ජනාධිපතිගේ තීරණයට එරෙහිව යෝජනා 05ක් අධිකරණ සේවා සංගමය සම්මත කරයි..

April 2, 2017 at 9:20 am | lanka C news
ජනාධිපතිගේ තීරණයට එරෙහිව යෝජනා 05ක් අධිකරණ සේවා සංගමය සම්මත කරයි..

මඩකලපුවේ පුද්ගලික නීතීඥයෙකු ලෙස සේවය කල රාමනාදන් කන්නන් ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් පත් කිරීමේ තීරණයට එරෙහිව ශ‍්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහ සභාව විසින් යෝජනා 05ක් සම්මත කර තිබේ.

වහාම ඔහු මහාධිකරන විනිසුරු ධුරයෙන් ඉවත් කල යුතු බවට වන එම යෝජනා සම්බන්ධයෙන් ජනාදීපතිවරයාට දැනුම් දීමටද එහිදී තීරණය වී ඇත.

සංගමය පසුගියදා පෙන්වා දෙනු ලැබුවේ මෙම පත්කිරීම නීතිය හමුවේ වලංගු හෝ බල සහිත පත් කිරීමක් නොවන බවයි.

21 views
Main News