ජනාධිපතිගේ මත්පැන් විරෝධී වැඩපිළිවෙළ ගැන මල්වතු නාහිමියන් වෙත බොරු කී ඇමති අමරවිර නාහිමියන්ගේ අතටම මාට්ටු වේ.. [Video]

April 4, 2017 at 3:25 am | lanka C news
ජනාධිපතිගේ මත්පැන් විරෝධී වැඩපිළිවෙළ ගැන මල්වතු නාහිමියන් වෙත බොරු කී ඇමති අමරවිර නාහිමියන්ගේ අතටම මාට්ටු වේ.. [Video]

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මත්පැන් විරෝධී වැඩපිළිවෙළ සාර්ථකව සිදු කරන බවට මා නාහිමියන් දැනුවත් කිරීමට උත්සහ ගත් වර්තමාන ආණ්ඩුවේ ධීවර කටයුතු අමාත්‍ය මෙන්ම එජනිස ලේකම් මහින්ද අමරවීර මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නා හිමියන් පෙරලා ප්‍රශ්න කිරිමෙන් ආණ්ඩුවේ මත්පැන් සම්බන්ධ දෙබිඩි පිලිවෙත හෙලි විය.

“ජනාධිපතිතුමා මේ මත්පැන්වලට එහෙම තදින්ම විරුද්ධයි නේ” යයි අමරවීර අමාත්‍යවරයා මා නාහිමියන් වෙත පැවසු අතර උන්වහන්සේ පෙරලා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ “නමුත් මත්පැන් කර්මාන්තශාලාවක් හදනවා කියලා පත්තරේ තිබුනා’ යන්නයි.

එහිදි අමාත්‍යවරයා නා හිමියන් ඉදිරිපිට තක්කු මුක්කු වී එම ගමනට සහභාගි වූ තම සහෝදර ඇමතුවරුන් දිහාදි බලමින් මල්වතු මහා විහාරයේ සිට අමූලික බොරුවක් කියමින් “එහෙම එකක් නැගෙනහිර පලාතේද කොහ්දෝ හදනවා නේ” යන්න එය වෙනත් රටක සිදුවන දෙයක් මෙන් හෙමිහිට ලිස්සා යන අයුරු මාධ්‍ය මගින් දැක ගත හැකි විය.

51 views