ජනපතිගෙන් අගමැති පිලට සැර ටොක්කක්.. දොස්තර දරැවන්ට පාසැල් දෙන්න එකගවෙයි..

September 29, 2016 at 1:20 pm | lanka C news
ජනපතිගෙන් අගමැති පිලට සැර ටොක්කක්.. දොස්තර දරැවන්ට පාසැල් දෙන්න එකගවෙයි..

වෛද්‍යවරුන්ගේ දරැවන්ට පාසැල් ලබා දීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකග වූ බව රජය් වෛද්‍යවරැන්ගේ සංගමය පවසයි.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවකින් පසු සංගමයේ මාද්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේ පෙර පැවති වැඩපිලිවෙල අනුවම වෛද්‍යවරැන්ගේ දරැවන් සදහා පාසැල් ලබා දීමට ජනාධිපතිවරයා එකග වූ බවයි.

කෙසේ වෙතත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මෙන්ම අගමැතිවරයාද කියා සිටියේ විශේෂ වෘත්තිකයින් කියා වර්ගයක් නැති බවත් සියළු වෘත්තිකයින් එක සමාන නිසා වෛද්‍යවරැන්ගේ ඉල්ලීම්වලට ඉඩ නොදෙන බවයි.

මේ හේතුව මත දෙපාර්ශවය අතර උග‍්‍ර ගැටුමක් හටගත් අතර වෛද්‍ය සංගමය විසින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඇතුළු වී එහි රැයක්ද පහන් කලේය.

437 views
Main News