ජනාධිපතිගේ ධූරකාලයේදී කිසිදු සෙතක් වුනේ නෑ.. ජනතාවට කන්නවත් බත් නෑ..

January 10, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපතිගේ ධූරකාලයේදී කිසිදු සෙතක් වුනේ නෑ.. ජනතාවට කන්නවත් බත් නෑ..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිතුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනාධිපතිවරයාගේ ධූරකාලය තුල පාරිභෝගිකයන්ට කිසිදු සෙතක් සැලසුනේ නෑ.

2015 වසරේ සිට මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන වර්තමාන ජනාධිපතිවරයාගෙන් මෙරට පාරිභෝගිකයාට කිසිදු සෙතක් සැලසුනේ නැති බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.

භාණ්ඩ මිල පාලනය කිරීම,ගුණාත්මක භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් නියෝග පමණක් නිකුත් කළද ඒවා නියෝග වලට පමණක් සීමාවී තිබේ. තවද මතට තිත සංකල්පය පුස්සක් බවට පත් කරමින් පාසැල් අවට පවා සුරාසැල් විවෘත කර තිබුනද ජනාධිපති කාර්යය සාධක බලකාය සුව නින්දේය.

ගොවි මහතෙකුගේ පුතකු වන ජනාධිපතිවරයා මෙරට ජනතාවට තුන් වේලම බත් කෑමට පවා අවස්ථාවක් සලසා නැත. තවම මෙරට විශාල සහල් සහල්    මාෆියාවක් ක්‍රියාත්මක         වේ.

ජොකියන් මාරුකරමින් ගමනක් යාමට සැරසෙන ජනාධිපතිවරයාට අප පැහැදිලිව කියන්නේ මෙරට පාරිභෝගිකයන්ට දැනෙන සහනයක් සැලසීමට කටයුතු නොකලහොත් ජොකියන් මාරැකලාට ඵලක් නොමැති බවයි.

වැඩකුත් නැති හානියකුත් නැති අයට ගමේ භාෂාවෙන් කියන්නේ පතෝල යන් කියාය. ඒ පතෝලවල ගුණයක් හෝ අගුණයක් නොමැති බව ගැමියන්ගේ අදහසවන නිසාය. එය එසේම නම් පතෝලයන්ගෙන් රටට වැඩක් නැත. පාරිභෝගිකයින්ට වැඩක් නැත.

ජනාධිපතිතුමනි දැන්වත් පාරිභෝගිකයින්ට දැනෙන ලෙස සහන සැලසීමට කටයුතු කරන්න.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

14,690 Viewers

4 Comments to “ජනාධිපතිගේ ධූරකාලයේදී කිසිදු සෙතක් වුනේ නෑ.. ජනතාවට කන්නවත් බත් නෑ..”

  1. citizen says:

    Mahindage slfp aandu kaale business surapurayak wela hitapu rata kanneth nathi ethiyopiyawa kale 1994 wenkakam dollor million 15 aarthikaya hadaganna baruwa hitiya oya Jr premadasa wage minusu inna unp kiyana arthika paripalana modayon aarthikaya 2015 indala paalanaya karapu Hinda .unp heenamaanq statement daanna epa.

  2. sampoorna etta. minissu kabalen lipata wetuna. ugathkama adu ayata kawadawath vote nokaramu. englishwalin panathak .neethiyak liwwama mun ekekutawath kiyawanna behe OHE ATHA USSANAWA. MALIK RANIL EEKEN PRAYOJANA GANNAWA.

    HONA WIYATH SINHALA UNATH MUNTA THERENNE NEHE
    UGATHUN PAMANAK PARLIAMENT YAWAMU

  3. Pop says:

    අනේ පල තොපිල ඒකෙනුත් දේශපාලන වාසී ගන්න ඉන්නේ.ඒක වුනේ ජනාධිපතිවරයාගේ වැරැද්දෙන්ද උලමෝ…? රටේ ආර්ථිකය ගැන වග කිව්වේ රනිල් ඇතුලු සමනල ඇමතියො ටික.ඔය ටික උන්නටම කියපන් බූරෑ රැල

  4. david milibanda says:

    Janadhipathi dura kale rata run kale Ponsinghe.

Main News