ජනාධිපතිගේ තාත්තාගේ කඩුව මගේ ලග.. එය පොලීසියට දෙන්නේ නෑ..- පොලොන්නරුවේ සුනිල්

May 13, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපතිගේ තාත්තාගේ කඩුව මගේ ලග.. එය පොලීසියට දෙන්නේ නෑ..- පොලොන්නරුවේ සුනිල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පියා විසින් භාවිත කරන ලද කඩුව බොහෝ කලක සිට තමන් විසින් ආරක්ෂා කර ගනු ලැබූ බව පොලොන්නරුව ලක්ෂඋයන ජනපදයේ පදිංචි සුනිල් රෝහණ පෙරේරා මහතා සඳහන් කරයි.

නිවාස වල තිබෙන කඩු පොලිසියට බාරදෙන්න දන්වා ඇතත් එම කඩුව තමන් පොලිසියට බාරදෙන නැති බවද ඒ මහතා සඳහන් කරයි.

පොලොන්නරුව ගොවිජනපද ආරම්භ කරද්දි ගම්මුලාදෑනි වරයෙකු වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයා ගේ පියාගේ ආරක්ෂාවට තම පියා සිටි බවත් ඔහු සතුව තිබූ මෙම කඩුව අදටත් තමන් සතුව කෞතුක වස්තුවක් ලෙස තිබෙන බවත් සුනිල් පෙරේරා මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කඩුව පොලීසියට බාර දෙන්නේ ජනාධිපතිවරයා දැනුම් දුන්නොත් පමණක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

301 views
Main News