හිතුවක්කාර ජනාධිපති නිසයි මෙහෙම වුනේ… ජනාධිපතිගේ බලය පාර්ලිමේන්තුවට ගත යුතුයි…

April 21, 2022 at 8:02 am | lanka C news
හිතුවක්කාර ජනාධිපති නිසයි මෙහෙම වුනේ… ජනාධිපතිගේ බලය පාර්ලිමේන්තුවට ගත යුතුයි…

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ අදහස් පල කර සිටියේය.

ගරු කථානායකතුමනි

පක්ෂ නායක රැස්වීමේදී ගත්තු තීරණ නෙවේ ඔබ තුමා සභාවට කිව්වේ .ඔබ තුමා කිව්වා 20 අහෝසි කරනවා කියලා.නමුත් දැන් සභාවට එහෙම කිව්වේ නැ. පොරොන්දු උනා 20 අහෝසි කරනවා කියලා.19සමග සංශෝධන ගේනවා කිව්වා. ජනාධිපතිතුමාගේ කතාවෙන් ඔප්පු වෙනවා විධායක ජනාධිපති ක්‍රමය අසාර්ථකයි .අපි ඉල්ලීමක් කරනවා සංශෝධන ගේනකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සංශෝධන ගෙන්න කියලා.

ගරු කථානායකතුමනි

අද රටේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව නිසා නෙවෙයි.20 වැනි සංශෝධනය ගෙනැල්ලා මේ පාර්ලිමේන්තුවේ බලතල  විධායක ජනාධිපතිතුමාට දුන්නා .එතුමා තමයි තීරණ ගන්නේ ,මේ පාර්ලිමේන්තුව නෙවෙයි.අපි කිව්වට පාර්ලිමේන්තුට මුදල් බලයක් තියනවා කියලා ඇත්තටම පාර්ලිමේන්තුවට මුදල් බලය තියනවද ?ඉන්දියාව සමග තෙල් ටැංකි පිළිබද ගිවිසුම් අත්සන් කළා නමුත් මේ පාර්ලිමේන්තුව දන්නවද ජැටිය දුන්නා අපි දන්නවද සෑම දෙයක්ම පාර්ලිමේන්තුවට පිටින් කරලා තියෙන්නේ.20වැනි සංශෝධනය හරහා අපේ බලතල,අග්‍රාමාත්‍යතුමාගේත්  බලතල ,ඔබතුමාගේත් බලතල අහෝසි කරලා ජනාධිපතිතුමාට දුන්නා.

ජනාධිපතිතුමා කිව්වා යම් යම් වැරදි තීරණ එතුමා ගත්තේ කියලා.හිතුවක්කාර තීරණ නිසයි මේ ප්‍රශ්න ඇති වුනේ.විධායක ජනාධිපති ක්‍රමය අසාර්ථකයි ,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය ලබා ගත යුතුයි.

– මාධ්‍ය ඒකකය

28,641 views

17 Comments to “හිතුවක්කාර ජනාධිපති නිසයි මෙහෙම වුනේ… ජනාධිපතිගේ බලය පාර්ලිමේන්තුවට ගත යුතුයි…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මේ මූසල ඕන ගෝනෙකුට පුලුවන්ද පොහොට්ටුව පරදන්න?

  2. ගෞම් ඊයාරාජ් says:

    කිරිපල්ල උබත් හොරෙක් නේ ! උබලාත් හයිවේ වලින් ගහපු ගැහිලි රටම දැක්කා , උබලා අර වදවෙලා ගිය ඩයිනසොර්ලා වගේ , නවීන දේශපාලනය නොදත් ප්‍රාග් ඓතිහාසික ජීවීන් , උබලා රටට බරක් , සුපැහැදිලි විගණනමය ක්‍රියාවලියක් ඇතුලේ රටෙන් කොල්ලා කාපු ධනය රටට ලැබෙන වැඩපිලිවෙලක් සකස් කරනකං කකුළුවා හැළියේ නටනවා වගේ නටපිය ඒත්, ඉතින් උද්දච්ච නන්දෙගේ කතාව ඇත්ත. 😂🔫

    • Ajith Polhengoda says:

      මේකා ඩයිනසෝරයෙක් වගේ වුනාට බිජ්ජ මියෙකුගේ වගේ ඇති, බීජ්ජකුට පර්වතය වගේ නැතුව.

  3. කකුළුවා says:

    කිරිඇල්ල උඹයි උඹේ දුවයි මේ රටෙන් චුතවෙලා ගියත් කමක් නෑ, එත් යන්න කලින් 21වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර පාර්ලිමේන්තුවට සහ කොමිසන් සභා සඳහා බලය ලබා ගත යුතුයි. ඉන්පසු රනිල් වික්‍රමසිංහ වැනි ජාත්‍යන්තරය පිළිගත හැකි නායකයෙකු යටතේ සීමිත කැබිනේට්ටුවකින් (20කට නොවැඩි, සැම පක්ෂයක්ම නියෝජනය වන විෂය දැනුම ඇති උදා : අනුර කුමාර, පාඨලී, ඩලස්, ෆොන්සේකා, ලිස්ට් එකෙන් හරි ගෙනල්ලා හිටපු විඝනකාධිපති වගේ දක්ෂයින් ) වසරක් පාර්ලිමේන්තුව පවත්වා පවතින මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සිදු කලයුතුය. බලතල ඉවත් කර ‘නාමික’ බැවින් ගොටභය තවදුරත් ජනාධිපතිධුර කාලයම තනතුරේ සිටීම ප්‍රශ්නයක් නොමත. දැන් තිබෙන ආර්ථික තත්වය උඩ මැතිවරණ පැවැත්වීම සිදුකල නොහැක බැවින් වසරකට පසු මහා මැතිවරණයක් පවත්වා ජනතාවට කැමති රජයක් පත් කිරීමට අවස්තාව ලැබෙනු ඇත. දැනට ඇති හොඳම විසඳුම මෙයයි. වෙනත් විකල්ප විසඳුම් මඟින් තම පුද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට ගොස් රට අවුල්ජාලවකට පත්වීම නොවැලක්විය හැක. එසේ වුවහොත් මේක තවත් ලිබියාක්වක් වීමද නොවැලක්විය හැක.

  4. Nishanthi says:

    Ane palayan miniho.ubalaa lassanata yahapaalana rajaya kalaa ne.thamuse katha karana kotath mata nam ahan inna beri takaramakata gahanawa wage.aprasannai

  5. මල්ලී පොහොට්ටූව කලා ගන්ත නම් ආයෙ පිපෙන්නේ නෑ. says:

    මල්ලී පොහොට්ටූව කලා ගන්ත නම් ආයෙ පිපෙන්නේ නෑ. මල් ආසනයට යන්ව කලින්ම ලබිබ දාලා දූෂණය කරව ගත්ත නම් හැමනියල්ලා …

Main News