ජනාධිපතිගෙන් ලිපියක්.. පේෂල ජයරත්න තවමත් උතුරු මැද මහ ඇමති…
October 7, 2017 at 10:59 pm | lanka C news
පසුගිය ඔක්තෝබර් මස 1 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට උතුරු මැද පලාත් සභාවේ නිල කාලය අවසන් වෙයි.එතැන් සිට මැතිවරණයක් පවත්වා නව සභාවක් පිහිටුවන තෙක් පළාත් සභා පාලනය ආණ්ඩුකාර පී.බී. දිසානායක යටතට පත් වෙයි. එසේම එතෙක් මහ ඇමතිව සිටි පේෂල ජයරත්නගේ ඇතුළු කැබිනට් මණ්ඩලය හා සියළු මන්ත්රීවරුනගේ බලය ඔක්තෝබර් මස 1 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට දිනයේ සිට අහෝසි වී යයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ, පලාත් සභාවේ ධූර කාලය ලෙස ” 154ඉ. පලාත් සභාවක් කලින් විසුරසභාවේ හරිනු ලැබුවොත් මිස, එම පලාත් සභාවේ පලමු රැස්විම සඳහා නියම කරන ලද දින සිට අවුරුදු පහක කාලයක් ඒ සභාව පවත්නේ ය. එකි පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විට ම එම පලාත් සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේ ය.”
නමුත් පුදුම දනවනු කාරණය වනුයේ මෙරටේ විධායකයා ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම් හෝ එම කාර්යාලය මේ වග නොදැන සිටිමයි. එබැවින් ජනාධිපතිවරයාගේ අත්සන සහිතව ජනාධිපති කාර්යාලය විසින් 2017 ඔක්තෝබර් මස 2 වෙනිදා PS/SP/SB/2/83 යටතේ කරනු ලැබු නිල පත්වීම් ලිපියක් මගින් මෙය සනාථ වේ.
එනම් ” ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධූරයට පත්කිරිම” මැයෙන් උතුරු මැද පලාත් සභාවේ මන්ත්‍රීවරයෙකු පත් කිරිම සඳහා නිකුත් කල නිල පත්වීමේ ලිපියකිනි. මෙහිදී විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ, “154ඉ, යටතේ විසුරුවාලීම සිදු වු පලාත් සභාවේ මහ ඇමතිවරයා වු පේෂල ජයරත්න පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ලෙසත් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න සමඟ තවදුරටත් ක්‍රියාත්මක වන බව සනාථ කොට ඇත. එමෙන්ම එම ලිපිය මගින් හිටපු මහ ඇමති ඇතුළු හිටපු මන්ත්‍රීවරු දෙදෙනෙකුට එසේ නිල රාජකාරි කිරිමට අවශ්‍ය නිල බලයක් සහිතව පත්වීමක් ලබාදීමත් තව දුරටත් ඔහුන් උතුරු මැද පලාත් සභාවේ නිල කාලය අවසන් නොකළ මන්ත්‍රීවරුන් ලෙස සැලකිම රටේ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමකි.
එමෙන්ම ඉහත ලිපියේ පිටපත් ජනාධිපතිවරයා විසින් පිලිවෙලින් 1.ගරු ප්‍රධාන අමාත්‍ය, උතුරු මැද පලාත් සභාව 2. ගරු සිඩ්නි ජයරත්න මැතිතුමා, 3. ගරු ඩොනල්ඩ් මැතිතුමා 4. ලේකම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය 5. දිස්ත්‍රික් ලේකම්. පොලොන්නරුව 6. ප්‍රාදේශිය ලේකම්, හිගුරක්ගොඩ, ලෙස යොමු කර ඇත.
අදාළ ලිපිය පහතින් පලවේ…
ඔය උඩිං කියාල තියෙන ඒව ඉංගිරිස් වලින් වෙන්ටෑ ලියාල තියෙන්නෙ හිටං. ඉතිං මනුස්සයෙකුට තේරෙයියැ.
අටවත් පාස් ඇති කියල හිතං උන්නෙ. දැං එහෙමවත් නෙවෙයි මයෙ හිතේ.
Removing MY3 is not going to be easy. Only way is Arab spring. Mahinda think twice. You earned money to do politics for next 100 years in Sri Lanka.
Why don’t you tell where it is so that FCID can have some fun!!
in our history has a king named yasalalatissa…..king was murdered due to a joke and trap. after doorman became the king. the same doorman soul has come again for power.