ජනාධිපතිගේ ධූර කාලයෙන් හරි අඩක් ගෙවෙමින් පවතිනවා.. කල දේවල් හොයන්න කාලය හරි.. – චම්පික

February 6, 2017 at 10:00 am | lanka C news
ජනාධිපතිගේ ධූර කාලයෙන් හරි අඩක් ගෙවෙමින් පවතිනවා.. කල දේවල් හොයන්න කාලය හරි.. – චම්පික

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ හරි අඩක් ගෙවෙමින් තියෙනවා, එබැවින් මෙම කාලය ඉතාම සුදුසුයි අපි කරපු වැඩ ගැන ප්‍රගතිය අඩුපාඩු සොයා බැලිම මෙන්ම තිබෙන ගැටලු විසාදා ගැනිමට යයි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

මේ දිනවල සාකච්ඡා වන ඇමති මණ්ඩල සංශෝධනය ගැන කරුණු දක්වමින් ඇමතිවරයා එසේ ප්‍රකාශ කල අතර තව වසර දෙකහමාරක් තුල ඊලග ජනාධිපතිවරණය පවත්වන බව හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ඔහු විසින් ජනතාවට පොරොන්දු වු පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිම යන දෙකෙන් එකක් අනිවාර්යෙන්ම 2019 දි වෙන බව රජයේ ප්‍රධාන පාර්ශවකරුවකු මෙන්ම වගකිවයුතු අමාත්‍යවරයෙකු ප්‍රථමවරට මාධ්‍ය වෙත කරුණු දක්වමින් මෙසේ පැවසීම විශේෂත්වයයි.

39 views
Main News