ජනාධිපතිගේ ඕස්ට්‍රේලියානු සංචාරය රාජ්‍ය නායක සංචාරයක් නොවෙයි.. ඒ නිසා රාජ්‍ය නායක පිලිගැනිමක් නෑ..

May 29, 2017 at 12:35 am | lanka C news
ජනාධිපතිගේ ඕස්ට්‍රේලියානු සංචාරය රාජ්‍ය නායක සංචාරයක් නොවෙයි.. ඒ නිසා රාජ්‍ය නායක පිලිගැනිමක් නෑ..

ඕස්ට්‍රේලියාව වර්තමානයේ බ්‍රිතාන්‍යයේ යටතේ පවතින බැවින් එහි රාජ්‍ය නායකයා වනුයේ බ්‍රිතාන්‍යයේ දෙවෙනි එලිසබෙත් මහ රැජිනයි. මහ රැජිනගෙන් නියෝජිතයා ලෙස ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරාල්වරයෙකු පත් කොට ඇත.

රාජ්‍ය නායකයිකු ඕස්ට්‍රේලියා සංචාරයක යෙදෙනවා නම් සාමාන්‍යයෙන් මහ රැජින වෙනුවෙන් ඕස්ට්‍රේලියා ආණ්ඩුකාර ජෙනරාල්වරයා විසින් එම රටේ නායකයාට ආරාධනාවක් කරන බවත් ඒ අනුව රාජ්‍ය නායක පිලිගැනිමේ උත්සවයක් පවත්වන බවත් සන්ඩේ ටෛම්ස් ඉංග්‍රීසි පුවත් පත වාර්තා කොට ඇත.

එහෙත් එවැනි රාජ්‍ය නායක පිලිගැනිමේ උත්සවයක් ඕස්ට්‍රේලියානු රජය විසින් සංවිධානය කොට නොතිබූ අතර මෛත්‍රී ජනාධිපතිවරයා වෙත ඔස්ට්‍රේලියාවේ අගමැති විසින් සාමාන්‍ය නිල චාරිකාවක යෙදෙන ලෙස කර තිබු ආරාධනාවක් කිසිවෙකු විසින් ගොතන ලද කතාවක් උඩ මෙරට ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ සංචාරය කොට ඇති බව හෙලිව ඇත.

41 views