ජනාධිපතිගෙන් ප‍්‍රශ්න කරන්න පාස්කු බෝම්බ කමිටුව ඉදිරියට කැදවයි..? ගැටුම තීව‍්‍ර වෙයි..

June 16, 2019 at 9:20 am | lanka C news
ජනාධිපතිගෙන් ප‍්‍රශ්න කරන්න පාස්කු බෝම්බ කමිටුව ඉදිරියට කැදවයි..? ගැටුම තීව‍්‍ර වෙයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් කැඳවීමට සාකච්ඡාවක් පැවැත් වී ඇතැයි වාර්තා පළ වේ.

නියෝජ්‍ය කතානායක සහ තේරීම් කාරක සභාවේ සභාපති වන ආනන්ද කුමාරසිරි මහතා විසින් මේ බව මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් අවසන් ස්ථිර තීරණයක් ගෙන නැතැයි ද ඔහු සඳහන් කර ඇත.

මේ අතර එම තේරීම් කාරක සභාවේ සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද සඳහන් කර ඇත්තේ එම කාරක සභාව බොහෝදුරට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැදවනු වනු ඇති බවයි.

19 සංශෝදනය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවට කැඳවිය හැකි යැයිද ඔහු කියයි.

මෙම තත්වය මත ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර පවතින අර්බුදකාරී තත්වය තවදුරටත් තීව‍්‍ර යනු ඇති බව ද දේශපාලන නිරීක්ෂකයන් සඳහන් කරති.

49,500 Viewers

12 Comments to “ජනාධිපතිගෙන් ප‍්‍රශ්න කරන්න පාස්කු බෝම්බ කමිටුව ඉදිරියට කැදවයි..? ගැටුම තීව‍්‍ර වෙයි..”

  1. ranil says:

    The traitor deserves this I think.

  2. SAIBAD says:

    REAL JOKERS EXCEPT MR. SARATH FONSEKA

    • omrw says:

      එකත් හොඳට හිතල කියපු එකක්ද , ඔය නම වෙටෙන්නෙත් අංජ බජල් පොරවල් වලට විතරයි

  3. අංකූරා says:

    නලින්දගේ මතය,
    කඩාවැටෙන ධනපති ක්‍රමය විසින් එය පවත්වාගෙන යාම සදහා ගෙනෙන සියලු සංශෝධන ධනපති ක්‍රමය විනාශ කිරීමට යොදාගත යුතුය !.
    ධනපතියාගේ මතය ,
    අපේ විරුද්ධකාරයින්ට ගේම දෙන්න නලින්දලගේ සපෝට් එක හොඳට වටිනවා !,
    ජනතාවගේ මතය ,
    මේ ඔක්කොම පිස්සු නටනවා , රටට ද්‍රෝහි වෙනවා , රටට කෙලවෙනවා!!.

    • ක්‍රිමිනල් says:

      ඔව්, මේ කොමිසමේ වැඩ බලන ප්‍රධානියා ලෙස කටයුතු කරන අපතයා, කොටි කල්ලතෝනින් සමග එකතුව රට බෙදන ව්‍යවස්ථාවක් හැදීමට කැස
      කවන තුට්ටු දෙකේ අරික්-කාල් මාක්ස් අනුගාමිකයෙක්.

    • Asaranaya says:

      නලින්දගේ අරමුන ගෝඨාභයගේ කාලයේ හමුදා බුද්ධි අංශවලට කොටි ත්‍රස්තයන්ගේ මාරාන්තික ප්‍රහාරයන් පිලිබඳව කලින් තොරතුරු සැපයූ මුස්ලිම් ඔත්තුකරුවන්ට හමුදාව විසින් වැටුප් ගෙවීම වැරදි බව තහවුරු කිරීමට සාක්කි එකතු කිරීම.

      අනික් සාමාජිකයන්ගේ අරමුන කොමිසම ඉදිරියට කැඳවන මුස්ලිම් සැකකරුවන් රනිල්ගේ වුවමනාවට
      නිදොස් කර නිදහස් කිරීමට කටයුතු සැලසීම.

  4. neil says:

    What made him to become a terrorist later? Can this happen to any muslin religious leader (as Saharan was in 2015) in future. These were the lines the committee should have probed. But committee has only political mud washing agenda in mind and less capable of investigative and probing skills. The vital questions are not in their mind. Nation is at lost!

  5. හෙලයා says:

    යහපාලන හොර තකකඩි රැල දේසපාලන වාසියට තමන්ගෙ රට පා පන්දුවක් කරගෙන.

  6. RAYMOND says:

    කොන්ද කෙලින් තියාගෙන දැන් ඉතින් ජනාධිපති වරණය කැඳවන්න ඕනෑ
    බැංකු හොරුන් ඇතුලු එන් ජී ඕ නඩය දැන් ජනාධිපතිවරයා පොල්කුඩු බවට හෙලන් න හදන්නේ සිරිසේන මහතා ට අබමල් රේණුවක තරම්වත් මොලේ තියනවා නම් දැන් ජනාධිපති වරණය කැදවා දැම්ම කල යුතුය

  7. john the baptice says:

    මහා බැංකු සොරකමට රනිල් රවී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ගෙන ආ යුතුය

    • harsha says:

      ඒකට පරීක්ෂණ කොමිසමක් පත් කරලා වාර්තාවකුත් හදලා ඉවර බව දන්නේ නැද්ද?

      • මරු සිරා says:

        ඒකත් හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ සැබෑ මහ බැංකු බැඳුම්කර හොරු නිදොස් කර, නියරමිටි තැනින් වතුර බහිනව වගේ හාල්මැස්සෙක්, දෙන්නෙක්ගෙ පිටේ වරද පටවා ඇඟ බේරාගැනීමේ ව්‍යායාමයක් බව තේරෙන්නේ නැද්ද?

Main News