ජනාධිපතිගේ ගැසට් නිවේදනයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි..

August 6, 2021 at 10:00 am | lanka C news
ජනාධිපතිගේ ගැසට් නිවේදනයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් සලකා බලමින් ශේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.

මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන රුවන් ලක්නාත් ජයකොඩි , කවින්ද්‍යා ක්‍රිස්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා ශිරාන් සනුර නමැත්තන් ගොනු කොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කියා සිටින්නේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68 /2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් “ දැඩි අන්තවාදි මතවාදයන්ගෙන් මුදාගැනීම් නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බවය.

මෙම රෙගුලාසි යටතේ ඔනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් පුද්ගලික නිදහසට දැඩි ලෙස තර්ජන එල්ල වන බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.

මෙම රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ,11 , 12.1 ,12.2 , 13.1 ,13.2 , 13.4 , 13 .5 ,13.6 ,13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්තී සෘජුවම උල්ලංඝනය වන බැවින් , මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

– lankadeepa

133,496 views

15 Comments to “ජනාධිපතිගේ ගැසට් නිවේදනයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි..”

  1. Daham says:

    At least some judges are not dancing to the tune of the president.

  2. ජනාධිපති සමාව says:

    අන්තවාදීන්ට ජනාධිපති සමාව/ පුනරුත්තාපනය දීම වැළැක්වුණා. දැන් හිරගේම තමා…

  3. යකෝ මේ විධ්යට රටක් ගෙනියන්ට පුලුවන්ද. බලන් යනකොට මේ NGO පරයෝ ඔක්කොම එක්කෝ දෙමලු එහෙම නැත්තන් කතෝලික වේසිගෙ පුතාලා.

  4. Jagath says:

    දැන් සර් ව කවූරුත් ගණන් ගන්නේ නෑ වගේ

  5. Saman says:

    අන්න නියමයි ..දැන් ඇති තරම් අන්තවාදී අදහස් තියෙන උන් , මුස්ලිම් අන්තවාදීන්ව හිතේ හැටියට විවේචනය කරපල්ලා. බෝන් අගේන් , ‍‍රැඩිකල් අන්තවාදීන්ට ඇති තරම් පහර ගහපල්ලා..අත් අඩංගුවට ගන්න බෑ.

  6. Sandun Dhammika says:

    As I already told man , Sri Lanka is a part of United States government.
    We need to follow everything that US government , US CIA, and US GIJOE higher officers told.

    That is it. It’s a proud to have a US citizen as our president.
    God bless USA !

  7. dehiwala Kolla says:

    ඔය නම් ලැයිස්තුවෙ ඉන්න උන් තමයි මේ රට වනසන දරුණුම අන්තවාදීන්. ඕකුන් ගේ රස්සාව රට වැනසීම​.

  8. Bakaya says:

    A regime that forces untested vaccines on its people is an evil regime that needs to go.

    • kkuruwita says:

      ගොං කතා කියන්න එපා මනුස්සයො ! මෙයාලට වෙන මොනවා කියන්නද ?

  9. Piyadasa Yalagala says:

    Such a verdicts by Supreme Court that time of crucial period of Covid 19 pandametic by West back by SJB+ UNP + JVP diminishing since 2019 August 5th seeking to undermanned that ours nation stability become key agenda of SJB line of politics.
    The Verdicts of SC has gone too far undermined state security. This is very negative move by SC in the time of Pandemic.

  10. Piyadasa Yalagala says:

    Such a verdicts by Supreme Court that time of crucial period of Covid 19 pandametic by West back by SJB+ UNP + JVP diminishing since 2019 August 5th seeking to undermanned that ours nation stability become key agenda of SJB line of politics.
    The Verdicts of SC has gone too far undermined state security. This is very negative move by SC in the time of Pandemic.
    Indeed view of SC which is incompatible with our Republic Constitution against security and nation sovereignty. The so-called verdicts of SC by resilient of anti -establishment politics in Island -wide by judges of SC. While SC has not taken into account of current situation in Island has been ignored by vested interest of foreign * local -powers. …SJB and JVP.

    • Roshan says:

      Since , u r challenging the sc, put u r arguments that the constitutional provisions are not over taken by this Kele nithiya…buy president s gazxat

Main News