ජනාධිපතිගේ මතය අගමැතිගේත් මතයයි.. කරකියා ගන්න දෙයක් නැති එජාපය ලැජ්ජාවෙන් හිස බිම ඔබා ගනී..
October 15, 2016 at 4:05 am | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා කරන ලද ප්රකාශය අගමැති රනිල් වික්රමසිංහගේත් ස්ථාවරයම බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති හමුවකදී මේ පිළිබදව සාකච්චා වූ බවද පවසන ඇමතිවරයා තමන්ද ඒ අවස්ථාවේ එහි සිටි බවද පැවසීය.
CID, FCID සහ අල්ලස් කොමිසම දේශපාලන උවමනාව අනුව වැඩ කරන බව ජනාධිපතිවරයා ප්රකාශ ප්රකාශ කල අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තිදෙනක් අධිකරණයට ඉදිරිපත් කිරීම හෙලා දකින කියා සිටියේය.
ජනාධිපති කියනව FCID,CID, අල්ලස් කොමිසම යන ආයතන දේශපාලන උවනාවන් මත ක්රියාකරන එක හෙලා දකිනවලු එයා ඒ ගැන හොයා බලනවලු එයා ඒ ගැන ක්රියා කරනවලු…….මෙන්න යකෝ හිටපු ගමන් හුටනුත් කියනව එයත් හිටං ගෙ මතයෙමලු ඉන්නෙ. එතකොට කව්ද බං මේ දේශපාලන හස්තය. හිටං එකවරක් දෙවරක් නෙමෙයි ජනතාවගෙ ඇස් වලට වැලි ගැහුවෙ. මේකත් ඒ වගෙම ඩබල් ගේමක් තමයි…අපි අහුවෙයි ඕවට……