ජනාධිපතිගේ නඩු 35කට මං පෙනී ඉදල තියෙනවා.. බොරු නඩුවලින් නිදහස් වීම පුදුමයක් නොවෙයි..- අධිකරණ ඇමති

November 25, 2020 at 2:10 pm | lanka C news

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවරන ලද නඩු 35කට පමණ තමන් පෙනී සිට ඇති බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට, නාමල් රාජපක්ෂ මහතාට, බැසිල් රාජපක්ෂ මහතාට, චමල් රාජපක්‍ෂ මහතාට විරුද්ධව දේශපාලන වශයෙන් නඩු ගොනු කළ බවද ඔහු සඳහන් කළේය.

ඔවුන් කිසිවෙකුට විරුද්ධව සාක්ෂි ලබා දෙන ලෙස බලපෑම් කරන ලද බවට සාක්ෂි ඇතැයිද ඒ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එනිසා එම නඩුවලින් නිදහස් වීම ගැන තමන්ට ප්‍රශ්නයක් නැතිබවත් බොරු නඩු දැමූ පසු ඒවා පවත්වාගෙන යාමට නොහැකිය නඩුවෙන් නිදහස් වීම අනිවාර්යෙන් සිදුවෙන බවත් ඒ මහතා කියා සිටියේය.

එවන් නඩු පළමු අධිකරණයෙන්ම නිදහස් වන බවත් එසේ නැතිනම් අභියාචනාධිකරණය මගින් නිදහස් වන බවත් තමන්ට නම් එය පුදුමයට කරුණක් නොවන බවත් අධිකරණ ඇමතිවරයා තවදුරටත් පැවසීය.

30,840 views

11 Comments to “ජනාධිපතිගේ නඩු 35කට මං පෙනී ඉදල තියෙනවා.. බොරු නඩුවලින් නිදහස් වීම පුදුමයක් නොවෙයි..- අධිකරණ ඇමති”

  1. ක්‍රිමිනල් says:

    ගොරකා කාපූ රිලව් වගේ දැන්. නඩු 35 කියන්නේ ලේසී නෑ !

    • Laksiri says:

      ඇයි උඹත් ඒ එක රිලවෙක්ද.
      සල්ලි වියදම් කරනවා නම් ඕන තරම් බොරු නඩු දාන්න පුළුවන්. උඹ ඒක දන්නේ නැද්ද මැට්ටෝ.

    • RED BULL says:

      ඊළඟට අහනවලු බටලන්ද ක්‍රිමිනල් එක​.අමුඩෙ විතරක් අරන් වරෙන් ජම්පරේ නොමිලෙ.

      • සෝමදාස says:

        ජනාධිපතිගේ නඩු 35 කට තමන් පෙනී සිටින බව අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රචාරය කරන්නේ ඇයි?

  2. බන්ඩා says:

    සබ්‍රි කියන්නෙ ඇත්ත බව ජනතාව දන්නවා. යහපාලන ජෙප්පො 3%ට බැස්සෙත් රනිලා පැරදුනෙත් ඔය බොරු නඩු නිසා තයමය්.

    • ශක්කාහු මව්ලානා මුහම්මදු says:

      නඩු 35 කට මූ තනියම කතා කරා කියන්නේ..ආයේ ලේසි නැහැ.. රෙදිත් නැතුව විතර නෙමේ ඇපත් නැතුවයි කඩේ ගිහින් තියෙන්නේ.
      ඇත්තට ම අධිකරණ ඇමැති කම විතරක් දීලා මදි පුන්නක්කු බයියෝ හැටියට උදේ හවස මල් තියලා වදින්න ඕන..අපේ ජාතියේ එකම ගැලවුම් කරු.

  3. Alapaluwa says:

    නිතිය ගැන නොදත් ගෝබ්බ හැත්ත කියන ඒවා අපි ගන්න ගන්න හොඳ නැහැ අලිෂබ්රි මැතිතුමෝ .බල්ලෙක් බිරුවට කන්දක් පහත්වන්නේ නැහැ නොවැ .උන් බලලු හැබැයි බල්ලෝ කියන නාමයත් හොඳ වැඩියි.උන්ට!!

  4. sam says:

    He was appointed to do that!

  5. ත්‍රීවීල් says:

    හරියට හරි සර්, සත්‍ය ජයගන්නවා,, බදුර්දීන්වත් බොරැ නඩුවෙන් ඇප පිට නිදහස් නේ?

  6. Saradiel says:

    ඔබ තුමාට අපේ ප්‍රණාමය.

  7. Alex Seneviratne says:

    එතකොට අර අම්මගෙ සොහොන? එකට දාපු නඩුවත් බොරුද? ඒ කාලෙ කිව්වා නේද සල්ලි ගෙවන්නම් කියල ?

Main News