ජනාධිපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 මැයි 15 දිනයි.. ශ‍්‍රීලනිප නීතීඥයෝ කියති..

July 13, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 මැයි 15 දිනයි.. ශ‍්‍රීලනිප නීතීඥයෝ කියති..

ඕනෑම පනතක් ක්‍රියාත්මක වෙන්නේ කතානායකවරයා අත්සන් තැබූ දින සිට බවට පවතින නීතිය අනුව 19 වැනි සංශෝධනය ද ක්‍රියාත්මක වෙන්නේ කතානායකවරයා අත්සන් තැබූ දින බවට ශ්‍රී ලංකා නිදහසක් නීතිඥවරු පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඒ අනුව 19වැනි සංශෝධනය ද ක‍්‍රියාත්මක වන්නේ එදින අනුව නිසා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහේ සීමාව ආරම්භ වන්නේ කතානායක අත්සන් තැබූ දින සිට බව ඔවුන් පෙන්වා දී ඇත.

2015 මැයි මස 15 වනදා කතානායකවරයා විසින් අත්සන් තැබූ පසු 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ 2020 මැයි මස 15 දින යයිද ඔවුන් විසින් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් මතය විමසීමට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට යාමට තීන්දුවක් ගෙන ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

23,145 Viewers

11 Comments to “ජනාධිපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 මැයි 15 දිනයි.. ශ‍්‍රීලනිප නීතීඥයෝ කියති..”

  1. gamarala says:

    ජනාධිපතිගේ ධුරයට මෙතරම් කෑදර අය නැවත ඉපදෙන්නේ දියවන්නාවේ ගෙම්බෝ වෙලා

  2. RAYMOND says:

    එහෙම වුනොත් ජනාධිපති වරණය පෙර පාර්ලිමේන්තු මහා මැතිවරණය එනවා ද

  3. ගල්-ලා says:

    අපරාදෙ, කතානායකට ඕකට අත්සන් කරන්ඩ තිබ්බෙ 2019යෙ අගෝස්තු වල.. හැක්.. හැක්.. හැක්…

  4. Gamage says:

    එහෙනම් මහින්දටත් ආයෙම ඉල්ලන්න පුළුවන් වෙයි ඔය තර්කෙම දැම්මොත් . 19 ගේන්න කලින් නේ එයා දෙපාරක් හිටියේ , හා හා හාහා මරු…

  5. cw says:

    OMG. God help Sri Lnka

  6. බුවා says:

    සංශෝදනය ක්‍රියත්මක වන්නේ අත්සන් තැබූ දින සිටය.නමුත් මෙහිදී බලපාන්නේ සංශෝදනයේ අඩංගුවී ඇති දේ මිස දිනය නෙවේ.අඩංගුවී ඇත්තේ වසර 5 කට සීම කරන බවය.

    • Bold Citizen says:

      Of course, the ‘TERM’ begins on the day he assumed the presidency.. With the enactment of 19th amendment the term ends in 5 years instead of 6 years..

  7. S.Premarathne says:

    ඒ නීතියටම අනුව අර වයස 35 ගණන් ගන්නෙත් අත්සන් කරපු දවසේ ඉඳලා වෙන්න ඇති. අනේ අපොයි අපේ නීතිඥයන්ගේ තරම. හදන අයත් එකයි. අර්ථ දක්වන අයත් එකයි.

  8. Saman Adikari says:

    Mahinda Rajapaksa has kick out 2010 Mandate by having early election that before two years.
    So we feel he made mistake that is why he is not eligible for contest Presidential election?
    MR can be Primer of Island that is not bad, time being.
    MR has to learn lessons from that ?
    We respect him as leader who end 30 years WAR against LTTE,that is there.

  9. UD says:

    මෛත්‍රිගේ කෑදරකම අනික් ඔක්කොටම වඩා වැඩියි….ඉක්මණට එළවන්න ඕනි…..

Main News