ජනාධිපතිට ඇමරිකාවට ඇතුළු වෙන්න නොදේ.. ඉන්දියාවටත් ගොඩබහින්න නොදේ…

July 12, 2022 at 10:02 pm | lanka C news
ජනාධිපතිට ඇමරිකාවට ඇතුළු වෙන්න නොදේ.. ඉන්දියාවටත් ගොඩබහින්න නොදේ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවට යාම සඳහා ඉදිරිපත් කරන ලද වීසා අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ.

ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය උපුටමින් මේ බව වාර්තා කරයි.

ඇමරිකානු පුරවැසිභාවය අතහැර දමන ලද අයකුට අමුත්තන් සේ වීසා බලපත්‍ර නැවත ලබා නොදෙන බවත් පවුලේ සාමාජිකයකුගේ හදිසි මරණයක්, වෛද්‍ය ප්‍රතිකාරයක් වැනි ඉතා සුවිශේෂ තත්වයන් යටතේ පමණක් වීසා බලපත්‍ර ලබා දෙන බවක් ඇමරිකානු පුරවැසිකම අතහරින අවස්ථාවේ සිහිලත් කල බවද තානාපති කාර්යාල ප‍්‍රකාශකයා සඳහන් කර ඇත.

මේ අතර ‍ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් ජනාධිපතිවරයා ඉන්දියාවට යාමට බලාපොරොත්තුවද ඉන්දියාව එරට භූමියට එම ගුවන් යානයක් ගොඩ බැස්සීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වෙයි.

115,643 views

80 Comments to “ජනාධිපතිට ඇමරිකාවට ඇතුළු වෙන්න නොදේ.. ඉන්දියාවටත් ගොඩබහින්න නොදේ…”

  1. Monarawila says:

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ

    කෙලෙහිගුණ නොදන්නා මිනිසුන්ට, ජාතියකට යම් දිනෙක කළකම් පලදෙනු ඇත .

    History Repeat Itself.

  2. JR says:

    ගෝටාබය ජනාධිපති වෙන්න බලෙන් ඉල්ලුවෙ නෑ… පෝට්ටුවෙනුයි යෝජනා කලේ… පරන කරුමෙකට කරගහලා අමාරුවෙ වැටුනා… වෙන මොකා ජනාධිපති වුනත් මේක වලක්වන්න බෑ…

  3. Ranjan says:

    Umbellate onne wenne 2008/2009 wage ape rata LTTE sakkiliyan weda patangaththama. Mathakada boleta?
    Ekama weredda kale arthikaya wattapu eka. Oya okkma une IMF yanne nethuwa desihaya yanthranayak haraha rata godanaganna puluwan kiyapu hindha.

  4. Boo says:

    ගෝටා ඇමරිකන් කාරයෙක්ය කියලා මේකෙ කොටපු ගොබ්බ ලොන්තපොල් වහල් තැරි බයියො දැන් මොකද දන්නෙ නෑ කියන්නෙ. රෙද්දෙ රෙවිලා ඇති උත්තර නැතුව.

  5. mankolla says:

    Anee allapu attat nehe ,paya gahapu attat nehe.

  6. Mehema wiyayutte pal hora mainatayi eya siyaluma dena samaga elawamu.rata kewa

  7. JR says:

    ඉන්දියාවට සතුටුයිද දැන්.? අසල්වැසි රටක නීත්‍යානුකූල නායකයෙක් හදිසියකට එන්නද ඇහුවම එපා කිව්වා. හැබැයි වෙන රටවල් වලින් පිටුවහල් කරපු ලල⁣යිමාමල වගේ සුද්දන්ගෙ වැසිකිලි හෝදන කාලකණ්ණි කුණු ගොඩවල් ඉන්දියාවෙ තියාගෙන සලකනවා. බුදුවරුන් පහල වෙන රට වුනාට ධර්මය රැකගන්න බැරි වුනේ ඕක නිසා තමයි. අසල්වැසියෙකුට සලකන්නවත් නොදන්න මිසදුටු මිනිස්සු ඉන්න රටක් නිසා ඉන්දියාව තමන් වටේට තියන අසල්වැසි චීනය, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය වගෙ රටවල් ඔක්කොම තරහ කරගෙන ඉන්නෙ. පහුගිය කාලෙ ඉන්දියාවෙන් පකිස්ථානෙට ගහන්න ගියපු මිග්යානා ලඩිය පකිස්ථානෙන් බිම දාල ඒකෙ ඩ්‍රයිවර්ව අල්ලල ආපහු ඉන්දියාවට බාරදුන්නෙ පකිස්ථානෙ හොඳකමටයි. ඒත් ඉන්දියාව එහෙම අසල්වැසියන්ට සලකන්න දන්නෑ. ලංකාවෙ ගුවන් හමුදා යානයක් ඉන්දියාවට ගියාම ඉන්දියාවෙ අහසෙ හුලං බහිනවද? ලෝකෙ බුදුවරු පහල වෙන වටිනා රටේ වුනත් මිනිස්සු මිසදුටුවන් වුනාම යක්කු අරක්ගත් විලක් වගෙයි෴

Main News