ජනාධිපතිටත් උඩින් ලොරි ටෝක් දුන් හේමකුමාර ආණ්ඩුකාරකමෙන් පන්නයි..

October 14, 2017 at 10:00 am | lanka C news
ජනාධිපතිටත් උඩින් ලොරි ටෝක් දුන් හේමකුමාර ආණ්ඩුකාරකමෙන් පන්නයි..

දකුණු පලාත් ආණ්ඩුකාර හේමතුමාර නානායක්කාර මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජයේ ඉහල පෙලේ දේශපාලඥයන් පිරිසක් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

නානායක්කාර මහතා ආණ්ඩුකාරවරයා ලෙස හිදිමින් රජයේ කටයුතු විවේචනය කර ඇති බවට ලැබී ඇති තොරතුරු වලට අනුව ඔහු ඉවත් කිරීමට යන බව පැවසෙයි.

යෝජිත ආණ්ඩු ක‍්‍රම ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද ආණ්ඩුකාරවරයා විරෝධය දක්වා ඇති බවත් පළාත් සභාවේ මන්ත්‍රී පිරිසක්ද මොහුට එරෙහිව ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇති බවද වාර්තා වෙයි.

හේමකුමාර නානායක්කාර මහතා දරණ ආණ්ඩුකාර ධුරයේ නිල කාලය ඉදිරි මාස කිහිපයකින් අවසන් වීමට නියමිතව ඇති අතර එතෙක් ඔහුට තනතුරේ රැඳී සිටීමට ඉඩ දෙන්නේද ඉවත් කරන්නේද යන්න ගැන සාකච්ඡා වෙමින් පවතින බව ද දැන ගන්නට ඇත.

97 views

One Comment to “ජනාධිපතිටත් උඩින් ලොරි ටෝක් දුන් හේමකුමාර ආණ්ඩුකාරකමෙන් පන්නයි..”

  1. යොහාන් says:

    හෙම කුමාරට රැවටෙන්න එපා මෙයාගේ මුළු සිස්ටම් එකම දුවන එකම ප්‍රතිපත්තිය “මට මේ වැඩෙන් කියක් ලැබේවිද “කියන එක විතරයි මෙයත් අර සියබලාපිටිය ,මර්වියා ,මහින්ද මරවිර ,දුමින්ද දිසානායක ,රන්ජන් රාමනායක ,සිරිසේන ජාතියේම තවත් පොරක් ,මුන්ගෙන් රටට මෙලෝ සෙතක් උනෙත් නෑ කවදාවත් වෙන්නෙත් නෑ .

Main News