ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…
April 29, 2022 at 3:50 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමට විරුද්ධව මෙම පෙත්සම ගොනු කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනපති, හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, නීතිපතිවරයා, රාජ්‍ය වෛද්‍ය අනුරුද්ද පාදෙණිය, අතුරලිය රතන හිමි මෙහි සෙසු වගඋත්තරකරුවන් කර ඇත.
නීතිඥ එරන්ද එරන්ද වැලිඅංගේ, නීතීඥ තාරක නානායක්කාර සහ කෝදාගොඩ ගොවි සංවිධානයේ ලේකම් තිලක් අමරදිවාකර යන අය විසින් මහජන අර්ථසාධක නඩුකරයක් වශයෙන් මෙම පැමණිල්ල ගොනු කර ඇත.
පොහොර මිටිය නොමිලේ දෙනවා කිියලා පුරසාරම් පතබාලා ගොවියා රවටලා ඡන්දෙත් අරන් දැන් රු.40000/- ක් වෙලාලු.
මුන්ට නඩු කෙසේ වෙතත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා සිකුරුයි.
ජනාධිපති මුක්තිය පිළිබඳව නොදන්නා නීතිවේදීන් ඉන්නා රටක නීතියට අබ සරණය.මෙය මෝඩ චූන් එකකි.ඒ මෝඩ චූන් එකෙන් නොදන්නා ජනතාව මොහොතකට අමන්දානන්දයට පත් වෙනු ඇත.අප මේ නීතිඥයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ රටට වැඩක්,අර්ථයක් ඇති දෙයක් කරපල්ලා යනුවෙනි.
මුලින්ම කල යුත්තේ ජවිපෙ මේ රටට කල විනාශයට වන්දි ලබා ගැනීමට නඩු දැමීමයි. ජවිපෙ මරලා දැමූ උගත් 20000 කට අධික පිරිසකට සාධාරණයක් ඉටු කර දීමට නඩු දැමීමයි. ඉන් පසුව සජිත් ප්රමුඛ යූඇන්පිය මරලා දැමූ 40000කට අධික මිනිස්සු වෙනුවෙන් නඩු දැමීමයි. ඉන් පසුව මේ ආණ්ඩුව ට විරුද්ධව නඩු දැමීමයි. නීතිඥ වරු නඩු කතා කරන්නේ සල්ලි වලට මිසක් නොමිලේ නොවේ.