ජනාධිපතිට ඔස්ටේ‍්‍රලියාවෙන් එල්ල වූ අල්ලස් චෝදනාවට මොකද වුණේ.. නීතිපතිට යවලා සෑහෙන කල්..

January 30, 2018 at 11:20 am | lanka C news
ජනාධිපතිට ඔස්ටේ‍්‍රලියාවෙන් එල්ල වූ අල්ලස් චෝදනාවට මොකද වුණේ.. නීතිපතිට යවලා සෑහෙන කල්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඕස්ටේ‍්‍රලියාවෙන් එල්ල වී ඇති අල්ලස් චෝදනාවට සිදුවූයේ කුමක්දැයි රටට හෙලි කරන ලද ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කලේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේ කීවේය.

අද මහින්දගේ හොරකම් ගැන කතාකරන සිරිසේන මහත්තයාගෙන් අපි අහන්න කැමැතියි එදා ඔස්ට්‍රේලියාවෙන් ආපු අල්ලස් චෝදනාවට මොකද වුණේ කියලා.

ඒක නීතිපතිට යැව්වා කියලා කිව්වට දැන් අවුරුදු දෙකකටත් වැඩි කලක් ගිහිල්ලත් කිසිම විමර්ශනයක් නැත්තේ මොකද කියලා අපි ජනාධිපතිවරයාගෙන් අහනවා.

වීදුරු‍ ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා කියලා අපි ජනාධිපතිවරයාට කියනවා. අනෙක් අයට හොරා කියලා එක ඇඟිල්ලක් දික් කරන කොට තමන්ගේ පැත්තට ඇඟිලි හතරක් දිගුවෙනවා කියලා අමතක කරන්න එපා.

මේ මැතිවරණය නිකම් නිකම් පළාත් පාලන මැතිවරණයක් විදියට ලඝු කරන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

22 views

3 Comments to “ජනාධිපතිට ඔස්ටේ‍්‍රලියාවෙන් එල්ල වූ අල්ලස් චෝදනාවට මොකද වුණේ.. නීතිපතිට යවලා සෑහෙන කල්..”

  1. Agamulana maraa says:

    Ohege kappam chodanaawata mokada une?

    • kamalasirikuruwita says:

      රු .1600/= කොමෙන්ට් ගැන පවු කියල හිතෙනවා අප්ප !!!!!

  2. kamalasirikuruwita says:

    මයිත්‍රීටත් කවදා හරි පොහොට්ටුවේ පිහිටම තමයි . මොකද රනිල් වටෙන් වටෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තමන්ගේ යටතට අරන් ඉවරයි. එකේ ඉන්න ඉස්ගෙඩියන්ට එක තේරෙන්නේ නැහැ බලෙන් මත්වෙලා නිසා.

Main News