ජනාධිපතිගේ පුද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ..

January 6, 2019 at 10:03 pm | lanka C news
ජනාධිපතිගේ පුද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ලද එරික් වීරවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරයාද ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති අතර ජනාධිපතිවරයා විසින් නව පුද්ගලික ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ‍ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ජනක රණවක මහතායි.

වීරවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි පැවසෙන්නේ මීළඟ මහ මැතිවරණය සඳහා තරග වැදීමට පූර්ව සංවිධාන කටයුතු කිරීමේ අදහසින් බව ද වාර්තා වෙයි.

මීට පෙරද එරික් වීරවර්ධන මහතා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නියෝජ්‍ය ඇමැති ධුරයක් හෙබවූ අයෙකි.

28 views
Main News