ජනාධිපතිගේ නිවස වටලා විරෝධතා.. පාස්කු බෝම්බය ජනාධිපතිවරණයෙන් දිනවීමේ ඩීල් එකක්ලු..

September 28, 2020 at 10:08 pm | lanka C news
ජනාධිපතිගේ නිවස වටලා විරෝධතා.. පාස්කු බෝම්බය ජනාධිපතිවරණයෙන් දිනවීමේ ඩීල් එකක්ලු..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරියේ විරෝධතාවක් පැවැත්වීමට කතෝලික විභාවනය සංවිධානය සූදානම් වෙයි.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත දැනුවත් කරමින් සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.

පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

2. ස්ථානාධිපති,
මිරිහාන පොලිසිය,
මිරිහාන.

ගරු පොලිස්පතිතුමනි/ස්ථානාධිපතිතුමනි,
ජනාධිපති නිවස අසළ විරෝධතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම

  • පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මෛත්‍රීපාල සිරිසේන යටතේ සිදුවීමට ඉඩ දුන්නේ ගෝඨාභය දිනවීමේ දේශපාලන ඩීල් එකකට ද?
  • මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට නොගන්නේ, රජය ඔහු සමඟ දේශපාලනය කරන්නේ ඒ නිසා ද?
  • ප්‍රහාරය ගැන කතෝලික ශිරන්ති කාදිනල් හිමිපාණන්ට නොකිව්වා ද? නොකිව්වේ ඇයි?

මෙම සංවිධානයේ සභාපතිවරයා ලෙස මා විසින් උක්ත මාතෘකා යටතේ, අතිගරු ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවසට පිවිසෙන අතුරු මාර්ගය අසල ප්‍රධාන මාර්ගයේ දී, කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව, මහජනතාවට පීඩාවක් නොවන ආකාරයෙන්, තනිවම උපවාසයක්/විරෝධතාවක් 2020 සැප්තැම්බර් මස 29 වනදා පෙ.ව. 6.30 – 9.30 අතර කාලයේ සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ කටයුත්ත සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ගරු අධිකරණය මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙස මා මින් ඉල්ලා සිටිමි.

ජේසු පිහිටයි,
මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සභාපති – කතෝලික විභාවනය

කෙසේ වෙතත් එම සංවිධානය විසින් පසුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

උපවාසය/විරෝධතාව අත්හිටුවීම, සාකච්ඡා වෙත යොමු වීම

අද (29) පෙ.ව. 6.30 – 9.30 අතර කාලයේ දී මිරිහානේ පිහිටි ජනාධිපති නිවස අසල සිදු කිරීමට නියමිතව තිබූ උපවාසය/විරෝධතාව අත්හිටුවීමට තීරණය කර ඇත.

ඊට හේතු වන්නේ අතිගරු ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (28) රාත්‍රියේ ජනාධිපති පෞද්ගලික ලේකම් සුදීශ්වර බන්ඩාර මහතා මා අමතා අදාළ උපවාසයට/විරෝධතාවට හේතුවන කරුණු සම්බන්ධයෙන් තමාව ඍජුව හමුවී සාකච්ඡා කරන ලෙස ඉල්ලීමක් කිරීමයි.

ඒ අනුව අද (29) උදෑසන 9.45 ට සුදීශ්වර බන්ඩාර මහතා සමඟ සාකච්ඡාවක් කිරීමට අප ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට නියමිතය. මේ සඳහා මාධ්‍ය ආවරණය ලබා දෙන මෙන් අපි ඉල්ලා සිටිමු.

චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සභාපති
කතෝලික විභාවනය

89,960 views

35 Comments to “ජනාධිපතිගේ නිවස වටලා විරෝධතා.. පාස්කු බෝම්බය ජනාධිපතිවරණයෙන් දිනවීමේ ඩීල් එකක්ලු..”

  1. Hichchimahaththeya says:

    ” තනිවම උපවාසයක්/විරෝධතාවක් 2020 සැප්තැම්බර් මස 29 වනදා පෙ.ව. 6.30 – 9.30 අතර කාලයේ සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.”

    This is even better than those breakfast to lunch “upavaaseys” of Karunanidi during those good old days.!
    🙂

    Looks like a-“post breakfast- until 10 o’ clock tea” – upavaasey!

    :)))))))

  2. ලොලිපොප් මොංගල් says:

    හංදියේ සුදු වෑන් නවත්තල තියන්න මුගේ අාරක්ෂාවට.

    • උක්කුං මල්ලී says:

      ඒ සුදු වෑන් කවද හරි දවසක උඔගෙ හරි උඹගේ ලගම හිතවතකුගේ ගෙදර ඉස්සරහ නවත්වන දවසක් එනවා. එදාට තේරෙයි සුදු වෑන් සංස්කෘතිය කොහොමද කියලා.

      • fass says:

        Umba ochchara dewal dannawanam, kiyapanko balanna Sudu van sanskruthiyen ussan giya ahinsaka set eka gena…api ona nam dennam UNP JVP ewun ussan gihin maruwa athurudan karapu laksha ganaka wisthara

  3. damien says:

    This is 100% true. 👍👍👍👍👍

  4. sajiya says:

    cardinal thumata meka gaena daenaganta laebunoth muuta meka karanta ida denne nae. nayake himila wage newei ethuma

  5. Donald Trump says:

    Easy way of living in Sri Lanka is foaming a NGO. No need to work hard. I saw a twenty years old was doing the same following his leaders step. Everyone want to develop the country but no one want to work hard or contribute something to the economy.
    If someone know just find out what this guy is doing for living & what did he do for living other than a union leader.

  6. Simiyon says:

    මූ ටිල්වින් සිල්වාගෙ හොර ශොට් එකක්…

  7. GulSiri Lal Nanda says:

    Why should NOT that and round-up Sirisesa and Ranil Residence by wish of GOD? Do not try fool of our majority People of Island .President Of Gotah and Mahind has nothing do with Pasku attack on 21 April 2019?
    Please go to protest Ranil Wicaks,of UNP , Sajith of UNP and Sirisena of SLFP?
    They who accountability of Killed 300 innocent People of Lankan ?

  8. super says:

    This guy is a maniac doesn’t even worth to comment about his acts.with anti social mind set. Burden to the nation and his parents.

  9. Sam Fernando says:

    He must be allowed to do it. Let the beggars look after him.

  10. Critic says:

    This fool must be a henchman of Harin, backed by NGO’s.These NGOs must be banned in SL!

Main News