ජනාධිපතිගේ නමින් මහා පරිමාන මැණික් ගැරිල්ලක්.. සබරගමු පලාත් සභාව රත්වේ..
February 9, 2017 at 12:26 am | lanka C news
අහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයකු ලෙස පෙනි සිටිමින් ඇහැලියගොඩ බටහිර මුදුන්කොටුව පාලම යට සිදු කරන නීති විරෝධී මැණික් ගැරිම නතර කිරිමට වහාම මැදිහත් වන්නයයි සබරගමු පලාත් සභා මන්ත්‍රීවරුන් වන එජාපෙ සිරිපාල ගම්ලත් මෙන්ම ශ්‍රිලනිපෙ මන්ත්‍රී නමින්ද ඉන්ද්‍රප්‍රිය යන මහත්වරුන් ඊයේ 7 වෙනිදා පැවති සබරගමු පලාත් සභා රැස්වීමේ දි එක හඩින් ඉල්ලා ඇත.
මැණික් ගැරීම සඳහා නිත්‍යානුකූලව බලපත්‍ර ලබාදීම මැණික් හා ස්වර්ණාබරණ අධිකාරියේ යටතේ සිදුවන අතර අධිකාරියේ කාර්යාලයක් ඇහැලියගොඩ මෙන්ම රත්නපුරයේ ද පිහිටුවා ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ජාතික මැණික් හා ස්වර්ණාබරණ අධිකාරිය පවතින අතර එහි සභාපතිවරයා ද ජනාධිපතිවරයාගෙ හිතවතකු වන අසංක වෙලගෙදර වන අතර ඔහුද ඇහැලියගොඩ ප්‍රදේශයට සම්බන්ධ පුද්ගලයයෙකි.
නීතිවිරෝධීව අනවසරයෙන් මැණික් ගැරිම වැටලීමට මෙන්ම ඒ සඳහා නිත්‍යානුකූලව කටයුතු කිරීම මැණික් හා ස්වර්ණාබරණ අධිකාරියේ ප්‍රධාන විෂය පතයට ගැනෙන කරුනක් වන අතර පොලීසිය හෝ පොලිස් විශේෂ කාර්යය බලකාය සමග එක්ව හෝ තනිව වැටලීම් කොට පුද්ගලයින් සහ සහ භාන්ඩ අත් අඩංගුවට ගැනිමට බලය අධිකාරිය සතුවේ.
ඉහළ පුද්ගලයකුගේ සහෝදරයකුගේ මැදිහත්විමක් මත මෙසේ අනවසරයෙන් ජනතාව මෙන්ම වාහන විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා මාර්ගයේ පිහිටි රජයේ කොටි ගනනක් වියදම් කොට තැනු පාලමක් විනාශ කරමින් මෙම අනවසරයෙන් සිදු කරන මැණික් ගැරීම සම්බන්ධව බලධාරීන් මුනිවත රකින්නේ යයි සබරගමුවේ පළාත් සභා මන්ත්‍රීහු පෙන්වා දෙති.
Mekath gal kapillakma thamaa.
කෝ මේ මහා පරිසරවේදීයා රන්ජන් රාමනායක
ලංකාවේ පරිසරයට මෙතරම්ම හානියක් ඉතිහාසයේ කවදාක්වත් සිදු වෙලා නැහ, පුදුමයට කරුණ එය සිදුවන්නේ පරිසරයට මම හරිම ආදරෙයි, ඒක නිසා ඒ විෂය මට ඕනැ කියලා තමන්ම ජනාධිපති ලෙස එම අමාත්‍යාංශය භාරව කටයුතු කරන සමයේ වීම ඉතිහාසයට එක් වන කරුණකි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ජාතික මැණික් හා ස්වර්ණාබරණ අධිකාරිය පවතින අතර එහි සභාපතිවරයා ද ජනාධිපතිවරයාගෙ හිතවතකු වන අසංක වෙලගෙදර වන අතර ඔහුද ඇහැලියගොඩ ප්‍රදේශයට සම්බන්ධ පුද්ගලයයෙකි.
නිර්වස්ත්‍ර ලිච්ඡවී පචපාලනයේ සතියේ පුවත
සිහි නුවන ඇති සංඝ රත්නය සමග මේ රටේ දේශමාමක සිංහලයින් මේ අවස්ථාවේදී එක් වී රටට ජාතියට නියම ආදරයක් ඇති එඩිතර රාජ්‍ය නායකයකු පත් කර ගත යුතුය.වෛරයන් පිරිමසා ගැනීමට රාජ්‍ය නායකයින් පත් කර ගත යුතු නැත.අනාගත දරුවන්ට රටක් ජාතියක් උරුම කර දීම අප සැමගේ යුතුකමය.පාට පක්ෂ වලට නොබෙදී අනාගත දරුවන්ගේ ශාපයට ඹබ ලක් නොවන සේ කටයුතු කලයුතුය.
සහජීවනය යනු විෂපෙවූ අයිසින් කේක් එකකි.22 ලක්ෂයක් සුළු ජාතිකයින් ජාත්‍යන්තරය සමග සැදූ මෙම ව්ෂ කේක් කෑ අම්බරුවන්ට මේ රට විනාශ කිරීමට ඔබ ඉඩ නොතැබිය යුතුය.
Naduth lokkage, baduth lokkage. Watath, niyarath goyam kaa nam……?