !!!

      • අපි ගොන්නු නොවේ..! says:

        අපි ගොන්නු නොවෙමු….! ඒත් ගොනා හැරෙන කොට තේරෙනවා……

    • SuMa says:

      ලොක්කා AI දාලා බැලුවාලු result එක කොහොමද කියලා. වැඩේ කියන්නේ system එක stuck ලු. ලංකාවේ politics වලට මොන AI ද ලොක්කා?

      • තමාරා දිල්රැක්ෂිකා, says:

        මොහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. රියල් වැඩිඩෙක්. මොහුට මඩගහන්නෙ කුහකයො
        කැසිනෝ ක්ලබිවල ඩීලර්සල පොඩි වරදක් කලත් මැරයො දාල එල්ලල ගහන එකම කොචිචර හොඳද?

  2. puncha says:

    Rosi yawunam hari ganan igena ganna.

  3. SL says:

    මේ මනුස්සයාට පහර දෙන්නේ ජනාධිපති තරගෙට එයි කියලනේ,කවුරු කෙසේ කීවත් මොහු තමයි ලංකාවේ අංක එකේ සල්ලි කාරය සහ ආයෝජන ගණනාවක අයිති කරු .
    ඔහුත් එක්ක වැඩ කරන අය ඔහුගේ කළමනාකරණ ,තාක්ෂණික හැකියාව දැනට දේශපාලනයේ ඉන්න හොරුන්ට වැඩි බව සහ නව සැලසුම් ඇත්තෙක් වන බව හොඳට දන්නවා .මොහුට බනිනවාට වඩා ඉගෙන ගන්න දේවල් බොහෝයි ,සහ ඔහුගෙන් වැඩක් ගැනීම කලයුතුය

    • විස්කි මැඩම් says:

      අනිවා ඔහුගෙන් වැඩක් ගත යුතුයි. නමුත් රනිල්, රාජිත මොංගල ඇතුළු නඩය සමග කවදාවත් වැඩක් කරන්න බැහැ.

    • බන්ඩා says:

      ලංකාව වගේ සංතීර්න රටක් කියන්නෙ සිංගප්පූරැව වගේ රටක් රටක් වත් සල්ලි උපයන තැසිනෝ වක් වත් කොම්පැනියක් වත් නෙවෙය්..

    • real fact says:

      Mahinda rajapaksage slfp eke antha dakshinansika viyaparika palanthiye dawanthayo mey unp,JVP wage duppath paksha walata salakanne thuttu deke vidiyata . kauruhari hithanawanam ey palanthiyema viyaparikayek thamange palanthiya atharala mey Jr,Premadasa ,wijaweewage minusu inna unp,JVP wage duppath paksha thuttu thekata hari watinakama dei kiyala ey ahinsaka manusaya viyaparika lokaya gena melo deyak danna nathi monihek.

  4. UNP GAL IBBA says:

    හූනා කිව්වා වගේ ඊලඟ මහ බැංකු සුද්දකරන්නා වෙයි වගේ ඒකයි රට හැදිල්ල කෙසේ වෙතත් බැංකුව ඉල්ලන්නේ???

  5. somapala says:

    Good decision. Wise man.

  6. Danapala says:

    මොලේ තියෙන එකෙක් කවදාවත් ලංකාවෙ
    පොදු අපේක්ෂක වෙන් නෑ.ධම්මික පෙරේරාට
    මට හිතෙන්නෙ දුර පේනව කියලා ඔබට ජය!

  7. Kadiya says:

    Mr. Dhammika Perera said that at Hiru Salakuna few months ago.

  8. රටෙ එකා says:

    වැඩක් කරන්න පුලුවන් මිනිහෙක්. රනිල්-අනුර-සුමන්තිරන් විජාතික කල්ලිය එක්ක මෙතුමට වැඩ කරන්න පුලුවන් කියලා හිතන්න අමාරුයි. අනිත් පැත්තෙන් ගෝටා ආණ්ඩුවක මුදල් ලේකම් වෙන්න තරම් ජාතිකත්වයක් තියෙනවද කියලත් සැකයි.

  9. Lolla says:

    Kaiwaruwa….Naththan Showk…
    Maths Mandama thiyenne muta…

  10. ඇත්ත යථාර්ය says:

    වුනත් වැඩක් ‌වෙන්නේ නැත. ‌බොරැ වැඩ ‌නොකර රටට ප්‍ර්‍ර‌ෙයෝජනවත් ‌ දෙයක් කරන්න.

  11. මාතර සුනිල් says:

    භාණ්ඩාගරෙ හිස් කරලා කැසිනෝ ගහන්නද. අර එකෙක් ගෙනල්ල මහ බැංකුවට වෙච්ච දේ අපිට අමතක වෙනකම් ටිකක් හිටපන්

  12. chanaka krishantha says:

    ඔබ සිංහලයෙක් නම් මේක සිහිබුද්ධියෙන් කියවන්න​. (මම මේ කියන්න යන්නේ මෙතුමා ජනාධිපති කරන්න යන එක ගැන​……)
    සරත් ෆොන්සේක කියන්නේ යුද්දේ දිනන්න හැබැවටම කැපවෙච්ච සිංහලයා. ආය ඒකේ දෙකක් නැ.
    එතුමාට දේශපාලන බල තන්හාව ඔලුවට දාලා, තරගෙට දාලා පරාද කරලා කුජීත කලා. අර්ජුන කියන්නේ පට්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්
    එතුමාට මොකද උනේ. මතක තියා ගන්න අර්ජුන අයි.සී. සී. එකටත් ජාතික ඇදුම ඇදගෙන ගිය සිංහලයෙක්. දැන් මේ දෙන්නා ගැනම කතා කරන්න ඔබ කැමති නැ නේද​..?
    එහෙනම් ධම්මික මහතා ගැන බලමු. එතුමා සල්ලි හොයපු විදිය කෙසේ වෙතත් ලංකාවේ අංක එක​. ගේ ඉදිරිපිට බෞද්ධ කොඩිය ගහහෙන ඉන්න සිංහලයෙක්. මේ බලු පොරයට එතුමා තල්ලු කරන උන් ගැන හොදට බලන්න​. එයාලට ඕනි මෙතුමා විනාශ කරන්න​. මිනිස්සු මෙතුමාට පක්ශ විපක්ශ ලෙස බෙදෙනවා. මෙතුමාගේ අතීත ක්‍රියාකාරකම් ගැන බොරු සමාජ ගත කරනවා. ව්‍යාපාර වර්ජනය කරනවා. පාලකයෝ අතර මෙතුමාගෙ හොදහිත නැති කරනවා. අන්තිමට අර්ජුනට ෆොන්සේකාට වෙච්ච දේ තමා.
    එහෙනම් අපි කරන්න ඕනි මෙතුමා ආසියාවේම පෝසතා කරන එක .. මුදල් ඇමති හරි අමාත්‍යාංශ ලේකම් හරි කරන්න කියලා පාලකයන්ට බල කරන එක මිසක් බලු පොර වලට දාලා කුජීත කරන එක නෙවේ.

    • සිංහ says:

      සම්පූරන ඇත්ත දම්මික පෙරේරා මෙන්ම අනෙකුත් සිංහල වියාපාරිකයන් මේ රටේ සියලුම වියාපාරවලින් දියුණු වනවා දැකීම අපගේ ප්‍රාර්ථනයයි .දම්මික පෙරේරා මහතා දේශපාලනයට යාම ඔහුගේ සාර්ථක වියාපාර ජිවිතයේ අවසානය වීමටද හැකිය .ඔබට හැකි දේ කරන්න සිංහල වියාපාරිකයන්ට අත දෙන්න
      එසේම මේ අලුත් වියාපාර ඇරඹීමට හොඳම කාලයයි දහස් ගණන් සිංහලයන් ඔබගේ නව වියාපාර වලට යොමු වනු ඇත

    • REAL MAN says:

      Well said………..

  13. සිංහල බන්ඩා says:

    රටේ සුලඟ හමන්නෙ කැසිනෝ දිසාවට නෙවෙය් කියල සූදුවෙන් වැඩ අල්ලපු අංක එකේ බිස්නස් කාරයට නොතේරෙන්න විදිහක් නැහැ.

  14. අංකූරා says:

    ලංකාව හදන නායකයෙක් වෙන්න දක්ෂ ව්‍යාපාරිකයෙක් වීම පමනක්ම ප්‍රමානවත් නොවේ. යුක්තිය , සාධාරණය , ලාංකීය අනන්‍යතාවය , මනුස්සකම ආදී කරුණු ගොඩක් ගැන සලකා බලන අයෙකු විය යුතුය .

  15. Patriotism says:

    Bitter true is…… Dammika knows very well that people never select him as a president. As a president, whoever comes with these culprit team and remaining constitution, he/she is not able to save or develop our Motherland forever. In this case, we do need to change this complete system under new professional team and new constitution in 2020..
    .

  16. Niru says:

    Another Hayleys chairman Sunil Mendis became governor of Central Bank under Chadrika. He was not qualified to hold the post and didn’t make any impact. However he didn’t rob the bank like the last one.
    So mr Perera mind your own business pls. You have nearly ruined Hayleys export businesses and isn’t that sufficient ?

  17. Nawodhi says:

    All the businessmen go to the hell after death – Karl Marx

  18. ධම්මික අය්යේ...සින්ගප්පුරු යමුද? says:

    ධම්මික අය්යේ…සින්ගප්පුරු යමුද? නිකන් කොන්ට්‍රත්තු ගන්න පුළුවන් රනිල් මාමා ගෙන්. හැබැයි මහේන්ද්‍රන් කිව්වොත් විතරයි. හුටං අන්කල්ට නම් කිනිතුල්ලෙක් හරි බූ වල්ලෙක් හරි කෙලවල්ලෙකුට හරි කියල සව්දිය හරහම වරෙන්කො?

  19. වොට්මෝර් says:

    මෙයා ප්‍රවහාන අමාත්‍යංශයේ ලේකම් වෙලා හිටියා, සත 5 වැඩක් කලේ නැහැ. මිනිස්සු තාම බස්වල කෝච්චිවල හිරවෙලා යනවා. රාජපක්ස හෙන්ච්චයියා මෙයා.

  20. Saradiel says:

    මේවා බාර ගන්නවාට වඩා හොද පෝරකයට යෑම

  21. සර්..සර්..අපි සර්ටත් පිත්තල කොම්පැනියක් දෙන්නම්...මොකද කියන්නේ.. says:

    සර්..සර්..අපි සර්ටත් පිත්තල කොම්පැනියක් දෙන්නම්…මොකද කියන්නේ. නියම පොම්බුලේ….

  22. Modaya says:

    Dear Dammika

    Do not group up with UNP/JVP/ HELA URUME…..they destroy the leaders and future leaders… Think what happens to Sarath fonseka… They prematurely abort him….JVP also in this same game. because they needs play ground with no challenge.

    You will get a chance to serve the country but not as politician….Fonseka was brainwashed by UNP/ JVP saying everyone will obey his orders as army…..but this is corrupted civil society…Now fonseka is a dog without teeth,..

    Same thing will happen to you if you come with wrong people.. one day you will loose everything.. Be careful

    They are in a game of destroying sri lanka future leadership….

  23. HODA PUTHA says:

    We respect you as businessman…but Not as politician….You can be effective policy maker..but you cant be effective political leader..

    Do not get in to the trap planned by UNP/ JVP.

    Analyse what happend to Sarath Fonseka by using your research group…….

    You have enough time with right people…..

Main News