ජනාධිපතිගේ අවුරුදු සුබ පැතුම් එවුවේ ඔහුගේ දැනුම් දීම මතයි.. ජනාධිපති අවහිර කල නොහැකියි..- ජනපතිගේ සුබ පැතුමෙන් කෝප වූ පාරිභෝගිකයන්ට ඩයලොග් උත්තර බදී…

April 15, 2019 at 9:20 am | lanka C news
ජනාධිපතිගේ අවුරුදු සුබ පැතුම් එවුවේ ඔහුගේ දැනුම් දීම මතයි.. ජනාධිපති අවහිර කල නොහැකියි..- ජනපතිගේ සුබ පැතුමෙන් කෝප වූ පාරිභෝගිකයන්ට ඩයලොග් උත්තර බදී…

ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද කෙටි පිණිවුඩ අවහිර කිරීමට කිසිදු පාරිභෝගිකයෙකුට නොහැකි බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන සමාගම වන ඩයලොග් සදහන් කරයි.

ජනාධිපතිවරයා විසින් එවන ලද අලුත් අවුරදු සුබ පැතුම අවහිර කලද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් තව දුරටත් ලැබෙන බවට පාරිභෝගිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට ඔවුන් මෙසේ සදහන් කර ඇත්තේ සමාගමේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේය.

මෙම පණිවුඩ යොමු කරන ලද්දේ ජනාධිපති කාර්යාලය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් කරන ලද ඉල්ලීමක් අනුව බවත් එම පණිවුඩය සියලුම පාරිභෝගිකයන් වෙත යවා ඇති බවත් සදහන් කරන ඩයලොග් සමාගම එම පණිවුඩ යොමු කිරීම අවහිර කල නොහැකි බවත් කියා සිටී.

58,370 Viewers

8 Comments to “ජනාධිපතිගේ අවුරුදු සුබ පැතුම් එවුවේ ඔහුගේ දැනුම් දීම මතයි.. ජනාධිපති අවහිර කල නොහැකියි..- ජනපතිගේ සුබ පැතුමෙන් කෝප වූ පාරිභෝගිකයන්ට ඩයලොග් උත්තර බදී…”

  1. Yohan says:

    ජනාධිපතිගෙ මෙසේජ් දැන් බ්ලොක් කරන්න ඕනෙ ආණ්ඩුවේ මහා හොරකම් බ්ලොක් කරපු එක ගැන තරහ 62 ලක්ෂයේ ගොන්නුන්ටම තමයි

    • Bandara says:

      සිංහලෙන් පණිවිඩ එවන්න බැරි..සිංහල ජනපති…?

    • 77 UNP says:

      ඒ 62 ලක්ෂෙ දැන් වැහැරිලා ගිහින් 31 ට බැහැල. ඒ නිසයි මුන්ව චන්දයක් දිහාට ගෙනියන්න බැරි.

    • Nimal says:

      Why could not he send it in Sinhala? How many Sinhalese could read this foreign language? What a hassle to us reading it in foreign letters.The whole President communication idiots should face penalties.

  2. Kadiya says:

    ජනාධිපති නොවෙයි ඕනෑ පති කෙනෙකුට සුභපැතුම් එවන්න පුළුවන්. හැබැයි පැතුම ලබන එකාටත් ආපසු පැතුමක් යවන්න පුලුවන්නම් තමයි ඒකෙ අගේ තියෙන්නේ. නැතිනම් ඒක ගැනෙන්නේ “nuisance call” ගනේට තමයි.

  3. DDD says:

    Ude paandara Awuru dawase Apathayek gen msg ekak aawama kaata wunath tharaha yana eka ahanna deyak da.

  4. Nimal says:

    Greetings by force. Should I receive an unwanted call or message?
    Who is crazy? Public???
    The Wonder of Asia.

Main News