ජනාධිපතිකම එපා.. මහා භාණ්ඩාගාර ලේකම්කම දෙන්න..- වේගයෙන් ගිය ධම්මික පෙරේරා රිවස් ගියරයට දමයි.

May 28, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපතිකම එපා.. මහා භාණ්ඩාගාර ලේකම්කම දෙන්න..- වේගයෙන් ගිය ධම්මික පෙරේරා රිවස් ගියරයට දමයි.

තමන් බලාපොරොත්තු වන්නේ මීළඟ ජනාධිපතිවරයා වීමට නොව මහා භාණ්ඩාගාර ලේකම්වරයා වීම බව ‍මෙරට ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ස්වාධීන රූපවාහිනී සේවයේ පැවැති වැඩසටහනක් සමගින් අදහස් පල කරමිනි.

ඒ මහතා 2020 ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරනු ඇතයි බවට සමාජ මාධ්‍ය හරහා පැතිර ගියා වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙරට ව්‍යාපාර ගණනාවකම් හිමිකරු වන ඔහු මෙරට ප‍්‍රධානතම කැසිනෝ ශාලාවන් වන ‘බේලීස් හා බෙලාජී’ හි හිමිකරු වෙයි.

2015ට පෙර කාලයේදී ලෝ ප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර් මෙරට ආයෝජනය කිරීමට තිබූ සූදානම හේතු කර ගනිමින් එවකට පැවති රාජපක්‍ෂ ආණ්ඩුවට දැඩි ලෙස විවේචන එල්ල වූයේ එවකට විපක්‍ෂය වූ එජාපය හා ජවිපෙනි.

ජනපති අපේක්ෂක වෙන්නේ නෑ – ධම්මික පෙරේරා (වීඩියෝ)

ජනපති අපේක්ෂක වෙන්නේ නෑ – ධම්මික පෙරේරා (වීඩියෝ)තමාට අවශ්‍ය වන්නේ 2020 ජනාධිපති අපේක්ෂකත්වය නොව භාණ්ඩාගාරයේ ලේකම් ධුරය බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේය. Video Credits – ITNEnglish: srilankamirror.com Sinhala: sinhala.srilankamirror.com Facebook : facebook.com/slmirror Twitter : twitter.com/SriLankaMirror Youtube : www.youtube.com/c/SriLankaMirrorVideosVimeo : vimeo.com/user6497478

Gepostet von Sri Lanka Mirror am Montag, 27. Mai 2019

164 views

36 Comments to “ජනාධිපතිකම එපා.. මහා භාණ්ඩාගාර ලේකම්කම දෙන්න..- වේගයෙන් ගිය ධම්මික පෙරේරා රිවස් ගියරයට දමයි.”

  1. ඇත්ත යථාර්ය says:

    වුනත් වැඩක් ‌වෙන්නේ නැත. ‌බොරැ වැඩ ‌නොකර රටට ප්‍ර්‍ර‌ෙයෝජනවත් ‌ දෙයක් කරන්න.

  2. මාතර සුනිල් says:

    භාණ්ඩාගරෙ හිස් කරලා කැසිනෝ ගහන්නද. අර එකෙක් ගෙනල්ල මහ බැංකුවට වෙච්ච දේ අපිට අමතක වෙනකම් ටිකක් හිටපන්

  3. chanaka krishantha says:

    ඔබ සිංහලයෙක් නම් මේක සිහිබුද්ධියෙන් කියවන්න​. (මම මේ කියන්න යන්නේ මෙතුමා ජනාධිපති කරන්න යන එක ගැන​……)
    සරත් ෆොන්සේක කියන්නේ යුද්දේ දිනන්න හැබැවටම කැපවෙච්ච සිංහලයා. ආය ඒකේ දෙකක් නැ.
    එතුමාට දේශපාලන බල තන්හාව ඔලුවට දාලා, තරගෙට දාලා පරාද කරලා කුජීත කලා. අර්ජුන කියන්නේ පට්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්
    එතුමාට මොකද උනේ. මතක තියා ගන්න අර්ජුන අයි.සී. සී. එකටත් ජාතික ඇදුම ඇදගෙන ගිය සිංහලයෙක්. දැන් මේ දෙන්නා ගැනම කතා කරන්න ඔබ කැමති නැ නේද​..?
    එහෙනම් ධම්මික මහතා ගැන බලමු. එතුමා සල්ලි හොයපු විදිය කෙසේ වෙතත් ලංකාවේ අංක එක​. ගේ ඉදිරිපිට බෞද්ධ කොඩිය ගහහෙන ඉන්න සිංහලයෙක්. මේ බලු පොරයට එතුමා තල්ලු කරන උන් ගැන හොදට බලන්න​. එයාලට ඕනි මෙතුමා විනාශ කරන්න​. මිනිස්සු මෙතුමාට පක්ශ විපක්ශ ලෙස බෙදෙනවා. මෙතුමාගේ අතීත ක්‍රියාකාරකම් ගැන බොරු සමාජ ගත කරනවා. ව්‍යාපාර වර්ජනය කරනවා. පාලකයෝ අතර මෙතුමාගෙ හොදහිත නැති කරනවා. අන්තිමට අර්ජුනට ෆොන්සේකාට වෙච්ච දේ තමා.
    එහෙනම් අපි කරන්න ඕනි මෙතුමා ආසියාවේම පෝසතා කරන එක .. මුදල් ඇමති හරි අමාත්‍යාංශ ලේකම් හරි කරන්න කියලා පාලකයන්ට බල කරන එක මිසක් බලු පොර වලට දාලා කුජීත කරන එක නෙවේ.

    • සිංහ says:

      සම්පූරන ඇත්ත දම්මික පෙරේරා මෙන්ම අනෙකුත් සිංහල වියාපාරිකයන් මේ රටේ සියලුම වියාපාරවලින් දියුණු වනවා දැකීම අපගේ ප්‍රාර්ථනයයි .දම්මික පෙරේරා මහතා දේශපාලනයට යාම ඔහුගේ සාර්ථක වියාපාර ජිවිතයේ අවසානය වීමටද හැකිය .ඔබට හැකි දේ කරන්න සිංහල වියාපාරිකයන්ට අත දෙන්න
      එසේම මේ අලුත් වියාපාර ඇරඹීමට හොඳම කාලයයි දහස් ගණන් සිංහලයන් ඔබගේ නව වියාපාර වලට යොමු වනු ඇත

    • REAL MAN says:

      Well said………..

  4. සිංහල බන්ඩා says:

    රටේ සුලඟ හමන්නෙ කැසිනෝ දිසාවට නෙවෙය් කියල සූදුවෙන් වැඩ අල්ලපු අංක එකේ බිස්නස් කාරයට නොතේරෙන්න විදිහක් නැහැ.

  5. අංකූරා says:

    ලංකාව හදන නායකයෙක් වෙන්න දක්ෂ ව්‍යාපාරිකයෙක් වීම පමනක්ම ප්‍රමානවත් නොවේ. යුක්තිය , සාධාරණය , ලාංකීය අනන්‍යතාවය , මනුස්සකම ආදී කරුණු ගොඩක් ගැන සලකා බලන අයෙකු විය යුතුය .

  6. Patriotism says:

    Bitter true is…… Dammika knows very well that people never select him as a president. As a president, whoever comes with these culprit team and remaining constitution, he/she is not able to save or develop our Motherland forever. In this case, we do need to change this complete system under new professional team and new constitution in 2020..
    .

  7. Niru says:

    Another Hayleys chairman Sunil Mendis became governor of Central Bank under Chadrika. He was not qualified to hold the post and didn’t make any impact. However he didn’t rob the bank like the last one.
    So mr Perera mind your own business pls. You have nearly ruined Hayleys export businesses and isn’t that sufficient ?

  8. Nawodhi says:

    All the businessmen go to the hell after death – Karl Marx

  9. ධම්මික අය්යේ...සින්ගප්පුරු යමුද? says:

    ධම්මික අය්යේ…සින්ගප්පුරු යමුද? නිකන් කොන්ට්‍රත්තු ගන්න පුළුවන් රනිල් මාමා ගෙන්. හැබැයි මහේන්ද්‍රන් කිව්වොත් විතරයි. හුටං අන්කල්ට නම් කිනිතුල්ලෙක් හරි බූ වල්ලෙක් හරි කෙලවල්ලෙකුට හරි කියල සව්දිය හරහම වරෙන්කො?

  10. වොට්මෝර් says:

    මෙයා ප්‍රවහාන අමාත්‍යංශයේ ලේකම් වෙලා හිටියා, සත 5 වැඩක් කලේ නැහැ. මිනිස්සු තාම බස්වල කෝච්චිවල හිරවෙලා යනවා. රාජපක්ස හෙන්ච්චයියා මෙයා.

Main News