ජනාධිපතිගේ සාකච්චාව අසාර්ථකයි.. නැගෙනහිර පර්යන්තය 100%ක් රජය සතුවිය යුතුයි.. දශමයකින් පස්සට යන්නේ නෑ.. වරාය සේවකයෝ මහ සටනකට පණ පොවති..

January 14, 2021 at 3:36 am | lanka C news
ජනාධිපතිගේ සාකච්චාව අසාර්ථකයි.. නැගෙනහිර පර්යන්තය 100%ක් රජය සතුවිය යුතුයි.. දශමයකින් පස්සට යන්නේ නෑ.. වරාය සේවකයෝ මහ සටනකට පණ පොවති..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඊට සහභාගී වූ වරාය වෘත්තිය සමිති නියෝජිතයෝ සදහන් කරති.

51%ක් වරාය අධිකාරියටත් 49% පුද්ගලික අංශයටත් එහි අයිතිය දිය යුතු බව ජනාධිපතිගේ අදහස වූ බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය.

නමුත් තම ස්ථාවර වන්නේ පර්යන්තයේ 100%ක් ලංකාව සතු විය යුතු බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය දශමයක් හෝ පසුපසට යාමට සූදානම් නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

37,843 views

55 Comments to “ජනාධිපතිගේ සාකච්චාව අසාර්ථකයි.. නැගෙනහිර පර්යන්තය 100%ක් රජය සතුවිය යුතුයි.. දශමයකින් පස්සට යන්නේ නෑ.. වරාය සේවකයෝ මහ සටනකට පණ පොවති..”

  1. Senevi says:

    Government can easily find money for development by issuing 49% shares to general public. Munta mole nathuwada mole kachalda?
    Ko ape wiyathmaga wiyaththu.

  2. ගමේ වෙදා says:

    Public Private Partnership කියන්නෙ පෞද්ගලීකරණයේ මුල් පියවර .ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ලෝක බැංකුව බල කරන්නෙ සියල්ල පෞද්ගලීකරණය කරල හිඟමනට වැටියන් කියලයි 🤬

    • LION says:

      නැගෙනහිර පර්යන්තය 100%ක් රජය සතුවිය යුතුයි.. වාරයේ සේවකයින් ගත් තීරණය නිවැරදියි අපේ රටේ ජාතික සම්පත් ඉන්දියන් සමාගම් සතු නොකලයුතුයි …දේශපාලකයින් ඔවුන්ගේ වාසි තකා අපේ රටේ ජාතික සම්පත් විදේශිකයින් සතු නොකළ යුතුයි …..

  3. sunimal says:

    විද්වත් කමිටිවෙන් අදහස් ලබා ගමු.

    • JOHN says:

      මොනවා බලන්නද ?බල බල සිටියොත් මුළු රටේම සම්පත් විදේශිකයින් සතු වෙලා

  4. බන්ඩා says:

    ව්‍යාපාරයක කොටස් විකිනීම හෝ මිල දී ගැනීමත් ආයෝජනයක් තමය්.

  5. බන්ඩා says:

    ව්‍යාපාරයක කොටස් විකිනීම හෝ මිල දී ගැනීමත් ආයෝජනයක් තමය්. මෝඩයන්ට නොතේරෙන දේ තමය් ව්‍යාපාරය සුරක්ෂිතව ඉදිරියට ගෙන යාමට සුදුසු ආයෝජකයා සොයා ගැනීම. මේක මම අත් දැකීමෙන් දන්නවා.

  6. සමථ මණ්ඩලය says:

    උදාහරණයකට බිල්ඩිමක් කුලියට දෙන බිස්නස් එකක් ගනිමු.
    බිල්ඩිම පරණයි නම්, ගරා වැටෙනවා නම්, හුණු ගාලා, පේන්ට් කරලා, අලුත් බඩු මුට්ටු දාන්න සල්ලි අවශ්‍යයි. ඒ සදහා ආයෝජනයක් අරගෙන, ලාබයෙන් කොටසක් අර ආයෝජකයාට ලබා දෙනවා.

    උදා: බිල්ඩිම සහ ඉඩම ලක්ෂ 90ක් වටිනවා. ආයෝජනය ලක්ෂ 10යි.
    එතකොට ආයෝජකයාට ගෙවන්නේ උපරිම ලෙස මුළු ලාබයෙන් 10%යි.

    ඒ විදිහට ගත්තාම අපි දැනගන්න අවශ්‍යයි වරායේ මුළු වටිනාකම කියාද?
    ඉන්දීය සමාගම ආයෝජනය කරන මුදල කීයද?
    ලැබෙන ලාබයෙන් ඉන්දීය දමාගමට ගෙවන ප්‍රතිශතය කීයද?

  7. Diogenes says:

    wikunaa damillath aayojanayak thamayi!!

  8. Gajaba says:

    Othanata Daapu Janaraltath oka beragann baridà ?
    Ratak beragatthai kewwa kattiya neda ?

  9. baiya says:

    ane manda amma thaththa vikkath kade yana baiyo set ekakuth bihiwela kiyapanko daana comment dakkama.

  10. ඡාතික අරකෂාව රටේ සවෙෙරිත්වය පාවා නොදෙනු..! says:

    “රොහාන් සමරඡිව” කොමිස් කාක්කා..අමෙරිකානු ගැති වහලෝ..
    පලයං උඔලගේ ‘ගරා වැටෙනු’සිහින ලෝකවලට”..,
    ‘අමෙරිකාවේ නිර්මානය වන සිවිල් යුද්ධයට’ ‘කාඩා වැටෙන අාර්ථිකයට අපේ ඡාතික සම්පත් බිලි නොදෙනු..!
    ලොක යුද්ධය පෙනිපෙනි… ඡාතික අරකෂාව රටේ සවෙෙරිත්වය පාවා නොදෙනු..!

Main News