ජනාධිපතිගේ ධුරය 2020 අගෝස්තු තෙක් වලංගුයි.. නොවැම්බරයෙන් අවසන් නෑ..- ශ‍්‍රීලනිප මහ ලේකම්

June 26, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපතිගේ ධුරය 2020 අගෝස්තු තෙක් වලංගුයි.. නොවැම්බරයෙන් අවසන් නෑ..- ශ‍්‍රීලනිප මහ ලේකම්

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වසර 5ක ධුරකාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17දා සිට බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මීට පෙර ධුරකාලය පැවතියේ කථානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ පත්වීම අනුමතකළ දින සිට වුවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු දින සිට බව සඳහන් වී ඇතැයිද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය .

ඒ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුරකාලය අවසන් වන්නේ 2020 අගෝස්තු 17 වැනිදා බවද හෙතෙම කීවේය. තමා මේ සඳහන් කරන්නේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බවත්, මේ පිළිබඳව කිසිවකුට ගැටලූවක් තිබේ නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියවා බැලිය හැකි බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

මේ පිළිබඳ මතය විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියහොත් ජනාධිපතිවරයාගේ ධුරකාලය දිගුකර ගැනීමට උත්සාහ කරන බව පවසමින් ඇතැමුන් මාරාන්තික උපවාස කළ හැකි බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– divaina

25 views

17 Comments to “ජනාධිපතිගේ ධුරය 2020 අගෝස්තු තෙක් වලංගුයි.. නොවැම්බරයෙන් අවසන් නෑ..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. gorilla says:

    gota janadipathi unahama sudu van eken thama yanna wenne oyata

  2. Gayantha says:

    බලේ එල්ලිලා ඉන්න දගලන සිරිසේනටම හරියන නියම ලේකමා.අර පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් කියලා නීති උපදෙස් දුන්නෙත් මෙයාද කොහෙද. සිරිසේනව සම්පුර්ණයෙන්ම විනාශ කරලා නවතින්නේ මේ රිලවා.

  3. sunimal says:

    මේකා මේ දිනවල දවල් හින දකිනවා..

  4. පොල් ජෝන් .. says:

    අනික සිරිසේන් ඇතුලු මේ හොර නඩේ වැඩිපුර දවසක්වත් තියාගන්න මේ රටේ කිසිම මිනිහෙක්ට අවශය නැහැ. රිලාසිරිට පිස්සු මූට ඕනෙ සිරාට හේත්තු වෙලා ඉතුරු ටිකත් කාලා දාන්න . තොපි ටික චුත වෙලා යනකන් මේ රටට කිසිම සෙතක් වෙන්නේ නෑ.

  5. Kumar says:

    Muth padipeley lawyer kenek. Ammata discey

  6. Jaya Kodithuvakku says:

    DJ is making a False statement on purpose. He knows the legal implications on the 19th Amendment, yet he makes this false claim as a Marketing gimmick for himself. In the next few days time, all the mainstream media outlets will call him for an interview to discuss what he said and the current situation. That is when he is trying to be the SLFP “PORA” and try to gain few votes for himself and the party.

Main News