ජනාධිපතිකම සැමදා සිංහලයන්ට වීම බෙදුම්වාදයයි.. දෙමල-මුස්ලිම් ජාතීන්ටත් උප ජනාධිපතිකම් ඔ්නෑ..
July 21, 2017 at 10:40 am | lanka C news
රටේ ජනාධිපති ධුරය සිංහල ජාතිය සතු වීම බෙදුම්වාදය බවත් දෙමළ හා මුස්ලිම් ජාතීන් සදහා උප ජනාධිපති ධුර ලබා දිය යුතු බවත් රාජ්ය භාෂා හා ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.
ඇමතිවරයා සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් මේ බව සදහන් කර ඇත.
‘රටේ ප්රධාන තනතුර ප්රධාන ජාතියට සතු විය යුතුයි කියන්නේ නම් එය බෙදුම්වාදයයි. උප ජනාධිපති තනතුරු දෙන්න ඕනෑ දේශපාලන පක්ෂයකට නොවෙයි. සුළු ජාතීන්ටයි. අපි ඉල්ලන්නේ කොටසක් නොවෙයි. අපත් මේ රටේ කොටස් කරුවන් කියා තහවුරු කල යුතුයි’