ජනාධිපතිගේ සංචාරය අතරතුර දේශපාලන සිරකරුවන් හා අතුරුදහන් වූවන් වෙනුවෙන් උද්ඝෝෂණයක්..

March 22, 2018 at 8:02 am | lanka C news
ජනාධිපතිගේ සංචාරය අතරතුර දේශපාලන සිරකරුවන් හා අතුරුදහන් වූවන් වෙනුවෙන් උද්ඝෝෂණයක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 දින යාපනයේ සංචාරයක නිරතවන අතරතුර යාපනය සෙන් පැට්ට්‍රික් විදුහල ආසන්නයේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් අතුරුදහන් වූවන් සොයා දෙන ලෙසත් ඉල්ලා උද්ඝෝෂණයක් පැවත්වුණි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර එම අවස්ථාවට දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පිරිසක් සහභාගී වී සිටියහ.

උද්ඝෝෂණයෙහි නිරත වූවන් කියා සිටින්නේ වතමන් ආණ්ඩුව බලයට පත් වී වසර කිහිපයක් ගත වුවද මෙතෙක් යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා නොදී ඇති අතරම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා නඩුපැවරීම සම්බන්ධයෙන්ද විධිමත් පියවරක් ගෙන නොමැති බවටයි.

එමෙන්ම අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මේ වන විට වසරකට වැඩි කාලයක් උතුරු නැගෙනහිර සත්‍යග්‍රහයන් ආරම්භ කර ඇති බවත් මෙතෙක් එම වැසියන් වෙනුවෙන් විසඳුමක් නොලැබුනු බවටත්ය.

ජනාධිපති තුමන් සෙන් පැට්‍රික් විදුහලේ විද්‍යාගාරයක් විවෘත්ත කිරීමට හා එම විදුහලේ නානතටාකයකට මුල් ගල තැබීම් අවස්ථාවට පැමිණි අතර සෙන් පැට්ට්‍රික් විදුහලට හැරෙන මන්සන්ධියේදී මෙම උද්ඝෝෂණය පැවත්වුනද ජනාධිපතිතුමන් උද්ඝෝෂණය අතරතුරදී ඔවුන් හමු නොවූ අතර පසුව උද්ඝෝෂකයින් පිරිසකට ජනාධාපතිතුමන් හමුවීමට අවස්ථාව සලසා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් කරුණු සාකච්ඡා කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

One Comment to “ජනාධිපතිගේ සංචාරය අතරතුර දේශපාලන සිරකරුවන් හා අතුරුදහන් වූවන් වෙනුවෙන් උද්ඝෝෂණයක්..”

  1. ජනක says:

    හා බයවෙන්න එපා දකුණේ උද්ගොෂකයන්ට ගහලා ඇට තලලා කුඩුවේ දැම්මට මේගොල්ලන් එක්කනම් කතා කරලා මුනත් ඉඹලා ප්‍රශ්න විසදලා දෙන්න ඇති “සහජිවනේ “කියන්නේ අන්න එකට .

Main News