ජනාධිපතිගේ වැඩපිළිවෙල නිසා කොරෝනාවෙන් රට බේරුනා.. පැවති ආණ්ඩුව තිබුනා නම් රටම ඉවරයි..

July 27, 2020 at 8:02 am | lanka C news
ජනාධිපතිගේ වැඩපිළිවෙල නිසා කොරෝනාවෙන් රට බේරුනා.. පැවති ආණ්ඩුව තිබුනා නම් රටම ඉවරයි..

රට සංවර්ධනය කරා ගෙන ගොස් විරැකියාවට විසදුම් ලබාදීමටත්, ජනතාව අතේ මුදල් ගැවසෙන යුගයක් නැවත බිහිකිරීමටත්, ජනාධිපතිවරයා නියෝජනය කරන පොහොට්ටුවට මෙවර මහ මැතිවරණයේදී බලය ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ මස්කෙළිය ගිණිගත්හේන සියරා ක්‍රීඩාංගනයේ පැවැති හමුවට එක්වෙමිණි.

අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා පක්ෂ දෙකක් නියෝජනය කිරීම නිසා යහපාලන රජය සමයේ ජනතාවට කිසිදු සෙතක් අත් නොවුනු බව ද කී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙවර මහ මැතිවරණයේදී එවැනි වාතාවරණයක් බිහි නොකිරිම ජනතාවගේ යුතුකමක් බවයි.

ඉකුත් සිය රජය සමයේ මෙරට සම්පත් වැඩිකරමින්, රටේ වටිනාකම වැඩි කළද යහපාලන රජය බලයට පැමිණි හැටියේ එම සම්පත් විකුණා සිය සාක්කු පුරවාගත් බවද අග්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.

මෙරට කොරෝනා රෝගීන් වාර්තාවීම ආරම්භ වු ආකාරය සහ වෛරසය මැඩපැවැත්විම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳව විස්තර කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ යම් හෙයකින් කොරෝනා රෝගය පැතිරෙන අවස්ථාවේ පසුගිය ආණ්ඩුව බලයේ සිටියේ නම් මේ වන විට රට ම ලෙඩ කර ඇති බවයි.

මේ නිසා රටේ යහපත වෙනුවෙන් වැඩ කර ඇති සහ වැඩ කළ හැකි බව පෙන්නුම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ ජනාêපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බලය ලබා දෙන්නැයිද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

– සිසිර මුණසිංහ

52 views

12 Comments to “ජනාධිපතිගේ වැඩපිළිවෙල නිසා කොරෝනාවෙන් රට බේරුනා.. පැවති ආණ්ඩුව තිබුනා නම් රටම ඉවරයි..”

  1. wijebahu says:

    get lost you useless old fart, person who was directly responsible good for Friday attack is your parties chairman. Someone else would have been done better and corona would have been totally controlled. at the moment its just a eyewash.

  2. ක්‍රිමිනල් says:

    ආයෙත් කියන්න දෙයක් නෑ ගෝඨාභය රාජපක්ෂ නම ඇහෙනකොටත් අපට බයක් නැත.ඔක්කොම වගකීම් ඔබතුමාට දීලා අපිට සැනසීමක් දැනෙනවා ජනපති තුමනි. දැන්නම් බයක් නෑ රට ගැන අපේ විශ්වාසය රකින්න.මහින්ද මහත්තයාගෙන් පස්සෙ මෙි රටට නිමා නොවන වසන්තයක් උදා වුනා, ජනපතිදුනි ගෝඨාභය මහත්මයානෙනි රට පෙරට නම් ගෝඨාභයයි.

    • N සංජීව herath says:

      අනිවාර්යෙන්ම සුරක්ෂිත රටක් බිහි කළ හැක්කේ ජනපති තුමනි ඔබටයි ඔබ එය කලා ඉදිරියටත් අපි ඔබට නොමද සහයෝගය දෙන්නෙමු

  3. රජරට බයියා says:

    ගරු අගමැති තුමනි,

    රටේ ජනතාව ඔබතුමා සමගයි.

    රටම බේරන දිනය ඇරැඹෙන අගොස්තු 05 දිනයට තව දින 09 යි.

    පොහොට්ටුව දිනවමු. රට දිනවමු. සෞභාග්‍යය ලගාකර ගනිමු.

    • Ex ජ‌ෙප්පා says:

      88-89 මම බොක්ක‌ෙන්ම ජේවීපි කරපු නිසා සීගිරියටවත් යන්න ව‌ෙලාවක් තිබුනේ නෑ…ඉතින් ඒ කාලේ අපි සහෝදරයෝ එකතු ව‌ෙලා දළදා මාලිගාව ඇතුලේ සන්නද්ධ ප්‍රහාරයක් එල්ලකලා,බැංකු මංකොල්ල කෑවා.
      සෝමවංශ සහෝදරයා අපට කිව්වා “සහෝදරවරැනී එක මග ද‌ෙද‌ෙන‌ෙක් නොයව්” කියලා.ඒ අනුව අපි උපාය මාර්ගිකව මූලිකව ප‌ෙරමුණ තුනකට විහිදුනා.අපේ පලමු ප‌ෙරමුණ මැදමුලන වලං සෝදනවා,ද‌ෙවන ප‌ෙරමුණ සිරිකොත වලං සෝදනවා.අපේ තුන්වන ප‌ෙරමුණ වාසිටි වල ඔලු හෝදනවා.
      අපේ දීීීීීර්ග කාලීන සැලසුම නිසා සිරිකොත අද සොහොන්කොතක් ව‌ෙලා ,මැදමුලන සූකරයෝ පිරිච්ච මැද මූකලානයක් ව‌ෙලා,වාසිටි නෝ කැපැසිටි පොරවල් බිහිකරන තැනට වැටිලා.රටට ගමනක් නැති තැනට වැටිලා.අපේ ජයග්‍රහණය අතලගයි.

  4. BANGOYYA says:

    වනාන්තර ආරක්ෂාකර ගැනීමට නිකුත්කල 05/2001 චක්‍රලේඛණය අහෝසි කලා
    බලපත්‍ර නොමැතිව වැලි, පස් ප්‍රවාහනයට අවසර ලබා දුන්න
    පුරාවිද්‍යා ස්ථාන ටික කඩා බිඳ දමන්න ඉඩ දුන්න
    ශැංග්‍රිලා හෝටලයට තව අක්කර තුනක් දුන්න
    ලෝකෙපුරා කොරෝනා පැතිරදේදි ඒක ගනන් නොගෙන ආණ්ඩුව විසුරුවල, නාමයා්ජනා කැඳවල කොරෝනාට රටට එන්න ඉඩ හදල දුන්
    වැඩ පටන්ගත්ත විතරයි. මේ ටිකට කරපු ටික මදිද?

  5. ක්‍රිමිනල් says:

    අලියෙක් අදෝවාතයක් ඇරියත් මෙගොල්ලන්ට “ජහපාලනේ” . ඉතිරි අවුරුදු හතරත් ඔහොම්ම කියමු මහත්තයො … 😂😂😂

  6. Ravana parapura says:

    අපේ රාවණ රජ තුමාගේ හෙළ වෙදකමට පිං සිද්ද වෙන්න රාවණ යුගයක් නැවත ගොඩනගමු
    ජනාදිපති තුමාට ජය.

  7. Hari says:

    ජනාධිපතිගේ වැඩපිළිවෙල නිසා කොරෝනාවෙන් රට බේරුනා,රාජපක්ෂලා නිසා රට අබ්සරණ උන්නා

  8. Jagath says:

    ජනාධිපති නිසාම තමයි බේරුනේ. ඔයා හිටියා නම් අපිත් පස්යට තමයි.

Main News