ජනාධිපතිගේ එකම අපේක්‍ෂාව බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් නිදහස් කර ගැනීමයි.. විශේෂ ප‍්‍රකාශයෙන් ඒ බව පැහැදිලියි…

January 4, 2018 at 10:01 pm | lanka C news
ජනාධිපතිගේ එකම අපේක්‍ෂාව බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් නිදහස් කර ගැනීමයි.. විශේෂ ප‍්‍රකාශයෙන් ඒ බව පැහැදිලියි…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ එකම අපේක්‍ෂාව රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර චෝදනාවෙන් නිදහස් කර ගැනීම බව ඔහු කල විශේෂ ප‍්‍රකාශයෙන් තහවුරු වූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

බැඳුම්කර කොමිසම රනිල් ගැලවීමේ කුමන්ත‍්‍රණයක් බව එයින් තහවුරු වූ බවත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උත්සහ කරන්නේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සැබෑ වරදකරුවන් සගවා වෙනත් කණ්ඩායමකට වරද පටවා බැඳුම්කර වංචාව යට ගැසීමට බවත් රණතුුංග මහතා
උඩුගම්පල කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී ප‍්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

ජනතාව සැක කරපු විදිහටම ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම දියාරු කලා, මේක ජනතාව රැවටීමක් ,මේකට රාජපක්‍ෂ කෙනෙක්ගේ නමක් යන්තන් ගෑවිලාවත් තිබුණා නම්, බලන්න තිබුණා ජනාධිපතිවරයා කටයුතු කරන විදිය. මඬ ගහලා බොරු කියල බලය ගත්තට, දැන් මේ ආණ්ඩුවට කලකම් පලදෙනවා. හොරකම් කරන් නෑ කියපු අය එළි පිට හොරකම් කරනවා. මේ හැමදේකින්ම කරන්න උත්සහ කරන්නේ ,බැඳුම් කරේ මහ හොරාව බේර ගන්න. ගමේ කසිප්පු අල්ලපුවාම, හිරේ යන්න කට්ටියක් ඉන්නවා.වෙසක් පෝයට පොදු සමාවෙන් උන් එළියට එනවා, ඒවගේ වැඩක් තමයි මේක.

මේ දවස් වල ආණ්ඩුව අපේ පෝස්ටරයකට බයයි. මේ පොස්ටරය තමයි ගම්පහ දිස්ත‍්‍රික්කයේ අපි අලවපු ජනතාවගේ නායකයා අගමැති කරන ගම්පහ සටන කියන පොස්ටරය. ඊයේ රාජිත ඇමතිවරයාත් කැබිනට් මාධ්‍ය හමුවේදී මේ පෝස්ටරය පෙන්නුවා.මේකෙ වගකීම මම ගන්නවා.

ඹගභගඡුග එකයි, ශ්‍රී ලංකා එකයි, මේ තේමාවට බයයි. ජනතාවගේ නායකයා මහින්ද මම එතුමාව අගමැති කරන්න, මහ ඇමතිකම අතෑරලා පාරට බැහැපු මිනිහා, ලංකාවේ මනාප තුන් ලක්‍ෂ 86 දාහක් අරගෙන දෙවනි තැනට ආපු මිනිහා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අද ඉතුරුවෙලා ඉන්නෙ පරාජිතයෝ..අපි වගේ ඉහළ මනාප ගත්ත.සේරම ඉන්නෙ මහින්ද මහතා ගාව.

රටේ ජනතාව ජනාධිපතිවරණයට ඡුන්දෙ දුන්නේ රනිල් අගමැති කරන්න නෙවේ…පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡුන්ද දුන්නේ,රනිල් අගමැති කරන්න නෙවේ. නමුත් ඒකයි උනේ…ඒ දෙපාරම ජනතාවට කොකා පෙන්නුව

මේ ගමන අපිට වෙට්ටු දාන්න කාටවත් බැහැ.අපිට හිිටගන්න තැනක් නොතිබුණු නිසා තමයි, එහෙමවුනේ….අද බැසිල් මහතා මුල්වෙලා අපි ශ්‍රී ලංකා කාරයන්ට හිටගන්න තැනක් හදලා දුන්නා. ඒක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.

මම මේ සටන අතහරින්නේ නැහැ.ඒ වගේම මම මගේම ජනතාවගෙන් ඉල්ලනවා, මහින්ද අගමැති කිරීම දක්වා මේ ඡන්දය යොදා ගන්න ඔබේ ඡුන්දය පොහොට්ටුවට දෙන්න කියලා.

– ප‍්‍රදීප් අනුර කුමාර

15 views

10 Comments to “ජනාධිපතිගේ එකම අපේක්‍ෂාව බැදුම්කර චෝදනාවෙන් අගමැති රනිල් නිදහස් කර ගැනීමයි.. විශේෂ ප‍්‍රකාශයෙන් ඒ බව පැහැදිලියි…”

  1. Susanthika says:

    He, Ranatunga, is one of the persons in the JO who dares calling a spade a spade!

    Many others are beating the bush to save their skin.

  2. Nandasoma says:

    He, Ranatunga, is one of the persons in the JO who dares calling a spade a spade!

    Many others are beating the bush to save their skin.

    This is true….. Mr. Ranthunge always tells the truth…. He never safeguards even the biggest shot…

    The main reason behind this political mutation is MS’s betrayal of the party leader in 2014 and appointing RW as the PM illegally.

    MS president MS should be responsible to the bond robbery. Entire top political circle should go home…..

  3. kith says:

    I told you , he is going to act Maname. He is scared of Ranil who can get hold of his sword and kill him.

  4. NAK says:

    The bond commission report has become a ‘PADA SHOW’
    It is nothing but a gimmic to fool the SLFP voter once again to vote for UNP kitchen helpers.

  5. BARCARDI says:

    Whether MY3 likes or not he has to protect PM to stay in power another 2 years.

  6. love nature says:

    Don’t think Ranil is Mr Clean. ..Ranil cannot be trusted. .

    He sold out Sri Lanka to the LTTE without any parliamentary approval. Where was Democracy in 2002??

    He sold out public transport, education, insurance, plantations, shell gas and the whole state banking sector. Where is the honesty?

    He betrayed the armed forces! Where was the Loyalty?

    He robbed the Central Bank with his friends and family. Where is the right to information?

    Do you want to trust him?

  7. john the baptice says:

    Will Maithri ask Ranil to quit as PM?

Main News