ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු පොරොන්දු ඉටු කරන්න 2/3 බලයක් දෙන්න..

January 24, 2020 at 8:02 am | lanka C news
ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු පොරොන්දු ඉටු කරන්න 2/3 බලයක් දෙන්න..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්  සියලුම පොරොන්දු  ඉදිරි වසර පහ තුළ ක්‍රියාත්මක කරන බව එතුමා පැහැදිලිව ප්‍රකාශකර ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමාට තුනෙන් දෙකේ බලයක් සහිත  ශක්තිමත් ආණ්ඩුවක් ලබා දෙන ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකලේ බලවින්න ඕෂදී උත්සව ශාලාවෙ පැවති රක්වාන ආසනයේ දේශපාලන ක්‍රියාකාරී රුස්වීමකට එක්වෙමිනි.

මෙහිදී  තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

රටක් ඉදිරියට යන්න ස්ථාවර ආණ්ඩුවක් අත්‍යවශයයි. ස්ථාවර ආණ්ඩුවක් පවත්වගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බාදාවන් අපි ඉවත්කර ගත යුතුයි.පවතින සමානුපාතික නියෝජන ක්‍රමය මගින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම හරිම අපහසුයි.මේ ක්‍රමයෙන් ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙක්  පත්වෙන්නෙ නෑ.ඒ වගේම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අහිතකර වගන්ති ගණනාවක් තියෙනවා. ඒවා සංශෝධනය විය යුතුයි. රටේ ඒකීයභාවය,ජාතික ආරක්ෂාව  ව්‍යවස්ථාව තුළින්ම සහතික විය යුතුයි.මේ සංශෝධනයන් සිදුකරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් එන මහා මැතිවරණයේදී අපි  අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. සෙනෙවිරත්න මහතා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්,රක්වාන ආසනයේ අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් සොයිසා මැතිතුමා ගැන මෙතනදී  අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ.පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරි  සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින්  පැවති යහපාලන ආණ්ඩුව පරාජය කිරීම වෙනුවෙන් එතුමා සිදුකල  කාර්යභාරය අපිට කවදාවත් අමතක කරන්න බැහැ.

අවාසනාවකට ජනාධිපතිවරණ ජයග්‍රහනයත් සමග එතුමා අප හැර ගියත් එතුමා ජයග්‍රහනය කරා මෙහෙයවපු රක්වාන ආසනය ඉදිරි මහමැතිවරණයේදී එතුමාට කරන කෘතගුණ සැලකීමක් ලෙස විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහනය කර වීමට අපි කටයුතු කළ යුතුයි. පොදුජන පෙරමුණ රටේ ප්‍රබලම දේශපාලන බලවේගය ලෙස ගොඩනැගීම වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් සිදු කළ  රංජිත් සොයිසා මැතිතුමා වෙනුවෙන් කෘතගුණ සැලකීමට අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද කටයුතු කර තිබෙනවා.රක්වාන ආසනයේ රංජිත්ගේ දේශපාලන වැඩකටයුතු ඉදිරියට ගෙනයාමට එතුමාගේ භාර්යාව  මුදිතා සොයිසා මැතිණියට එතුමා අවස්ථාව ලබා දී තිබෙනවා.ඒක නිසා මෙවර මහ මැතිවරණයේදී රංජිත් සොයිසා මැතිතුමාට සිදුකරනු ලබන ගෞරවයක් ලෙස තමුන්නාන්සේලාගේ   මනාපයක් අනිවාර්යයෙන් මුදිතා මහත්මියට ප්‍රකාශකරන ලෙස මම ඉල්ලා සිටිනවා.ඒ වගේම රක්වාන ආසනයේ ජනතාව සමග දීර්ඝ කාලයක් දේශපාලන සිදුකළ  මම ඔබව තනිකර නොයන බවත්, රක්වාන ආසනයේ ජනතාවගේ සමාජ ආර්ථික සහ යටිතල පහසුකම්  සපුරාලීමට අඛන්ඩව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මුදිතා සොයිසා මැතිණිය සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් මෙහිදී  ප්‍රකාශ කරන්න කැමතියි.

මෙම අවස්ථාව සඳහා ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාරාධිපති, රත්නපුර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, කෝම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ,ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති  ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී සිටියහ.

ධම්මික තිලකරත්න

29 views

11 Comments to “ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු පොරොන්දු ඉටු කරන්න 2/3 බලයක් දෙන්න..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    ow labei labei , 2/3 kese wethatha 20k wath aran pennan , me para agamathi AKD

    • හාල් පොල් ගනන් අඩුකරන්න 2/3 මොකටද දොරේ? තියෙන විදියට වැඩකරලා පෙන්නනවා බයිල නොගහ. මොකාට උනත්2/3 දුන්නොත් රට ඉවරයි.

  2. ඩපයා says:

    කිසිම වැඩක් කොරගන්න බැරි මේ නහයෙන් අඬන මල පෙරේත ගල් මූසලයව මහාමැතිවරණයෙන් පස්සේ ආයේ කිසි දාක පාර්ලිමේන්තුවට යවන්න හොඳ නැහැ.

  3. George says:

    ආන්ඩුවේ ඇතැම් ප්‍රබලයන්ගේ ක්‍රියා කලාපය නිසා 3/2 තබා ජයග්‍රශනයද අවිනිශ්චිතයි. ගොටාබය ඉතා සරල ආරක්ශක ක්‍රමයක් බාවිතා කරද්දී කිසිම තර්ජනයක් නැති රනිල්ට ඊල්ලූ සැනින් රනිල් බලාපොරොත්තු ඌවාටත් වඩා 200 කට වැඩි බට පිරිසක් ලබා දුන් ආන්ඩුවේ ප්‍රබලයා කවුද ? රංජන් බන්දනගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමින මුලින්ම කලේ රහස් කාමරයක රනිල් සමග පැයක පමන කාලයක් සාකච්චා කලේ මොනවාද? .ඊට කලින් රනිල් තම ගජ මිතුරු ආන්ඩුවේ ප්‍රබලයා සමග කතාකලේ මොනවාද? .ජනාදිපති තුමනි මේවගේ දේශපාලන තක්කඩියන් සමග ඔබට ගමනක් යා නොහැක .රටට ආදරය කරන මිනිසුන් වසයෙන් අපට අවස්‍ය හොර තක්කඩින්ගෙන් තොර යහපත් රටක්.

  4. kawinda says:

    nikan kendiri gaala hariyanne neye. mewara maha sangarathnaya pramukawa denma indan prachaaraye yanna ona. rata wesiyan samaga samuha saakachcha thiyanna ona. chanden dinana aya idiriyata damala me katayuththa kala yuthui. ratata aadare minissu thama yuthukama itu karaawi.

  5. Jee says:

    Api Denawa deiyooo..
    Api Denawa…
    2
    3/3 K ma dennam…
    Ape wada tika neme
    Thope wada tika kora ganna dennam

  6. sinha le says:

    3/2 බලයෙන් සිංහළ රජයක් ගොඩනගමු

  7. kavirathna says:

    danata kelina pissu madida ?

  8. ara soyza says:

    munda wedikawata naggama janathawa mundata hu kiwuwath mundata amathi kama labena bawa danagena thamayi ranjith soyza heart attack hadila male. miniha malama pawula amaruwe watena hinda muge yojanawata kan dila ganiwa ena chanden path karamu. ethakota un goda. apita kela unata kamak naha. yako miniha marunama minihage mole ganita enawada gon harako….

  9. වැඩ්ඩා says:

    එහෙම හිතෙන හිතෙන් වෙලාවට එක එක ඒව ඉල්ලන්න බෑ. මේ යන විදිහට නම් සතුටු වෙන්න බෑ. බැරි බව දැන් තේරෙනවනම් ඇත්ත කිව්වම ඉවරයි. අළුත් කොන්දේසි ඉදිරිපත් කිරීම නීති ව්රෝිදී ක්‍රියාවක් බව නීති ශිෂ්‍යයෙක් උනත් දන්නා සරල කරුණක්

  10. Parakum says:

    To the Buffaloes & Donkeys, just to remind you lot what happened between 2010 & 2015 after getting 2/3, do you want a family rule re-established? Godfather of corruption back in power.