ජනාධිපතිගේ අද කතාවෙන් එජාපයට යකා නගී.. වහා දෝෂාභියෝගයක් ගෙන්න සැරසේ..

December 4, 2018 at 10:51 pm | lanka C news
ජනාධිපතිගේ අද කතාවෙන් එජාපයට යකා නගී.. වහා දෝෂාභියෝගයක් ගෙන්න සැරසේ..

මෙරට ඇතිව තිබෙන අර්බුදය විසදා ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක් බොරුවක් වසා ගැනීමට තවත් බොරු හා විකෘති ප‍්‍රකාශ කරමින් කිඹුල් කදුළු හෙලීම එකම කාර්ය කරගෙන ඇති බවද ඔහු කියයි.

අද පැවති ශ‍්‍රීලනිප සමුළුවේදී පැය ගාණක් කෑගසමින් ජනාධිපතිවරයා ශප්පු කර පෙන්වූයේ තමන් තව දුරටත් රට පාලනය කිරීමට සුදුසු නොවන බව යයිද සමරවීර මහතා කියා සිටී.

මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කරන්නේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.

153 views
Main News