ජනාධිපතිට ආණ්ඩුකාරවරුන් පහයි.. පොහොට්ටුවට හතරයි.. රජයේ ආයතනවල ප‍්‍රධානීන් රැසක් ඉවතට..

August 7, 2022 at 10:22 pm | lanka C news
ජනාධිපතිට ආණ්ඩුකාරවරුන් පහයි.. පොහොට්ටුවට හතරයි.. රජයේ ආයතනවල ප‍්‍රධානීන් රැසක් ඉවතට..

ආණ්ඩුකාරවරුන් මාරු කිරීමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ආණ්ඩුකාර වූ පස් දෙනකු පත් කිරීමට නියමිතව ඇත.

බස්නාහිර, සබරගමුව, වයඹ, නැගෙනහිර, උතුර යන පළාත් සඳහා ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරුන් පත් කරනු ඇති අතර සෙසු පලාත් සදහා දැනට සිටින අාණ්ඩුකාරවරුන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් පුද්ගලයන් පත් කිරීමට නියමිතය.

මීට අමතරව රජයේ ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල වැඩි ප‍්‍රමාණයක දැනට සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයන් ඉවත් කර ඒ වෙනුවට නව පත් කිරීම් සිදු කිරීමටද රජය තීරණය කර ඇත.

42,355 views

9 Comments to “ජනාධිපතිට ආණ්ඩුකාරවරුන් පහයි.. පොහොට්ටුවට හතරයි.. රජයේ ආයතනවල ප‍්‍රධානීන් රැසක් ඉවතට..”

  1. Chandra says:

    හැන්ද අතේ තියෙන එකා ඉස්සෙල්ලා වැඩියෙන් බෙදාගන්න එක සාමාන්‍ය සිරිතක් නේ. රනිල් ඒ වැවැඩවලට කොහොමත් දක්ෂයි.

  2. බමුනා says:

    රාජලයි 69යි මේ පාර ඉල්ලගෙන කෑවා.

  3. වර්ග කි.මී. 65610 පාලනයට ජනපති, අගමැති , මැති -ඇමති 225 , පලාත් සභා කට්ටලයයි, ප්‍රාදෙශීය සභා කට්ටලයයි, නගර සභා කට්ටලයයි, මදිවටද තව ආණ්ඩුකාරවරු කට්ටල මහ ඇමති කට්ටල, මේවා ඔක්කොම දේශපාලන පක්ශ බලය තහවුරු කරගන්න මිසක් රටේත් ජනතාවගේත් යහපත උදෙසාද ????? මේ හැම කට්ටලයකටම කාර්‍යාල සේවක පහසුකම් , යාන වාහන , ඉන්ධන වලට අමතරව කොමිස් ගැහිලි ව‍යාපෘති වැලි පර්මිට් , කළුගල් කැඩීමේ පර්මිට්, බාර් පර්මිට් ඉතින් මේ රට ගොඩගන්න පුලුවන්ද ??? සදාකාලිකවම පොදු ජනතාව හිඟමනේ , සැපට ජීවත්වෙන්න නම් ඔබේ දරුවා ප්‍රාදේශීය සභාවකවත් ඩේශ පාලනයට යවන්න වෙයි හෙනම ගහපිය කාලකන්නි දේශපාලුවන්ට.

    • Ratawesi says:

      ඉතින් මේක වෙනස් කරමු කියලා කිව්වමත් ඔයාලා බනිනවා.අවුරුදු 40ක් පර්ලිමේන්තුවේ ඉදලා හය සැරයක් අගමැතිවෙලා ක්ස්‍රන්න බැරිවූ දේ රනිල් දැන් කරයිද?

      රටම ලොකූ ආර්තික අර්බුදයක තියෙද්දී අගමැති වුනාම කලේ තමන් ලග සිටි සමනල්ලු රටේ වැදගත් මිලදී ගැනිම් අන්ශ වල ලොක්කන් කරන එක.ජනපති උනාම ඒ සමනල්ලු ටික උපදේශකයන් කලා.මුන් එදා ඉදලා කලේ රටට හෙන ගැහුනත් ගජ මිතුරන්ට කොල්ල කන්න දෙන එක. ඉතින් තව මාස හයක් දීල බලමුද?

    • Gamini says:

      This corrupt system has been happening for the past years. Ranil has not changed this system. So the same old corrupt system exists.

  4. Kalu Albot says:

    Raajaaksalage kattiyama path karanna ! Air Lanka ekata Kelawapu Shiranthige Malli ehemath inne !

  5. JR says:

    80 ගනන් වල ජවිපෙ ත්‍රස්තවාදය මර්දනය කරන්න STF එක හැදුව වගෙ ඔරිජිනල් වැඩ කරලා හිටං මෙදා පාර ngo පෙරටුජෙපි ත්‍රස්ත කල්ලි පල්ලි පිල්ලි අරගල ගාය ඉවරයක් කරන වගකීම මගහැරලා නම් කිසිම ජනාධිපති කෙනෙකුට මේ රටේ පැවැත්මක් නෑ. අරගල ගාය මර්දනය කලොත් ආර්ථිකය ඉබේම නගිනවා…

  6. DH says:

    මැදැයි අන්තිමට UNP එකයි, ශ්‍රීලනිපෙයි එකතු කරේ රනිලුයි, බැසිලුයි.

  7. people says:

    තනතුරු බෙදාගනිලි වලට ඉස්සර රටේ ආර්ථිකේ හදන වැඩපිළිවෙල කියලා හිටියා නම් හොඳයි නේද ?

Main News