ජනාධිපතිගේ ප්රකාශය සාහසිකයි.. යහපාලනයට කළු පැල්ලමක්.. නමුත් යහපාලනය මෙතැනින් අවසන් නෑ.. – පුරවැසි බලය හිත හදාගනී..
October 18, 2016 at 1:02 pm | lanka C news
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාගේ ප්රකාශයට ලබා දුන් ‘හොඳ පිළිතුරක්’ බව යහපාලනය බලයට ගෙන ඒමට උර දුන් සමාජ ක්රියාධරයෙක් ප්රකාශ කරයි.
එමෙන්ම එය වසර දෙකක යහපාලන ආණ්ඩුවේ බරපතලම කළු ලපයක් බවත් පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ පැවසීය.
අධ්යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම එම ‘සාහසික ප්රකාශයට’ දුන් කදිම පිළිතුරක් බව පවසන ප්රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ ජනාධිපතිවරයාගේ ප්රකාශය මගින් ‘කොන්ද නොනමා වැඩ කරන රාජ්ය නිලධාරීන්ට’ නිදහසේ වැඩකිරීමේ පරිසරය අසුරා දමා ඇති බවත් සඳහන් කළේය.
කෙසේ නමුත් මේ ගැටුම හේතුවෙන් යහපාලනය කිසිසේත්ම බිඳ නොවැටෙන බවත් ගාමිණී වියන්ගොඩ අවධාරණය කළේය. “යහපාලනය මේකෙන් බිඳවැටෙන්නේ නෑ. අපි මේ වගේ සිද්ධි උඩ යහපාලනයට බිඳවැටීමට ඉඩ තැබිය යුතුත් නෑ.”
– BBC