ජනාධිපතිගේ ජයග්‍රහනයට සුවිශේෂි කැපවීමක් කල මා හම්බන්තොටින් අංක එකට පැමිණීම නියතයි.. මහින්ද අතහැර නොගිය අයට ඡන්දය දෙන්නැයි ඇතැමුන් කියනවා..

June 21, 2020 at 11:20 am | lanka C news
ජනාධිපතිගේ ජයග්‍රහනයට සුවිශේෂි කැපවීමක් කල මා හම්බන්තොටින් අංක එකට පැමිණීම නියතයි.. මහින්ද අතහැර නොගිය අයට ඡන්දය දෙන්නැයි ඇතැමුන් කියනවා..

මාර්තු මාසය ආරමිභයේ සිට මැයි මාසයේ අවසානය දක්වා ගෘහස්ථ විදුලි බිල ගණනය කොට ඇත්තේ ඒ කාලසීමාව තුල භාවිතා කල මුලු ඒකක ගණන තුනෙන් බෙදා එන ඒකක ගණන මත එක මාසයක බිල ගනනය වන පරිදි මාස 3 සදහා විදුලි බිල්පත තුන නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ මෙම මාස තුනේ බොහෝ නිවෙස් වල සමාජිකයින් නිවෙස් තුළම රැදිම නිසා වැඩි විදුලි පරිභෝජනයක් සිදු කිරිම නිසා බිල්පත් අයකිරිම ඉහල ගොස් තිබිම නිසා ඇතැමි පාර්ශව මෙ පිළිබද රජයට චෝදනා කලද විදුලිබිල ගණනය කොට ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවෙිදයකට අනුව බවයි.

තවද පසුගිය මාස 3ක කාලසීමාව තුළ විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන 200 ක ලාභයක් උපයා ඇති බව ඇමතිවරයා පැවසීය.

මෙ දින වල ක්‍රියාත්මක මැතිවරන ප්‍රචාරන කටයුතු ගැන අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ හමිබන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුනේ ඇතැමි අපේක්ශකයින් ජනහමු වලදි අගමැති මහින්ද හැර නොගිය අයට පමනක් මනාප ලබාදෙන ලෙස පවසන බවයි.

මෙලෙස පවසන ඇතැමුන් ගියවරද පාර්ලිමෙන්තුවට තේරීපත් යේ නාමල් රාජපක්ශ මැතිතුමන්ට ඇති පිලිගැනිම හා ජනප්‍රියත්වය මත යැපෙමින් බව ඇමතිවරයා පැවසිය.

එබැවින් කවුරුන් කුමන දේ පැවසුවද ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයා ගේ ජයග්‍රහනය වෙනුවෙන් සුවිශේෂි කැපවීමක් කල තමාව ජනතාව විසින් හමිබන්තොට මනාප ලැයිස්තුවෙ අංක එකට ඔසවා තැබිම නියත බව ඇමතිවරයා තම අදහස් දැක්වීම අවසන් කරමින් පැවසීය.

ඇමතිවරයා මෙ බව පැවසුවෙ ඊයේ(20) තංගල්ල ආසන්නයේ ශ්‍රිලනිප යොවුන් බලමුලුව තරුන සමිමෙිලනය අමතමිනි.

– repoter

261 views

18 Comments to “ජනාධිපතිගේ ජයග්‍රහනයට සුවිශේෂි කැපවීමක් කල මා හම්බන්තොටින් අංක එකට පැමිණීම නියතයි.. මහින්ද අතහැර නොගිය අයට ඡන්දය දෙන්නැයි ඇතැමුන් කියනවා..”

  1. නැට්ටේ ඉඳන් ගොම නාගත් බයියා says:

    අනිවා.. ඔන්න මම නම් දෙනවා මගේ කතිරෙ.. උම්බෑ..උම්බෑ..

    • samaraweera says:

      me wage nugathungen kumburak madwaga gannawa harenna wena wadakda. Mun polawatath barak.

    • Hdh says:

      Oya issara colamba pelenthiye aya thamange sankara videshika gathi pevathum nodanna gam wala ayata kivve bayyo kiyala. E unge mahanthaththa kama, asamajjathi kam hari loku dewal kiyala penna ganda. Denuth me kotasakata bayyo bayyo kiyanne apahasayata lak karala chanda kadannay… meeta honda wikalpayak thibuna nang e wikalpaya e minissu thora ganiy. Api bayyo thamai.. goma kiyanne issara bayyo athin allapu deyak.. goma meti anala thamai ge bimata gewe… oya apahasa karana evun nam hebey nara walaka behegena yati giriyen berihan denne ratata wala kapanda bawa nam pehediliy! Api bayyo thamai.. kochchara bayyo bayyo kiyala uda pennath thopi hithanawada apita lapan kiyala???

      • Wasanth says:

        ඔය UNP එවුන්ට ඉස්සර කිව්වේ බත් ගොට්ටෝ කියලා. එකට හේතුව තමයි ඩඩ්ලි ලගේ කාලයේත් UNP එවුන් රැස්වීම් වලට එන්නේ බත් පාර්සල් අරන් යන්න බලාගෙන නිසා. දැන් උන් ඒක හංගනවා. මම නම් ඕකුන්ට තවම කියන්නේ බත්ගොට්ටෝ කියලා.

  2. මලින්ද says:

    හම්මෝ අමරේ ගේ ලොරි ටෝක්, මනාප ලැයිස්තුවේ අවසාන පැත්තෙන් එක වෙයි,අනිවා.

  3. Suren says:

    What is the result of Maths in OL

  4. ක්‍රිමිනල් says:

    බයියො දෙන්නේ යුවරජ නොමල් ට…😂😂😂

  5. හම්බයා says:

    දකුණේ උන්ට මොලේ කලඳක් හරි තියනවානම් මුන්ව විශ්වාස කරන්න එපා. රාජාලියා වගේ ඇවිල්ල චන්ද ටික අරගන අනිත් පැත්තට යන්න පුළුවන්. චන්දෙ දෙන්න දිගටම අපේ පිලේ හිටපු එකෙකුට.

  6. අක්බාර් ලොක්කා says:

    විදුලි බිල්පත් අසාමාන්‍ය ලෙස වැඩිවී ඇත්තේ සාමාන්‍ය පරිභෝජනයෙන් භාගයක් පමණ වන ඒකක ප්‍රමාණයක් ඇස්තමේන්තුගත කර මාස දෙකක බිල් සකස් කිරීම නිසා වැඩිපුර ඒකක එක මාසයක බිලට එකතු කිරීමෙන් මිල අධික ටැරිෆ් සීමාවට වැටීම නිසා ඉතා අධික බිලක් ඉදිරි පත් කිරීමයි . මේ මගින් විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන් වංචා කාරී ලෙස ගසා කෑමකට ලක් කර ඇත . කලයුත්තේ එම වැඩි ඒකක ප්‍රමාණය මාස දෙක තුල බෙදා හැර බිල ගණනය කිරීමයි .මේ නිසා පාරිභෝගිකයන් ගසා කන මේ කොන්දොස්තරයාට කතිරය නොගැසිය යුතුයි

    • ක්‍රිමිනල් says:

      ඒ කියන්නේ වක්‍රාකාරයෙන් මිනිස්සුන්ව ගසාකන මේ පාණ්ඩුවට චන්දේ දෙන්න එපා කියලද ? හා !

  7. Iresha says:

    ඔය කියන විදියට පාරිභෝගිකයන් ගෙන් වැඩි විදුලි ගාස්තුවක් අය කරලා තමයි CEB එක ලොකු ලාභයක් උපයලා තියෙන්නේ,අනිත් එක ඔබතුමාට රැහේ ජන්ද වලින් විතරක් මනාප ලැයිස්තුවේ එක වෙන්න බැරිවෙයි මොකද නාමල්,චමල් දෙන්නත් ඉන්න නිසා.

  8. ඔබ මෙච්චර කල් කරපු වැඩ කෝ

  9. Love nature says:

    “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!”

  10. RAYMOND says:

    පලමු වෙනියා නම් වෙන්නේ නෑ එත් ඔබ අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට තේරේවි

Main News